කණ්ඩායම් 18කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන වෙළඳ සේවා ක්‍රිකට් ‘ඊ’ කොටසේ ඕවර 25 ලීග් තරගාවලිය ක්‍රීඩාංගණ අටක දැන් ක්‍රීඩා කෙරෙනවා.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය හා ඩේවිඩ් පීරිස් සමූහ ආයතනය ඒකාබද්ධව මෙහෙයවන මේ තරගාවලිය ‘ඩේවිඩ් පීරිස් සමූහ ආයතන’ අභියෝග කුසලානය වෙනුවෙන් මෙවර පැවැත්වෙන්නේ 21 වැනි වරට.

සණස ජීවිත රක්ෂණ ආයතනය මෙවර තරග බිමේ සිටින අලුත් ම කණ්ඩායම.

කණ්ඩායම් 18 කොටස් තුනකට බෙදා තිබෙන්නේ මේ ආකාරයෙන්: 

# ‘ඒ’ කොටස - Emar Pharma, John Keels ‘B’, Slim Pharmaceuticals, Amana Takaful, Brandix Essentials ‘A’, Expo Lanka Freight.
# ‘බී’ කොටස - HSBC, Abans, PABC, George Steuart Health, LOLC ‘B’, Teejay Lanka.
# ‘සී’ කොටස - Commercial Credit & Finance, Ceylinco Insurance, MAS Silueta, Sanasa Life Insurance, Akbar Brothers, Janashakthi Insurance.

තරග 45කින් සමන්විත තරගාවලියේ මූලික වටයේ තරග ලබන වසරේ ජනවාරි 14 වැනිදා දක්වා වෙළඳ සේවා ක්‍රිකට් සංගමය, සාන්ත ජෝසප් විදුහල, ඩී.එස්.සේනානායක විදුහල, පන්නිපිටිය ධර්මපාල, රත්මලාන එන්.එස්.සී.ඒ., කඳාන ඩි මැසනඩ් විදුහල, රාජකීය විදුහල හා මොරටුව වේල්ස් කුමර විදුහල යන ක්‍රීඩාංගණවල පැවැත්වීමටයි නියමිත.

mc 100

තරගාවලියේ ලීග් අදියරෙන් පසුව පිළිමළුන් පිටුදැකීමේ වටය පැවැත්වෙන්නේ තරග හතකින්. අර්ධ අවසන් පූර්ව තරග ජනවාරි 20 වැනිදාත්, අවසන් පූර්ව තරග ජනවාරි 27 වැනිදාත්, අවසාන මහා තරගය පෙබරවාරි 3 වැනිදාත් වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

පසුගිය වසරේ පැවති අවසාන තරගයේදී හේලීස් ‘බී’ කණ්ඩායම ලකුණු 3කින් ස්ටැෆර්ඩ් මෝටර් ආයතනය පරාජය කළා.

අවසාන මහා තරගය දක්වා සියළුම තරග පැවැත්වෙන්නේ පාකිස්තාන GOC ලීග් රතු පන්දුවෙන්.

mc e
තරගාවලියේ හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා සහ අවසාන තරගයේ වීරයා ට විශේෂ තිළිණ ප්‍රදානය කරන බව සංවිධායකයින් ප්‍රකාශ කරනවා.

මේ සියළු කරුණු අනාවරණය වුනේ MCA Legends ගොඩනැගිල්ලේ පැවති නිල අනුග්‍රාහකත්වය පිරිනැමීමේ උත්සවයේදී. එහිදී අනුග්‍රාහක ඩේවිඩ් පීරිස් සමූහ ආයතනය එහි අධ්‍යක්ෂවරුන් වන නාලක මඩුගල්ල, රොමානි පරාක්‍රම, අජන්ත ප්‍රේමසිරි, සමන්ත සිල්වා යන මහත්ම මහත්මීන් විසින් ද, වෙළඳ සේවා ක්‍රිකට් සංගමය එහි සභාපති මහේෂ් ද අල්විස්, අනුග්‍රාහක කමිටුවේ සභාපති හසිත දසනායක සහ තරගාවලි හා අනුග්‍රාහක කමිටුවේ ලේකම් කේ.ඩී.එස්.කනිෂ්ක යන මහත්වරුන් විසින් ද නියෝජනය කෙරුණා.



සටහන :

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්