ජාතික බේස්බෝල් ශූරතාවලියේ තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අවසන් පූර්ව හා අවසාන තරග හෙට සහ අනිද්දා දියගම ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී පැවැත්වෙනවා.


කණ්ඩායම් 19ක සහභාගිත්වයෙන් ජනවාරි 6 වැනිදා ඇරඹුනු ජාතික ශූරතාවලියේ අවසන් පූර්ව තරග හෙට (20) පැවැත්වීමෙන් පසුව අවසාන මහා තරගය අනිද්දා (21) ආරම්භ වන්නේ පෙරවරු 10.30 ට.

පළමු අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙන්නේ ප්‍රබල ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බේස්බෝල් ක්‍රීඩා සමාජ කණ්ඩායම් අතර. මේ කණ්ඩායම් දෙක ම තරගාවලිය පුරා සුවිශේෂ දස්කම් ප්‍රදර්ශනය කර තිබෙනවා. 

baseball 4
ශ්‍රී ලංකා යුද හමුදාවේ බේස්බෝල් කණ්ඩායම හා රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජ කණ්ඩායම අතරයි හෙට දෙවැනි අවසන් පූර්ව තරගය. මේ කණ්ඩායම් දෙකත් ඔවුන්ගේ කළින් පැවති තරගවලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

2024 ජාතික බේස්බෝල් ශූරතාවලියේ අවසාන තරගය දක්වා වූ ගමනේදී මෙරට බේස්බෝල් ක්‍රීඩාවේ විශේෂ සහජ කුසලතාවන්, කණ්ඩායම් හැඟීම සහ බේස්බොල් ක්‍රීඩාවට තිබෙන දැඩි උද්යෝගයක් ප්‍රදර්ශනය වී තිබෙන බව ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සහකාර ලේකම් මාක් ෆොන්සේකා ප්‍රකාශ කරනවා.

baseball 1baseball 2
සටහන :

වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්