ඉන්දියාව ට එ‌රෙහිව පැවති 2023 ICC ලෝක කුසලාන අවසාන තරගයේ වීරයා බවට පත්වූ

ඔස්ට්‍රේලියානු ලෝක ශූර කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් ඊයේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දියා රුපියල් කෝටි 6.80ක මුදලකට අලෙවි වුනා.

මෙතරම් වටිනාකමක් ලැබුනු මේ ක්‍රීඩකයා සහ පවුල මීට මාසයකට පෙර ඉන්දියාවේ ම සමාජ මාධ්‍යවල නින්දිත අපහාසයන්ට ලක්වූ අයුරු මේ අවස්ථාවේදී කෙනෙකුගේ මතකයට ඒම වළක්වන්න බැහැ.

Travis Head
සත්කාරක ඉන්දියාව කඩුලු හයකින් පරාජය කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ට උපකාරී වෙමින් ට්‍රැවිස් හෙඩ් පසුගිය නොවැම්බර් 19 වැනිදා ලකුණු 137ක් වාර්තා කළ අවස්ථාවේදී සමාජ මාධ්‍යයේ අද්භූත පුද්ගලයින් ඔවුන්ගේ අශෝභන මුහුණු ඉහළට ඔසවන්න පටන් ගත්තා.

ඔස්ට්‍රේලියානු පිතිකරුවාගේ බිරිඳ ජෙසිකා සහ ඔවුන්ගේ අවුරුද්දක් වයසැති දියණිය මිලා සමාජ මාධ්‍යවල නින්දිත විවේචනවල පහසු ඉලක්කයක් බවට පත්වුනේ අහමදාබාද්හිදී කැන්ගරුවන්ගේ සතුට සැමරීමේදී ගුවනට නැගුනු දූවිලි යළි පොලවේ තැන්පත් වීමටත් කළින්. සයිබර් අවකාශයේ ශිෂ්ට බවේ සීමාවන් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ද මේ සමග මතු වුනා.

මේ වසරේ ජූනි මාසයේ පැවති ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසාන තරගයේදී ට්‍රැවිස් ශතකයක් ලබා ගනිමින් තරගය ඉන්දියානුවන්ගෙන් උදුරා ගත් අවස්ථාවේදීත් ඔහුගේ බිරිඳ මෙවැනි ම සිදුවීමකට මුහුණ දුන්නා.

“මම ඒවා ගණන් නොගෙන ඉන්නවා. මම සෑම විවේචනයක් ම කියවනවා. නමුත් සෘණාත්මක ප්‍රකාශ වහාම අවුරන පෙරනයක් මට තියෙනවා. ඒ නිසා මම ඒවා දකින්නෙවත් නැහැ” යනුවෙන් ජෙසිකා පවසනවා.

dfe44
ඔවුන්ගේ සිඟිති දියණිය මිලා ට පවා මේ වෛරී අපහාසවලින් ගැළවීමක් තිබුනේ නැහැ.

නොයෙකුත් නම් කියමින් අපහාස කරන අයට මේ දරුවා එක වතාවක් හෝ මුණගැසෙන්න වාසනාවක් තිබුනා නම් ඔවුන්ට මෙවැනි දේ කිරීම පහසු නොවනු ඇති බව ජෙසිකා කියනවා.

“මිලා ට තියෙන්නේ හරි ම ලස්සන ගතිගුණ. එයා හරිම සමාජශීලීයි. හරිම ආදරණීයයි. අපට අපහාස කරන අය ඇයව මුණගැසෙන්න තරම් වාසනාවන්ත නැහැ. මොකද, ඔවුන් එයාව හමුවුනා නම් එයා ගැන නරක දේවල් කියන්න ඔවුන්ට හිතෙන්නේ නැහැ. ඇය ඔවුන්ව අත් දෙකෙන් ම සාදරයෙන් පිළිගනීවි. එවිට ඒ කරුණාවන්තකමෙන් ඔවුන්ගේ හදවත් උණුවෙලා යාවි.”

ට්‍රැවිස් හෙඩ්ගේ වෘත්තීය කැපකිරීම නිසා ඔහුට පවුලෙන් ඈත්ව සිටීමට සිදුවුනත්, මෙවැනි අසීරු අවස්ථාවන්වල ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙන බව ජෙසිකා කියනවා.


“සමහර වෙලාවට තත්ත්වය අමාරු වෙනවා. ට්‍රැවිස් පාටිවලට, විවාහ උත්සවවලට හෝ උපන්දින සාදවලට එන්නේ නැති නිසා බොහෝ වෙලාවට මම ඒවාට යන්නේ තනියම. මෙය ක්‍රිකට් ක්‍රීඩා කරන කෙනෙකු සමග ජීවත් වන විට බලාපොරොත්තු විය යුතු නැගීම් හා බැසීම් කියා මා හිතනවා. නමුත් ට්‍රැවිස් කියන්නේ ඉතාමත් සහයෝගයක් ලබා දෙන සහකරුවෙක්. ඔහු අවුරුද්දේ වැඩි කාලයක් සංචාරයේ යෙදී සිටියත්, ඔහුගේ පවුල හොඳින් ඉන්නවාද කියලා එයා හැමවිටම සොයා බලනවා.”


සියළු මිනිසුන් එක සමාන මානසිකත්වයක සිටින අය නොවන බව ජෙසිකා වටහා ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ලෝක කුසලාන තරගාවලිය පුරා ම සංචාරය කිරීමෙන් පසුව. කෙසේ වෙතත් මේ මඳ වෙනස්වීම හැරුනු විට, ඇගේ පළමු ඉන්දියා ගමන අපූරු එකක් බව ඇය පිළිගන්නවා.


“මිනිසුන්ගෙන් සියයට 99.99ක් ම බොහෝ උදව් දෙන හා කරුණාවන්ත අය බව මම දන්නවා. අපිට අපහාස කරන අද්භූත පුද්ගලයන් වෙනුවෙන් මම මගේ ශක්තිය නාස්ති කර නැහැ. ඉන්දියාව ඉතාමත් චමත්කාර රටක්. එහි සංස්කෘතිය හා ජනතාව හරිම ලස්සනයි. බබාලා කෙරෙහි ඉන්දියානු ජනතාව දක්වන්නේ ලොකු ආදරයක්. මිලාව සාදරයෙන් පිළිගත්ත හැටි මම සිහිපත් කරන්නේ ඉතාමත් ආශාවෙන්.  මම කල්කටාවේ පැය හතරක් සංචාරය කළා. ඔස්ට්‍රේලියාව හා සසඳන විට එහි තිබෙන වෙනස් වූ ජීවිතයට මම ආසයි. එය කාර්යබහුල සහ අලංකාර විචිත්‍රවත් නගරයක්. වීදිවල හැම තැනක්ම සංගීතයෙන් පිරිලා. මම ඒකට හරි කැමතියි. මුම්බායිත් හරිම විස්මයජනකයි. එහි ආහාර ඉතාම රසවත්.”

travis jsdf

නරේන්ද්‍ර සිං මෝඩි ක්‍රීඩාංගණයේදී දස දහස් සංඛ්‍යාත ඉන්දීය පාක්ෂිකයන් නිහඬ කරවමින් ට්‍රැවිස් ඔහුගේ පිත්ත එසවූ මොහොත හෙඩ් පවුලට හැඟීම්බර අවස්ථාවක්.

අසහනයට පත් පුද්ගලයින් විසින් තරග බිමේ නරක දවසකින් පසුව ක්‍රීඩකයින් හා ඔවුන්ගේ පවුලේ අය ඉලක්ක කර ගැනීමේ ප්‍රවණතාව ක්‍රීඩා ලෝලී සමාජ මාධ්‍ය පදනමට එක් කරන්නේ කළු පැල්ලමක්.

සමහර අවස්ථාවලදී, ප්‍රතිපත්ති රහිත පුද්ගලයින් ද මාර්ග ගත (online) වේදිකාවන්හි නිර්නාමික මුහුණු ආවරණය පසුපස සිටිමින්, කැපී පෙනෙන ක්‍රියාවක් සිදුකරන ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගේ පෞද්ගලික ජීවිත ඉලක්ක කර ගැනීමට මාන බලනවා. ඒ නින්දිත ප්‍රහාරවලින් ‌බොහොමයකට ක්‍රීඩා පිටියේ කිසිම සම්බන්ධයක් නැහැ.


koli anushka
ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ලකුණු ලබා ගැනීමට අසමත් වන සෑම අවස්ථාවකදීම මේ ඩිජිටල් ප්‍රකෝප කරන්නන් විසින් ඔහුගේ බිරිඳ වන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂාමා ට අවමන් කර තිබෙනවා. 2023 ඉන්දියා ප්‍රිමිය ලීගය අතරතුර ෂුබ්මාන් ගිල් ගේ සොයුරිය වන ෂානීල් ට මාර්ග ගතව පරිභව කෙරුනේ ‘ගුජරාට් ටයිටන්ස්’ පිතිකරුවා ශතකයක් ලබා ගනිමින් ‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’ කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කිරීම නිසා.


මෙවැනි උදාහරණවලට අවසානයක් නැහැ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්