වතු කම්කරු දෛනික වැටුප වැඩි කිරිමට රජය ගත් තීන්දුව ජනාධිපතිවරණයේ ඡන්ද ලබා ගැනීමට ඇටවු උගුලක් බව විපක්ෂ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.

පිවිතුරු හෙළ උරුමයේ නායකය උදය ගම්මන්පිල මැයි 06 වැනිදා පැවැත්වු මාධ්‍ය හමුවක දී කියා සිටියේ 70%කින් වතු කම්කරු වැටුප් වැඩි කරනු ලැබුවේ වතු හිමියන් සමග සාකච්ඡාවකින් තොරව බවයි.

“වැවිලි සමාගම් සමග කිසිම සාකච්ඡාවකින් තොරව ආණ්ඩුව එක පාරට රු1000/- තිබුණු කම්කරු වැටුප 1,700ට ඒ කියන්නේ 70%කින් වැඩි කලා. පසුගිය වසර දෙක තුල ඩොලරය රුපියල් 371 සිට රු 300 දක්වා 24%කින් අඩු වෙලා තිබෙනවා. ඩොලරය පහළ බහින කොට තේ රබර් පොල් ආදායම නිකන්ම 24%කින් අඩු වෙනවා. එතකොට තමන්ගේ ආදායම අඩු වෙලා වියදම් කලමනාකරණය පිළිබඳ වැවිලි සමාගම් අර්බූදයක ඉන්න අවස්ථාවක තමයි ඒ අයත් සමග කිසිම සාකච්ඡාවකින් තොරව මේ වැටුප් වැඩි කිරීම කලේ.”

මෙම තීරණයට එරෙහිව වතු හිමියන් අධිකරණයට යන බව දැනගෙනම ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන්  කළේය.

“අනිවාර්රයෙන් මේ වැටුප ගෙවන්න බෑ කියලා සමාගම් නඩු දානවා. නඩුව යන අතරේ “අපි වැටුප් වැඩි කලා, සමාගම් නඩු දැම්මා, නඩුව අවසන් වුණු වහාම මේ 70% වැටුප ඔබට ලැබෙනවා” කියමින් ජනපතිවරණයේ දී වතු කම්කරු දැවැන්ත ඡන්ද කුට්ටිය තමන්ගේ ගොඩට දා ගන්න අටවපු උගුලක් විතරයි මේ වැටුප් වැඩිවීම.” යැයි පිවිතුරු හෙළ උරුමයේ නායකය උදය ගම්මන්පිල පැවසීය.


මහබැංකුව අධික ලෙස අලාභ ලබද්දි දැවැන්ත වැටුප් වැඩිවීම


මහබැංකු සේවක වැටුප් වැඩි කිරිම සම්බන්ධව අදහස් දැක්වු මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව අධික ලෙස අලාභ ලබමින් තිබියදී එහි සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් ලබාගත් මහ බැංකු අධිපතිවරයා සහ පාලක මණ්ඩලය වහා ඉල්ලා අස්විය යුතු බවයි.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්.  2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්.  යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ ආයතනයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා.  ප්‍රසාද දීමනා නවත්වනවා.  වැටුප් වැඩි කිරීම් අත්හිටුවනවා.  ඒත් මහ බැංකුව ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි.”

“ජාතියට බොරු කිව්ව මහබැංකුවේ අධිපතිතුමත් පාලක මණ්ඩලයත් ඉල්ලා අස් විය යුතුයි” පිවිතුරු හෙළ උරුමයේ නායකය උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේය.


 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්