The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රටවල් හතක් උසස් වීම් සොයා යන ‍ඩේවිස් කුසලාන ටෙනිස් ආසියා/ඔෂනියා 4 වැනි කොටසේ තරගාවලිය හෙට ඇරඹේ

T

The Leader Desk

July 21, 2026 • 10:34 AM

රටවල් හතක් උසස් වීම් සොයා යන ‍ඩේවිස් කුසලාන ටෙනිස් ආසියා/ඔෂනියා 4 වැනි කොටසේ තරගාවලිය හෙට ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටවල් හතක ටෙනිස් ක්‍රීඩාවේ මට්ටම ඉහළ පහළ යාම තීරණය වන 2026 ඩේවිස් කුසලාන ආසියා/ඔෂනියා 4 වැනි කොටසේ තරගාවලිය (Davis Cup Asia/Oceania Group IV 2026) ශ්‍රී ලංකා ටෙනිස් සංගම් (SLTA) පිටියේදී හෙට (22) ආරම්භ වනවා.
  • අප්නා පෙරේරා, තෙහාන් විජේමාන්න, ගනුක ප්‍රනාන්දු, සහා කපිලසේන යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර අතිරේක ක්‍රීඩකයා වන්නේ මිනෙත් නවරත්න.
  • මනා පළපුරුද්දක් තිබෙන සන්ඛ අතුකෝරල කණ්ඩායම පුහුණු කරන අතර ලක්ෂාන් විජේරත්න භෞත චිකිත්සක ලෙස කටයුතු කරනවා.
  • මේ තරගාවලිය අවසානයේ කණ්ඩායම් දෙකක් ඉහළ කොටසට උසස් වීමක් ලබනු ඇති අතර තවත් කණ්ඩායම් දෙකක් පහළ කොටස දක්වා පහතට වැටෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක ටෙනිස් ආයතනයේ (World Tennis) මඟ පෙන්වීමට අනුව ජූලි 22 සිට 25 දක්වා පැවැත්වෙන මේ තරගාවලිය ලොව පිරිමි ටෙනිස් ක්‍රීඩකයින් වෙනුවෙන් තිබෙන ප්‍රධානතම කණ්ඩායම් ඉසව්වයි.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන මෙවර තරගාවලියට සත්කාරක රට වන ශ්‍රී ලංකාව හා ඉරාකය, උතුරු මරියානා දූපත්, කටාර්, ටර්ක්මෙනිස්තානය, කිර්ගිස්තානය, හා කුවේට් යන රටවල් සහභාගි වනවා.

 

d 3

තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ තාරුණ්‍යය හා පළපුරුද්ද මිශ්‍ර වූ කණ්ඩායමක්. අප්නා පෙරේරා, තෙහාන් විජේමාන්න, ගනුක ප්‍රනාන්දු, සහා කපිලසේන යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර අතිරේක ක්‍රීඩකයා වන්නේ මිනෙත් නවරත්න. මනා පළපුරුද්දක් තිබෙන සන්ඛ අතුකෝරල කණ්ඩායම පුහුණු කරන අතර ලක්ෂාන් විජේරත්න භෞත චිකිත්සක ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වන්නේ රුක්මාල් කුරේ.

මේ තරගාවලිය අවසානයේ කණ්ඩායම් දෙකක් ඉහළ කොටසට උසස් වීමක් ලබනු ඇති අතර තවත් කණ්ඩායම් දෙකක් පහළ කොටස දක්වා පහතට වැටෙනවා. මෙවර තරගාවලියේදී කටාර් හා කුවේට් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ලොකුම අභියෝගය වනු ඇති බවටත් උතුරු මරියානා කණ්ඩායමේ සිටින එක් ක්‍රීඩකයෙක් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට සිදුවනු ඇති බවටත් මේ තරගාවලිය සම්බන්ධයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී සාකච්ඡා වුණා.

d 1
ඩේවිස් කුසලාන නිල පුහුණුවීම් ඊයේ සහ අද පැවැත්වුණා. කණ්ඩායම් නායකයින්ගේ රැස්වීම හා තරගාවලියේ කුසපත් ඇදීම අද (21) SLTA හිදී සිදු කිරීමට නියමිතව තිබූ අතර තරගාවලියේ සමාරම්භක උත්සවය ප්‍රධාන ටෙනිස් පිටියේදී හෙට පෙරවරු 9.30 ට පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා භාවිතා කෙරෙන්නේ විල්සන් අමෙරිකානු විවෘත (Wilson US Open) ටෙනිස් බෝල වන අතර විල්සන් ක්‍රීඩා භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා හවුල්කරු Trident Distributors තරගාවලියේ නිල බෝල සැපයුම්කරු ලෙස ඉදිරිපත්ව සිටිනවා. මීට අමතරව Trident Sports ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුම් පැලඳුම් නිල සහකරු ලෙස ද කටයුතු කරනවා.

කණ්ඩායම් නතර වී සිටින්නේ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ. මේ තරගාවලියේ නිල ආගන්තුක සත්කාරයේ සහකරු වන්නේ ද එම හෝටලය. නිල ආහාර හා බීම සහකරු වන්නේ Perera and Sons Bakers.

 

d 2

දිනිත් පතිරාජ මහතා තරගාවලියේ අධ්‍යක්ෂවරයා වන අතර ඔහුගේ සහායට සිටින්නේ එස්. තෙවනීසන් මහතා. තරගාවලියේ විනිසුරුවරයා වන්නේ චීනයේ Wan Xianling. ඔහුගේ නියෝජ්‍ය විනිසුරු වන්නේ ධාරක එල්ලාවල මහතා. ආසන විනිසුරුවන් හය දෙනෙකු මේ තරගාවලිය වෙනුවෙන් පත්කර තිබෙන අතර මෙයින් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන අන්ජන ද සිල්වා හා චමෝද් රූපස්සර.

ජෙයචන්දිරුන් සාරංගන් ප්‍රධාන විනිසුරුවරයා වන අතර අධීෂ පරණගම, ප්‍රගීත් පොල්ගම්පොල, පසිඳු සම්පත් හා යුමිර කුරුප්පු මේ තරගාවලිය සඳහා වන කාර්ය මණ්ඩලය සම්පූර්ණ කරනවා. තරගාවලිය සඳහා පත්කර තිබෙන UNO නිලධාරිනිය වන්නේ නිපුනි මහේෂිකා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...