The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

රටවල් 35කින් තරගකරුවන් 1200කට වැඩි පිරිසක්: හය වසරක නිහැඬියාවකින් පසුව ‘කොළඹ මැරතන්’ ජාත්‍යන්තර තරගය ඉරිදා (05) මීගමුවට

T

The Leader Desk

October 4, 2025 • 3:57 PM

රටවල් 35කින් තරගකරුවන් 1200කට වැඩි පිරිසක්: හය වසරක නිහැඬියාවකින් පසුව ‘කොළඹ මැරතන්’ ජාත්‍යන්තර තරගය ඉරිදා (05) මීගමුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | තරගකරුවන් ලියාපදිංචි කිරීම
  • තිලක් වීරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලංකා ස්පොට්රයිසන් ආයතනය මෙවර තරගය සංවිධානය කරන්නේ 19 වැනි වතාවට.
  • කොළඹ මැරතන් තරගය අවසන් වතාවට ධාවනය වුනේ 2018 වසරේ.
  • වසර ගණනාවකට පසුවත් මේ මැරතන් තරගයේ ජනප්‍රියතාව තවමත් අඩු නොවී පවතින බව ප්‍රදර්ශනය වෙමින් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 35කින් තරගකරුවන් හා තරගකාරියන් 1200කට වැඩි පිරිසක් මෙවර තරගයට ඉදිරිපත්ව සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වසරේ සෑම ඔක්තෝබර් මාසයක ම පළමු ඉරු දිනයේ නොවරදවාම ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර මැරතන් ඉසව්ව වන ‘කොළඹ මැරතන් තරගය’ – Colombo Marathon - වසර හයක නිහැඬියාවකින් පසුව නැවත වරක් හෙට ඉරිදා පැවැත්වෙනවා.

තිලක් වීරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලංකා ස්පොට්රයිසන් ආයතනය මෙවර තරගය සංවිධානය කරන්නේ 19 වැනි වතාවට. කොළඹ මැරතන් තරගය අවසන් වතාවට ධාවනය වුනේ 2018 වසරේ.

වසර ගණනාවකට පසුවත් මේ මැරතන් තරගයේ ජනප්‍රියතාව තවමත් අඩු නොවී පවතින බව ප්‍රදර්ශනය වෙමින් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 35කින් තරගකරුවන් හා තරගකාරියන් 1200කට වැඩි පිරිසක් මෙවර තරගයට ඉදිරිපත්ව සිටිනවා.

තරගයට සහභාගි වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 1011ක්. ජපානයෙන් 22ක් ද, ඉන්දියාවෙන් 21ක් ද, තායිලන්තයෙන් 18ක් ද, කෙන්යාව හා අමෙරිකාවෙන් 14 බැගින් ද, ජර්මනිය හා එංගලන්තයෙන් 12 බැගින් ද, චීනයෙන් 11ක් ද, ඉන්දුනීසියාව හා පිලිපීනයෙන් 9 බැගින් ද, ප්‍රංශයෙන් 8ක් ද, මැලේසියාවෙන් 5ක් ද, බංග්ලාදේශය හා රුසියාවෙන් 4 බැගින් ද, ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රියාව හා පෝලන්තයෙන් 3 බැගින් ද, කැනඩාව කොරියාව පාකිස්තානය වියට්නාමයෙන් 2 බැගින් ද මේ ඉසව්වට සහභාගි වන අතර ආමේනියාව, බෙල්ජියම, කාම්බෝජියාව, ඩෙන්මාර්කය, ඊශ්‍රායලය, ලෙබනනය, ලිතුවේනියාව, මාල දිවයින, නේපාලය, නෙදර්ලන්තය, නෝවේ, දකුණු අප්‍රිකාව හා යුක්රේනය යන රටවලින් එක් අයෙකු බැගින් ද තරගයට ඉදිරිපත්ව සිටිනවා.

පිරිමි හා කාන්තා පූර්ණ මැරතන් (සහභාගිත්වය 129), අර්ධ මැරතන් (287), පූර්ණ මැරතන් ප්‍රවීණ (6), අර්ධ මැරතන් ප්‍රවීණ (22), කිලෝමීටර් 10 විනෝද දිවීම (298) සහ කිලෝමීටර් 5 විනෝද දිවීම (462) වශයෙන් පැවැත්වෙන තරග සියල්ල ඔක්තෝබර් 5 වැනි දින එනම් හෙට හරියටම පෙරවරු 6.00 ට ආරම්භ වන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) අසලින්.

මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් වන පූර්ණ මැරතන් තරගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 42.195ක්. කිලෝ මීටර් 21.097ක් දුරැති අර්ධ මැරතන් තරගය අවසන් වන්නේ පමුණුගම ප්‍රදේශයෙන්. කිලෝමීටර් 10 තරගය පහළ හේකිත්ත මාර්ගයෙන් ද, කිලෝමීටර් 5 තරගය ඔරුගොඩවත්ත මාර්ග ආලෝක සංඥාවෙන් ද අවසන් වීමටයි නියමිතව තිබෙන්නේ.

ටොරිංටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යංශ භූමියේදී අද (4) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරුනු ලියාපදිංචි කිරීම සහ වෛද්‍ය පරීක්ෂණවලට තරගකරුවන් සහභාගි වුනේ ඉතාමත් උද්යෝගයෙන්.

ghyer5656456

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...