සෞදි අරාබියේ වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ඔහුගේ පරම ප්‍රතිවාදියා වන ලිඔනල් මෙසීගේ නම කෑගසමින්

සරදම් කිරීමේ අවසානයක් පෙනෙන්නට නැහැ.

අල්-අයින් කණ්ඩාමට එරෙහිව ගෝල් 1-0ක පරාජයක් අල්-නසර් කණ්ඩායම ලැබූ සඳුදා රාත්‍රී තරගයේදීත් ක්‍රීඩා ලෝලීන් නැවත වතාවක් මෙසීගේ නම සඳහන් කර ඇනුම් පද කියමින් රොනාල්ඩෝ ට විහිළු කළා.

 

මෙසීගේ නම මතුරමින් රොනාල්ඩෝ විහිළුවට ලක්කළ ක්‍රීඩා ලෝලීන් ට අසභ්‍ය අයුරින් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සෞදි වෘත්තීය පාපන්දු බළධාරීන් විසින් ඔහුට තරග තහනමක් හා දඩයක් පැනවූයේ පසුගිය සතියේදී. 

 

0 Al Shabab v Al Nassr Saudi Pro League

 

AFC චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව තරගයේදී රොනාල්ඩෝ යළිත් වතාවක් මේ තත්ත්වයට බඳුන් වීමෙන් හැඟී යන්නේ රොනාල්ඩෝ ට මෙසීගේ නම කියමින් විහිළු කිරීම ක්‍රීඩා ලෝලීන් නතර නොකරණ බව.

තරගයේ පළමු භාගය අවසානයේ අල්-නසර් සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ පිටියෙන් පිටතට යද්දී සෙනඟ ‘මෙසී, මෙසී’ කියමින් ඔහුට සරදම් කළා.

 

WhatsApp Image 2024 03 06 at 12.55.52
මෙයින් රොනාල්ඩෝ ඉමහත් කලකිරීමට පත්ව සිටි අයුරු X සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවක දැක්වෙනවා.

 



තරගයේ සම්පූර්ණ මිනිත්තු 90 ම ක්‍රීඩා කළ ද අවසානයේ රොනාල්ඩෝ සිටියේ පරාජිත පිලේ.


  සටහන :
 (වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


සබැඳි පුවත් :

දඩ මුදල උපයන්න රොනාල්ඩෝට ගත වෙන්නේ මිනිත්තු 19යි

සෞදියේ රොනාල්ඩෝගේ අශෝභන හැසිරීමට දඬුවම් ලැබේවි ද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image