The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රංගන හේරත්ගේ ටෙස්ට් කඩුලු 433 වාර්තාව මිචල් ස්ටාක් සම කරයි

T

The Leader Desk

January 12, 2026 • 9:02 AM

රංගන හේරත්ගේ ටෙස්ට් කඩුලු 433 වාර්තාව මිචල් ස්ටාක් සම කරයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් විසින් පිහිටුවා තිබූ වමතින් පන්දු යවන්නෙකුගේ වැඩිම ටෙස්ට් කඩුලු ලෝක වාර්තාව ඔස්ට්‍රේලියාවේ මිචල් ස්ටාක් සමකර තිබෙනවා.
  •   35 හැවිරිදි මේ වමත් වේග පන්දු යවන්නා සතුව දැන් ටෙස්ට් තරග 105කින් කඩුලු 433ක් තිබෙනවා.
  • වසර 1999 සිට 2018 දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ රංගන හේරත් කඩුලු 433 වාර්තා කළේ ටෙස්ට් තරග 93කින් පමණක් වීම මෙහිදී විශේෂත්වයක් ගන්නවා.
  • ස්ටාක්ගේ 433 වැනි ටෙස්ට් ගොදුර බවට පත්වුනේ එංගලන්තයේ ජෝෂ් ටංග්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ වාර්තාව සමග සම තත්ත්වයට පිවිසියේ නොබෝදා අවසන් වූ ‘අළු බඳුන’ ටෙස්ට් තරගමාලාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පස්වැනි තරගයේ පස් වැනි හා අවසාන දිනයේ ඔස්ට්‍රේලියානු පන්දු ප්‍රහාරය මෙහෙයවමින්.
 
starc1
35 හැවිරිදි මේ වමත් වේග පන්දු යවන්නා සතුව දැන් ටෙස්ට් තරග 105කින් කඩුලු 433ක් තිබෙනවා. මෙය හේරත්ගේ කඩුලු සංඛ්‍යාව සමග සම වීමක්. වසර 1999 සිට 2018 දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ රංගන හේරත් කඩුලු 433 වාර්තා කළේ ටෙස්ට් තරග 93කින් පමණක් වීම මෙහිදී විශේෂත්වයක් ගන්නවා.
ස්ටාක්ගේ 433 වැනි ටෙස්ට් ගොදුර බවට පත්වුනේ එංගලන්තයේ ජෝෂ් ටංග්. පන්දු 14කින් ලකුණු 6ක් ලබා ගෙන සිටි ඔහු එංගලන්ත දෙවැනි ඉනිමේ යැවුනු 89 වැනි ඕවරයේ ස්ටාක්ගේ දෙවැනි පන්දුවට මානස් ලබුෂේන් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත් වමත් පන්දු යවන්නෝ


433 - ඔස්ට්‍රේලියාවේ මිචල් ස්ටාක් (තරග 105)
433 - ශ්‍රී ලංකාවේ රංගන හේරත් (තරග 93)
414 - පාකිස්තානයේ වසිම් අක්රම් (තරග 104)
362 - නවසිලන්තයේ ඩැනියල් වෙටෝරි (තරග 113)
355 - ශ්‍රී ලංකාවේ චමින්ද වාස් (තරග 111)
348 - ඉන්දියාවේ රවින්ද්‍ර ජඩේජා (තරග 89)
317 - නවසිලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් (තරග 78)
313 - ඔස්ට්‍රේලියාවේ මිචල් ජොන්සන් (තරග 73)
311 - ඉන්දියාවේ සහීර් ඛාන් (තරග 92)
297 - එංගලන්තයේ ඩෙරික් අන්ඩවුඩ් (තරග 86)

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...