නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ටෙස්ට්, එක්දින සහ 20යි 20 කණ්ඩායම්

සඳහා නව නායකයන් තිදෙනකු පත් කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් ටෙස්ට් නායක්තවය දරන දිමුත් කරුණාරත්න වෙනුවට එම නායකත්වයට ධනංජය ද සිල්වා පත් කිරීමට අවධානය යොමු කර තිබෙන අතර එහි උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පන්දුවාර 50  එක්දින නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත්කිරීමට නියමිත අතර උප නායකයා ලෙස චරිත් අසලංක ලබා දිමට නියමිත බවද පැවසේ.

20යි 20 නායකත්වය වනිඳුට

එමෙන්ම, 20 යි 20 නායකත්වය වනිඳු හසරංගට ලබා දිමට තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තාවේ.

මීට පෙර එක්දින සහ 20යි 20 කණ්ඩායම් දෙකේම නායකත්වය දැරුවේ දසුන් ශානකයි. ඔහු පැවති තරඟාවලි කිහිපයකම දිගින් දිගටම අසාර්ථක විම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.

මේ පිළිබඳ අවසන් තිරණයක් ගැනිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හෙට දිනයේ රැස්විමට නියමිතය.

(nethnews.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්