The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කිලෝග්‍රෑම් 270 බරක් ගෙල මත වැටීමෙන් සවි එසවීමේ 17 හැවිරිදි ක්‍රීඩිකාව මිය යයි

T

The Leader Desk

February 20, 2025 • 8:23 AM

කිලෝග්‍රෑම් 270 බරක් ගෙල මත වැටීමෙන් සවි එසවීමේ 17 හැවිරිදි ක්‍රීඩිකාව මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුහුණු වෙමින් සිටියදී මෙසේ මියගොස් තිබෙන්නේ ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ බිකනර් දිස්ත්‍රික්කයේ 17 හැවිරිදි යශ්ටිකා ආචර්යා (Yashtika Acharya) නමැති සවි එසවීමේ ක්‍රීඩිකාව.
  • ජිම්නේසියමේ අඟහරුවාදා පුහුණු වෙමින් සිටියදී සවි එසවීමට යොදා ගත් කිලෝග්‍රෑම් 270ක් බර උපකරණයේ හරස් දණ්ඩ ඇගේ ගෙල මතට වැටීමෙන් මේ ළාබාල ක්‍රීඩිකාව මියගොස් තිබෙනවා.
  • අනතුර සිදුවූ වහාම ක්‍රීඩිකාව රෝහලට රැගෙන ගොස් තිබෙන අතර ඇය මිය ගොස් ඇතැයි වෛද්‍යවරු එහිදී පවසා තිබෙනවා.
  • මරණ පරීක්ෂණයෙන් පසුව ඇයගේ දේහය පවුලේ අයට බදාදා බාර දී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පුහුණු වෙමින් සිටියදී මෙසේ මියගොස් තිබෙන්නේ ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ බිකනර් දිස්ත්‍රික්කයේ 17 හැවිරිදි යශ්ටිකා ආචර්යා (Yashtika Acharya) නමැති සවි එසවීමේ ක්‍රීඩිකාව. ඇය ඉන්දියා කණිෂ්ඨ ජාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභිනියක්.

ජිම්නේසියමේ අඟහරුවාදා පුහුණු වෙමින් සිටියදී සවි එසවීමට යොදා ගත් කිලෝග්‍රෑම් 270ක් බර උපකරණයේ හරස් දණ්ඩ ඇගේ ගෙල මතට වැටීමෙන් මේ ළාබාල ක්‍රීඩිකාව මියගොස් තිබෙනවා.

wlu

 

අනතුර සිදුවූ වහාම ක්‍රීඩිකාව රෝහලට රැගෙන ගොස් තිබෙන අතර ඇය මිය ගොස් ඇතැයි වෛද්‍යවරු එහිදී පවසා තිබෙනවා.

අනතුර සිදුවී තිබෙන්නේ ජිම්නේසියමේදී ඇගේ පුහුණුකරු ආචර්යා ට බර එසවීම සිදු කරමින් සිටියදී. මෙහිදී පුහුණුකරු ද සුළු තුවාල ලබා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආචර්යාගේ පවුලේ අය කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කර නැහැ. මරණ පරීක්ෂණයෙන් පසුව ඇයගේ දේහය පවුලේ අයට බදාදා බාර දී තිබෙනවා.

 

yash6

යශ්ටිකා ආචර්යා ඇගේ කෙටි ක්‍රීඩා දිවිය තුළ බොහෝ ජයග්‍රහණ ලබා තිබෙනවා. ඇගේ මරණය නිසා ක්‍රීඩා ප්‍රජාව තුළ දැඩි ශෝකයක් හටගෙන තිබෙනවා. අනතුර සිදුවූ මොහොතේ වීඩියෝවක් X සමාජ මාධ්‍යයේ පළකර තිබෙනවා.

සවි එසවීම ඔලිම්පික් ක්‍රීඩාවක් නෙවෙයි.

අසාමානය වූවද, ක්‍රීඩාවේදී මාරක අනතුරු අතීතයේදීත් සිදුව තිබෙනවා. ක්‍රිකට් තරග බිමේදී, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ෂෙෆීල්ඩ් පලිහ තරගයකදී ෂෝන් ඇබට්ගේ බවුන්සර් පන්දුවක් වැදීමෙන් ඔස්ට්‍රේලියානු පිතිකරු ෆිලිප් හියුස් 2014 වසරේ මිය ගියා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...