2024 ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී අවම වශයෙන් පදක්කම් දහයක්

දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය බලාපොරොත්තු වෙනවා.

මේ ශූරතාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට. ක්‍රීඩක ක්‍රීඩිකාවන් දොළහත් පහළොවත් අතර ප්‍රමාණයක් මේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන පවසනවා.

මේ ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවසන් තරග මාර්තු 1 සිට 3 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ආසියානු ශූරතාවලිය සඳහා ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලබා ගත හැක්කේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මෙහෙයවන මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් පමණයි. විදේශයකින් නම් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය හෝ ජවන හා පිටිය සංඛ්‍යාලේඛනඥයින්ගේ ජාත්‍යන්තර සංගමය පිළිගත් දක්ෂතා මත ද මීට සුදුසුකම් ලබා ගත හැකි බව ආයතනය නිවේදනය කරනවා.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුස්සන් තෝරා ගැනෙන ඉසව්:

පිරිමි -

මීටර් 100, 200, 400, 800, 1500, 3000, 5000, මීටර් 110 | කඩුලු පැනීම, මීටර් 400 කඩුලු පැනීම, මීටර් 3000 | 
බාධක දිවීම | උස පැනීම | රිටි පැනීම | දුර පැනීම | තුන් පිම්ම | යගුලිය දැමීම | කවපෙත්ත විසිකිරීම | මිටිය විසිකිරීම | හෙල්ල විසිකිරීම | දශප්‍රයාම | මීටර් 4x100 සහාය දිවීම | මීටර් 4x400 සහාය දිවීම.

කාන්තා -

මීටර් 100, 200, 400, 800, 1500, 3000, 5000, මීටර් 110 | කඩුලු පැනීම - මීටර් 400, කඩුලු පැනීම - මීටර් 3000 | 
බාධක දිවීම | උස පැනීම | රිටි පැනීම | දුර පැනීම | තුන් පිම්ම | යගුලිය දැමීම | කවපෙත්ත විසිකිරීම | මිටිය විසිකිරීම | හෙල්ල විසිකිරීම | හත්ප්‍රයාම | මීටර් 4x100 සහාය දිවීම | මීටර් 4x400 සහාය දිවීම.


මිශ්‍ර -

මීටර් 4x400 සහාය දිවීම.

මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ නව ශ්‍රී ලංකා යොවුන් වාර්තාවක් පිහිටුවා ඇති 2023 පොදුරාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී අඹගමුව මැදි විදුහලේ අයොමාන් අකලංක සහ එම ක්‍රීඩා උළෙලේ උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගත් දික්වැල්ල විජිත මැදි විදුහලේ නිලුපුල් පැහැසර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු අතර සිටින ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනෙක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන අප්‍රේල් මාසයේදී සත්කාරකත්වය දක්වන්නේ වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ 21 වැනි තරගාවලියට. මේ ශූරතාවලියේ ධජය ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සභාපති Dahlan Jaman Al Hamad අතින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති මේජ ජෙනරල් Dr. Mohammed Al Mur ලබා ගත්තේ පසුගිය වසරේ ජූනි 4 සිට 7 දක්වා දකුණු කොරියාවේ පැවති 20 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අතරතුර.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය හිමිකර ගැනීම ලෝක ක්‍රීඩාවේ බලවතෙක් බවට පත්වෙමින් සිටින අරාබි දේශය ඉදිරියට තැබූ තවත් දැවැන්ත පියවරක්.


සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්