leader s

සීෂෙල්ස් පිල පිට පිට පරාජය කරමින් 2-0ක තරගමාලා ජයක් ලැබූ ශ්‍රී ලංකාව, මීළඟ මිත්‍ර තරගමාලාව සඳහා මොරිෂස් බලා පිටත්ව යයි.

 

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජාත්‍යන්තර මිත්‍ර තරග යටතේ සීෂෙල්ස් සමග පැවති තරගමාලාව ජයග්‍රාහීව අවසන් කිරීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

 

දෙපිල අතර වික්ටෝරියා නුවර ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි තරගය ගෝල් 2-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මීට දින කිහිපයකට පෙර පැවති පළමු තරගය ද ගෝල් 3-0කින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාව යි.

 

සීෂෙල්ස් පිට පිට දෙවැනි වතාවටත් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ට 32 වැනි මිනිත්තුවේදී අත්තිවාරම දැමුවේ ඩිලන් ද සිල්වා යි. ඒ අනුව තරගයේ පළමු භාගය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ඉදිරියෙන් සිටියා.

 

වසීම් 84 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය ලබා ගනිමින් සීෂෙල්ස් ට එරෙහි තරගමාලාවේ පූර්ණ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ට තහවුරු කර දුන්නා. වසීම් මේ ගෝලය ඩිලන් වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ලෙස පැමිණ වාර්තා කිරීම විශේෂත්වයක්.

 

seysri2 20261001

 

මීළඟ අභියෝගය: මොරිෂස් සංචාරය

 

ශ්‍රී ලංකාව මීළඟට තරග දෙකකින් සමන්විත තවත් මිත්‍ර තරගමාලාවක් සඳහා මොරිෂස් බලා යන අතර එහිදී එම කණ්ඩායමට එරෙහි පළමු තරගය හෙට (2) මෝකා දිස්ත්‍රික්කය හදවතේ පිහිටි සාන්ත පියර් ගම්මානයේ ජාතික ක්‍රීඩා සංකීර්ණ පිටියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔක්තෝබර් 5 වැනිදාට නියමිත දෙවැනි තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය තවමත් ස්ථිර කර නැහැ.

 

මොරිෂස් කණ්ඩායම FIFA ලෝක ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ 178 වැනි ස්ථානයේ. ශ්‍රී ලංකාව සීෂෙල්ස් ජයග්‍රහණයෙන් පසුව 186 වැනි ස්ථානයට (තාවකාලික) ඉහළ නැග සිටිනවා.

 

warnan Gunasekara (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්