The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

4 - 0ක ජයක් සොයා ලංකාව අද යේමනය සමග සටනට

T

The Leader Desk

October 17, 2023 • 5:56 AM

4 - 0ක ජයක් සොයා ලංකාව අද යේමනය සමග සටනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් හිමි කරගැනීමේ තරගාවලියේ මූලික අදියර යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන අදියර අද (17) කොළඹදී පැවැත්වීමට නියමිතය.
  • මූලික වටයේ පළමු තරගය පසුගිය 12දා ශ්‍රී ලංකාව සහ යේමනය අතර සවුදි අරාබි රාජ්‍යයේදී පැවැති අතර එම තරගය 3 - 0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට යේමනය සමත් විය.
  • ‘‘පළමු තරගයේ දී සිදුවූ අපේ අඩුපාඩු හදාගෙන මේ තරගය හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
  • මේ තරගයේදීත් අපේ අපේක්‍ෂාව ජයග්‍රහණය කිරීමයි.’’  අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම්කර සිටියේ නිකල්ස් හර්ෂ ප්‍රනාන්දුය.
අකුරු ප්‍රමාණය (Font Size):


මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම යේමනයට එරෙහිව තරග දෙකකදී තරග වදින අතර මෙහි දෙවන සහ අවසන් තරගය අද පස්වරු 3.00ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

මූලික වටයේ පළමු තරගය පසුගිය 12දා ශ්‍රී ලංකාව සහ යේමනය අතර සවුදි අරාබි රාජ්‍යයේදී පැවැති අතර එම තරගය 3 - 0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට යේමනය සමත් විය.

මේ හේතුවෙන්  ශ්‍රී ලංකාව 2026 ලෝක කුසලාන තරගාවලියේ නිර්දේෂිත තරග වට සඳහා මෙතැන් සිට ඉදිරියට යාමට නම් අද කොළඹ දී පැවැත්වෙන දෙරට අතර දෙවැනි තරගයේ දී අවම වශයෙන් යේමනය ගෝල 4-0 කින් පරාජයට පත් කිරීම අනිවාර්ය වේ. 

මේ හැරෙන්නට ශ්‍රී ලංකාවට ඒ සඳහා තවත් ඉතිරිව තිබෙන ආසන්නතම එකම විකල්පය වන්නේ අද තරගය අවම ගෝල 3-0 කට ජය ගැනීමයි. එහිදී තරග දෙකකින් සමන්විත දෙරට අතර මෙම තරගාවලිය සම වේ. මෙවැනි සමවන විටක දී ඊළඟ තරග වටයට මෙම දෙරටින් සුදුස්සා නිර්දේශ කර ගැනෙන්නේ දඬුවම් පහර ප්‍රදානය මගිනි. 

''පරදින්න බලාගෙන තරගයට යන්නේ නෑ'' 

 chariya 232

මාධ්‍ය හමුවට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ඇන්ඩි මොරිසන් හා නායක චරිත බණ්ඩාර රත්නායක...

 පරාජය වීමේ අපේක්‍ෂාවෙන් කිසිදු කණ්ඩායමක් තරගයකට සහභාගී නොවන බවත් අද (17) යේමනයට එරෙහිව පැවැත්වෙන තරගයේදීත් ශ්‍රී ලංකාවේ අපේක්‍ෂාව තරගය ජය ගැනීම පමණක්ම වන බවත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක චරිත බණ්ඩාර රත්නායක පාපන්දු නිවසේ දී ඊයේ (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී පැවැසීය. 

ලෝක කුසලාන පාපන්දු (2026) තරගාවලියේ ආසියානු කලාපීය නිර්දේශිත පළමු තරග වටය යටතේ අද පස්වරු 3.00  රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී සත්කාරක ශ්‍රී ලංකාව හා යේමනය අතර පැවැත්වෙන දෙවැනි තරගය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත බණ්ඩාර රත්නායක එසේ පැවසීය.

නායක චරිත රත්නායක ඊයේ මාධ්‍ය හමුවේ දී මෙසේ ද පැවසීය.


‘‘පළමු තරගයේ දී සිදුවූ අපේ අඩුපාඩු හදාගෙන මේ තරගය හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. පරදින්න බලාගෙන අපි කවුරුත් තරගවලට එන්නේ නෑ. මේ තරගයේදීත් අපේ අපේක්‍ෂාව ජයග්‍රහණය කිරීමයි.’’ 

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම්කර සිටියේ නිකල්ස් හර්ෂ ප්‍රනාන්දුය. එහෙත් අසනීප තත්වයක් මැද ඔහු වෙනුවට පළමු තරගයේ දී නායකයා ලෙස කටයුතු කළ චරිත බණ්ඩාර රත්නායක අද පැවැත්වෙන දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබේ. 

අද තරගය සඳහා ආරාධනා පත් හැරෙන්නට ප්‍රවේශ පත්‍ර සීමිත ප්‍රමාණයක් ද අලෙවි කෙරෙන අතර එහි ආදායම ජාතික ක්‍රීඩා අරමුදලට බැර කරන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් පැවසිය. 

මේ අතර අද තරගය පස්වරු 3.00 වන විට ආරම්භ වන අතර රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ විදුලි ආලෝක ධාරා පද්ධතියේ උද්ගතව පවතින දෝෂ හේතුවෙන් මෙසේ අඳුර වැටීමට පෙර තරගය පවත්වා අවසන් කිරීමට තරග සංවිධායකයෝ කටයුතු කර තිබේ.

 

ශ්‍රී ලංකා පුහුණුකරු ඇන්ඩි මොරිසන් පැවසුවේ, මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රාතිහාර්යයක් අපේක්‍ෂා කළ නොහැකි වුවත් පළමු තරගය හමුවේ වඩාත් හොඳින් හඳුනාගත් යේමන කණ්ඩායමට වෙනස් සැලැස්මක් යටතේ හොඳ සටනක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම අදිටනෙන් පසුවන බවයි. 

 

මාධ්‍ය හමුවට යේමන පාපන්දු කණ්ඩායමේ නායක හරෝන් අල් සුබයිඩි හා එහි ප්‍රධාන පුහුණුකරු හිරොස්ලොව් ද එක්ව සිටියහ. පළමු තරගය ජය ගැනීම තුළින් තමන් එක් කඩඉමක් පසුකර සිටින බවත් අද තරගයෙන් ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට උනන්දුවී සිටින බවත් එහිදී ඔවුන් පැවසූහ. 

අද තරගය පරාජයට පත්වුවහොත් 2026 ලෝක කුසලාන පාපන්දු තරග ශ්‍රී ලංකාවේ සහභාගීත්වය එයින්ම අවසන් වේ. 

23 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2026 ජුනි - ජූලි කාලසීමාවේ දී (දින තහවුරු කර නැත) ඇමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ සම සත්කාරයෙන් පැවැත්වේ. මෙතෙක් පැවැති ආකෘතිය වෙනස් කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටය සඳහා කණ්ඩායමේ සහභාගීත්වය 48ක් දක්වා ඉහළ නංවා තිබේ. මින් පෙර අවසන් වටයට සහභාගි කර ගත් කණ්ඩායම් ගණන 32 කට සීමා විය. 

කොළඹදී අද දෙපිල තරගවදින විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 202 වැනි ස්ථානයේත්, යේමනය 156 වැනි ස්ථානයේත් පසුවේ. 

වසර 2021 ජුනි මාසයේ සිට අද දක්වා ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග 14කදී ජයගෙන ඇත්තේ එකම (බංග්ලාදේශයට එරෙහිව) තරගයක් පමණි. තරග තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වී තිබේ. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...