ශ්‍රී ලංකා එක්දින පිලේ කායකයා ලෙස ජ්‍යෙෂ්ඨ පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 පිලේ නායකයා ලෙස

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද, පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

උපුල් තරංග ගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද පස්වරුවේ රැස්වී එම තීරණයට එළඹි බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට එම තිරණය යොමු කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ටෙස්ට් තරගාවලියක් මෑතකදී නොමැතිවීම නිසා ටෙස්ට් කණ්ඩායමේ නායකයා පත්කිරීම පසුව කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

හරීන් ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

czxgrst
ක්‍රිකට් නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර තැනකට ඔසවා තැබීමට හැකි වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග ක්‍රීඩා අමාත්‍යවරයා කළ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මෙන්ම නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෝ එම සාකච්ඡාවට සහභාගී වූහ.

හරීන්  ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී පැවසූයේ ජනාධිපතිවරයා ටිකෙන් ටික රට ඉහළට ඔසවන අයුරින් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගැනීම තම අරමුණ බවයි.

(lankadeepa.lk)

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්