මෙක්සිකෝව ගෝල් 2-0කින් ජයග්‍රහණ කළ මේ තරගයේදී දකුණු අප්‍රිකාවේ Yaya Sithole සහ Themba Zwane යන ක්‍රීඩකයින්ටත්, මෙක්සිකෝවේ Cesar Montes ක්‍රීඩකයාටත් රතු කාඩ්පත පෙන්වා පිටයෙන් ඉවත් කරනු ලැබුවා.
මීට පෙර රුසියාව හා කටාර් රාජ්‍යයේ පැවති 2018 හා 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හිදී එක් එක් තරගාවලියකින් වාර්තා වුනේ රතු කාඩ්පත් හතරක් බැගින් පමණයි. 2026 තරගාවලිය ආරම්භයේදීම ඒ ආසන්නයට පැමිණ තිබෙනවා.
මීට පෙර, එක් තරගයකදී ක්‍රීඩකයින් තිදෙනෙකු පිටියෙන් නෙරපා හැර දැන් වසර 20ක් ගතව තිබෙනවා. එය සිදුවුනේ 2006 ලෝක කුසලාන අවසාන තරගයේ. ඒ සමස්ත තරගාවලියේදී ක්‍රීඩකයින් 28ක් රතු කාඩ්පත් ලැබුවා.
අපූර්ව තරගාවලියක් වූ එහිදී, වෙන වෙනම තරග තුනකදී ක්‍රීඩකයින් තිදෙනෙකුට රතු කාඩ්පත් නිකුත් කෙරුනු අතර පෘතුගාලය හා නෙදර්ලන්තය අතර පැවති ‘අවසාන කණ්ඩායම් 16 දෙනාගේ වටයේ’ තරගයේදී එදා මෙදා තුර වාර්තාව වන රතු කාඩ්පත් හතරක් නිකුත් කෙරුණා.
අලුත විවාහ වූ යුවලක් වෙත විසිකරන කුඩා කඩදාසි කැබැලි ආදිය තරමට ක්‍රීඩකයින්ට රතු කාඩ්පත්වලින් දමා ගැසූ තරගාවලියක් බවට මෙවර ලෝක කුසලානය ඉතිහාසගත වේවිද?
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




