The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක රග්බි වේදිකාවේ ත්‍රාසජනක අවසන් ජවනිකාව හෙට (28)

T

The Leader Desk

October 27, 2023 • 10:56 AM

ලෝක රග්බි වේදිකාවේ ත්‍රාසජනක අවසන් ජවනිකාව හෙට (28)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිසියේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන රග්බි තරගාවලිය ප්‍රබෝධමත් උච්චම අවස්ථාවට පැමිණෙමින් නවසිලන්තය හා දකුණු අප්‍රිකාව හෙට (සෙනසුරාදා) අවසාන මහා තරගයට පිවිසෙන්නේ රග්බි ලෝක කුසලානය සිවුවැනි වතාවට දිනා ගත් ප්‍රථම රට බවට පත්වීමේ ඒකායන අරමුණෙන්.
  • දෙපිල මීට පෙර අවසාන තරගයක හමුවූයේ 1995 වසරේ.
  • මේ රටවල් දෙක ට කතාන්දරවලට සම්බන්ධ දීර්ඝ රග්බි ඉතිහාසයක් හා ප්‍රතිවාදිත්වයක් තිබෙන අතර හෙට ලියවෙනු ඇත්තේ ඒ කතාන්දර පොතේ තවත් පරිච්ඡේදයක්.
  • ජොහැන්නස්බර්ග් හි පැවති 1995 අවසාන තරගය ට නවසිලන්තය පිවිසියේ ලෝක පූජිත ‘වින්ග්-ත්‍රී’ ක්‍රීඩක ජොනා ලොමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ට එරෙහිව ලබා ගත් ට්‍රයි දිනුම් හතර ට ස්තූතිවන්තවන්නට.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශූරතා තුන බැගින් දිනා ගෙන ලෝක කුසලාන රග්බි තරග බිමේ වඩාත්ම සාර්ථක කණ්ඩායම් දෙක බවට පත්ව සිටින නවසිලන්තයේ ‘ඕල්බ්ලැක්ස්’ සහ දකුණු අප්‍රිකාවේ ‘ස්ප්‍රිංබොක්ස්’ යන මේ කණ්ඩායම් දෙකෙන් එකක් හෙට සිවුවැනි රග්බි ලෝක කුසලානයක් දිනා ගනු ඇත්තේ වාර්තාගත අයුරින්.

තමන් සතු ලෝක කුසලානය රැක ගත් පළමු කණ්ඩායම ලෙසින් නවසිලන්තය 2015 වසරේදී ඉතිහාසයට එක්වූ අතර වර්තමාන ලෝක ශූරයින් වන දකුණු අප්‍රිකාව හෙට තරගයෙන් ජයග්‍රහණය ලැබුවොත් ඔවුන්ටද නවසිලන්තය සමග ඒ හපන්කමට එක්වීමට හැකි වනවා. 

 131502011 gettyimages 1638637465

මීට අමතරව දකුණු අප්‍රිකාව හෙට තරගය ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන් ලෝක රග්බි කුසලානය පිට පිට දිනා ගත් නවසිලන්තය සමග එක් වන ලොව අනෙක් එකම කණ්ඩායම බවට පත්වෙනවා.

දකුණු අප්‍රිකාව සහ නවසිලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසාන මහා තරගයකදී හෙට මුණගැසෙන්නේ දෙවැනි වතාවට. දෙපිල මීට පෙර අවසාන තරගයක හමුවූයේ 1995 වසරේ.

මේ රටවල් දෙක ට කතාන්දරවලට සම්බන්ධ දීර්ඝ රග්බි ඉතිහාසයක් හා ප්‍රතිවාදිත්වයක් තිබෙන අතර හෙට ලියවෙනු ඇත්තේ ඒ කතාන්දර පොතේ තවත් පරිච්ඡේදයක්.

නවසිලන්තය සහ දකුණු අප්‍රිකාව යනු සීමාවකින් දෙපස සිටින ආකාරයේ සමාජයන් දෙකක්. එකක් ලෝකයේ අනෙක් පැත්තේ පිහිටි ඉතා කුඩා දූපත් පොකුරක් වන අතර අනෙක අප්‍රිකාව කෙළවර තිබෙන පුංචි ස්ථානයක්.

ලෝක කුසලාන රග්බි තරගාවලියක දකුණු අප්‍රිකාවේ පළමු සහභාගිත්වය සිදුවන්නේ ඔවුන් සත්කාරක රට වශයෙන්ද සිටි 1995 වසරේදී. ඒ, ක්‍රීඩා තහනමක් හේතුවෙන් ඔවුන්ට මීට පෙර පැවති තරගාවලි දෙක ට සහභාගි වීමට නොහැකි වීමෙන් පසුව.



ජොහැන්නස්බර්ග් හි පැවති 1995 අවසාන තරගය ට නවසිලන්තය පිවිසියේ ලෝක පූජිත ‘වින්ග්-ත්‍රී’ ක්‍රීඩක ජොනා ලොමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ට එරෙහිව ලබා ගත් ට්‍රයි දිනුම් හතර ට ස්තූතිවන්තවන්නට.

ට්‍රයි දිනුම් කිසිවක් වාර්තා නොවුනු 1995 අවසාන තරගයේදී ලොව මෙතෙක් බිහිවූ දක්ෂතම ‘වින්ග්-ත්‍රී’ ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ජොනා ලොමු ඇතුළු නවසිලන්ත කණ්ඩායම ලකුණු 15-12කින් පරාජය කරමින් පළමු වතාවට ලෝක රග්බි කුසලානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනේ තරගයේ අතිරේක කාලයේ එල්ල කළ ‘ඩ්‍රොප්’ ගෝලයකින්. ඒ ජයග්‍රහණයෙන් ඉතිහාසගත වුනේ රග්බි ලෝක කුසලාන තරග බිමේ ‘ස්ප්‍රිංබොක්ස්’ කණ්ඩායමේ සිහින ආරම්භය. 

mandle a995

දකුණු අප්‍රිකාව ට ප්‍රජාතන්ත්‍රවාදය උදාවී ටික කලකට පසුව ලැබුනු මේ ජයග්‍රහණය රට එක්සත් කිරීමේ සංකේතයක් බවට පත්වුනා. දේශපාලන සිරකරුවෙකුව සිට දකුණු අප්‍රිකාවේ ජනාධිපති වූ නෙල්සන් මැන්ඩෙලා විසින් දකුණු අප්‍රිකානු රග්බි නායක ෆ්‍රොන්ස්වා ටියනා (Francois Pienaar) ට වෙබ් එලිස් (Web Ellis) ලෝක රග්බි කුසලානය පිරිනැමූ ඒ අවස්ථාව ලෝක ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම ප්‍රතිමාමය ප්‍රතිරූපයක් ලෙසින් සැලකෙනවා. ටියනාගේ අංක 6 ක්‍රීඩා කමිසයේ අනුරුවක් පැළඳ සිටි මැන්ඩෙලා, ටියනා කුසලානය ඉහළට ඔසවනවාත් සමග ම ගුවනට මුෂ්ටි පහරක් ගැසුවා.

මේ කණ්ඩායම් දෙක එදා සිට අද දක්වා ලෝක කුසලාන තරගාවලියේ සිවු වතාවක් මුණගැසී තිබෙන අතර මින් අවස්ථා තුනකදීම පෙරමුණට පැමිණියේ නවසිලන්තය යි. 1999 තරගාවලියේදී දකුණු අප්‍රිකාව ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේදී නවසිලන්තය පරාජය කළා.

නවසිලන්තය 2003 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 29-9කින් ස්ප්‍රිංබොක්ස් කණ්ඩායම පැරදවූ අතර 2015 තරගාවලියේදී පිට පිට සිය දෙවැනි ලෝක කුසලානය දිනා ගැනීමට ගිය ගමනේ අවසන් පූර්ව තරගයේදී ‘ඕල්බ්ලැක්ස්’ කණ්ඩායම ලකුණු 20-18කින් දකුණු අප්‍රිකාව පරාජය කළා. නවසිලන්තය නැවත වතාවක් දකුණු අප්‍රිකානුවන් අභිබවා ගියේ ජපානයේ පැවති 2019 පසුගිය ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයේදී. එහෙත් දකුණු අප්‍රිකාව ඒ පරාජය අහකට විසිකර දැමුවේ මූලික වටයේ තරගයකින් පරාජය වීමෙන් පසුව දිග ට ම තරග වැදී ලෝක කුසලානය දිනා ගත් පළමු රට බවට පත්වෙමින්. 

image bbf805d866

ලෝක කුසලාන රග්බි තරගාවලිය 1987 වසරේ ආරම්භ කිරීමෙන් පසුව මේ වටිනා කුසලානය හිමිකර ගෙන ඇත්තේ රටවල් හතරක් පමණ යි. ඒ රටවල් වන්නේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසිලන්තය සහ දකුණු අප්‍රිකාව යි.

ගෙවුණු සතිඅන්තයේ පැවති 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය අභිබවා ලකුණු 16-15ක සියුම් ජයක් ලබා ගැනීමෙන් පසුව දකුණු අප්‍රිකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ට පිවිස සිටිනවා. පළමු අවසන් පූර්ව තරගයේදී ආජන්ටිනාව ට එරෙහිව ලකුණු 44-6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළ නවසිලන්තය සිටින්නේ අංක 2 ස්ථානයේ.

මේ අනුව හෙට සිදුවන්නේ ලොව සිටින හොඳම රග්බි කණ්ඩායම් දෙක අතර උණුසුම් ගැටුමක්.

සියවසරකට පසුව ප්‍රථම වතාවට පැරිසියට අහිමි වන ප්‍රංශ සවාරියේ අවසානයසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...