The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පන්දු 43කින් ලකුණු 193ක නව T10 වාර්තාවක්

T

The Leader Desk

December 10, 2023 • 10:07 AM

පන්දු 43කින් ලකුණු 193ක නව T10 වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් වාර්තා පොතේ නව පිටුවක් පෙරලෙමින් ඉතා වේගවත් පිතිහරඹයක් ඕවර් දහයයි10 තරග බිමෙන් අසන්නට ලැබෙනවා.
  • මේ අතිවිශිෂ්ට පිතිහරඹය ප්‍රදර්ශනය වුනේ Catalunya Jaguar හා Sohal Hospitaltet කණ්ඩායම් අතර පැවති යුරෝපීය ක්‍රිකට් T10 තරගයක.
  • Catalunya Jaguar කණ්ඩායම ලකුණු 153කින් තරගය ජයග්‍රහණය කළා.
  •     හම්සා ලකුණු 193 ලබා ගත්තේ නොදැවී ක්‍රීඩා කරමින් නිසා ඔහුගේ මේ සුවිශේෂී පිතිකරණය වඩාත් වර්ණවත් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ, හම්සා සලීම් ඩා (Hamza Saleem Dar) පන්දු 43කට පමණක් මුහුණ දෙමින් ලකුණු 193ක් රැස් කිරීම.

මේ අතිවිශිෂ්ට පිතිහරඹය ප්‍රදර්ශනය වුනේ Catalunya Jaguar හා Sohal Hospitaltet කණ්ඩායම් අතර පැවති යුරෝපීය ක්‍රිකට් T10 තරගයක. Catalunya Jaguar කණ්ඩායම ලකුණු 153කින් තරගය ජයග්‍රහණය කළා.
 
 
හම්සා ලකුණු 193 ලබා ගත්තේ නොදැවී ක්‍රීඩා කරමින් නිසා ඔහුගේ මේ සුවිශේෂී පිතිකරණය වඩාත් වර්ණවත් වෙනවා. හයේ පහර 22ක් හා හතරේ පහර 14ක් ඇතුළත් හම්සාගේ නොදැවුනු ඉනිම දැන් T10 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වෙනවා. කළින් තිබූ වාර්තාව වුනේ ලකුණු 163ක්.
maxresdefault
 
තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ Catalunya Jaguar ඕවර් 10 අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 257ක් රැස් කළා. හම්සාගේ ඉනිමට අමතරව යසිර් අලි පන්දු 19කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා. ඉන්පසු එම කණ්ඩායම Sohal Hospitaltet කඩුලු 8ක් දැවී ලකුණු 104කට සීමා කිරීමට සමත් වූ අතර පන්දු යැවීමෙන් ද දස්කම් දක්වමින් හම්සා කඩුලු 3ක් ලබා ගත්තා.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...