The Leader News
BREAKING
ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!●
Top Ad
ක්‍රීඩා

FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!

ලෝක කුසලානය විකිණීමේ රහස් සැලැස්ම හෙළිවීමෙන් පසු FIFA ප්‍රධානී ඉන්ෆන්ටීනෝ කවුන්සලයෙන් සමාව ඉල්ලයි; ලේඛන හෙළිදරව් නොකළහොත් ඔහු සභාපති ධුරයට නුසුදුසු බවට එංගලන්තයෙන් දැඩි අනතුරු ඇඟවීමක්.

Pasan

Pasan

October 16, 2026 • 8:04 PM

FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පාපන්දු තරගාවලිය විකිණීමේ තම සැලැස්ම පිළිබඳව ලෝක පාපන්දු ප්‍රධානී ජියානි ඉන්ෆන්ටීනෝ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) කවුන්සලයෙන් සමාව ඉල්ලා තිබෙනවා.
  • එහෙත් එම සැලැස්ම සම්බන්ධයෙන් වන සියලු ලේඛන නිදහස් කර ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු දුන්නොත් මිස ඔහු සභාපති ධූරයට සුදුසු නැති බව කවුන්සලය ඔහුට කියා තිබෙනවා.
  • ඉන්ෆන්ටීනෝ විසින් දින කිහිපයක් ඇතුළත හකුළා ගනු ලැබූ එම යෝජනාව මගින් පාපන්දු ක්‍රීඩාවේ ලෝක පාලක මණ්ඩලයේ වාණිජමය අයිතීන්ගෙන් කොටසක් පෞද්ගලික ආයෝජන ආයතනයකට ලබා දීමට නියමිතව තිබුණා.
  • පැය කිහිපයකට පසුව ඉන්ෆන්ටීනෝගේ වීඩියෝ ප්‍රකාශයක් FIFA විසින් නිකුත් කරනු ලැබුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය විකිණීමේ තම සැලැස්ම පිළිබඳව ලෝක පාපන්දු ප්‍රධානී ජියානි ඉන්ෆන්ටීනෝ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) කවුන්සලයෙන් සමාව ඉල්ලා තිබෙනවා. එහෙත් එම සැලැස්ම සම්බන්ධයෙන් වන සියලු ලේඛන නිදහස් කර ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු දුන්නොත් මිස ඔහු සභාපති ධූරයට සුදුසු නැති බව කවුන්සලය ඔහුට කියා තිබෙනවා.

ඉන්ෆන්ටීනෝගේ රහස් FIFA Forward Enterprise (FFE) යෝජනාව එළිදරවු වීමෙන් පසුව ප්‍රථම වතාවට FIFA කවුන්සලය ඊයේ (බ්‍රහස්පතින්දා) සූරිච් නගරයේදී රැස්වුණා.

ඉන්ෆන්ටීනෝ විසින් දින කිහිපයක් ඇතුළත හකුළා ගනු ලැබූ එම යෝජනාව මගින් පාපන්දු ක්‍රීඩාවේ ලෝක පාලක මණ්ඩලයේ වාණිජමය අයිතීන්ගෙන් කොටසක් පෞද්ගලික ආයෝජන ආයතනයකට ලබා දීමට නියමිතව තිබුණා.


ට්‍රම්ප්ගේ සාම ත්‍යාගය සහ උණුසුම් වූ කවුන්සලය

පැය තුන හමාරක් තිස්සේ පැවති කවුන්සල රැස්වීමේදී ඉන්ෆන්ටීනෝ ට ලෝක කුසලාන අමෙරිකානු කණ්ඩායමේ ෆොලරීන් බැලගන්ගේ රතු කාඩ්පත අහෝසි කිරීම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සාම ත්‍යාගයක් (FIFA Peace Prize) අලුතින් නිර්මාණය කර එය ට්‍රම්ප් ට පිරිනැමීම හා ජාතික පාපන්දු සංගම්වලට මුදල් ලබා දීම යන ප්‍රශ්නවලටත් මුහුණ දීමට සිදුවුණා.

පැය කිහිපයකට පසුව ඉන්ෆන්ටීනෝගේ වීඩියෝ ප්‍රකාශයක් FIFA විසින් නිකුත් කරනු ලැබුවා. ඔහු මාධ්‍යයට කතා කිරීම හෝ ඔවුන්ගේ ප්‍රශ්නවලට මුහුණ දීම ප්‍රතික්ෂේප කර තිබුණා.

FIFA වීඩියෝවෙන් ඔහු මෙසේ කියා තිබුණා: “බොහෝ ප්‍රතිවිපාකයන්ට තුඩු දුන් FFE ව්‍යාපෘතිය සම්බන්ධ සන්නිවේදනය හා උපදෙස් ලබා ගැනීමේ ක්‍රියාවලියේ අප සිදුකළ වැරදි සම්බන්ධයෙන් පළමුව මම සමාව ඉල්ලනවා.”

“නමුත් මතක තබා ගත යුතු වැදගත් දෙය තමයි එය‌ යෝජනාවක් මිස කිසිම ආකාරයකින් නිම කළ ගනුදෙනුවක් නොවන බව. එමගින් ඇත්තටම අදහස් කෙරුණේ අපේ සාමාජික සංගම්වල වැඩියෙන් ආයෝජනය කිරීම සඳහා FIFA ට මං සැලසීමයි.”

ප්‍රශ්නවලට තමා යථා කාලයේදී ලිඛිතව පිළිතුරු සපයන බව ඉන්ෆන්ටීනෝ කියා සිටියා.


“පිළිතුරු නැත්නම් ඔහු සභාපති ධුරයට නුසුදුසුයි”

එංගලන්ත පාපන්දු සංගමයේ (FA) සභාපතිනිය මෙන්ම FIFA උපසභාපතිවරියක ද වන ඩෙබී හියුවර්ට් (Debbie Hewitt) රැස්වීමෙන් පසුව ප්‍රකාශයක් කරමින්, තමා‌ මෙතෙක් අත්දුටු වඩාත්ම පැහැදිලි, වඩාත්ම අවංක, වඩාත්ම විවෘත කවුන්සල රැස්වීම මෙය වී තිබියදීත් බොහෝ ප්‍රශ්න පිළිතුරු නැතිව ඉතිරි වූ බව පැවසුවා.

“වඩාත්ම කලකිරවන එක් දෙයක් වුණේ අපි විශේෂයෙන් ඉල්ලා තිබූ කිසිම දෙයකට පිළිතුරු නොලැබීමයි - උදාහරණයක් වශයෙන් FFE වෙතින් ලේඛන ලබා ගැනීම” යනුවෙන් හියුවර්ට් කීවා.

“මම ‘ඇයි බැරි?’ කියන ප්‍රශ්නය ඇසුවා. ඒ ප්‍රශ්න ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට අපට දැන්නුවා.”

“ඒ මිනිහා ඒ ප්‍රශ්නවලට උත්තර දිය යුතුයි කියා මම හිතනවා. ඔහු ඒ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැත්නම් ඔහු FIFA සභාපති ලෙස සිටීමට සුදුසු නැහැ. ඒක තමයි රැස්වීමේදී බෙදා ගැනුනු කාරණාව වුණේ.”

හියුවර්ට් තව දුරටත් මෙසේ සඳහන් කළා: “ඒ ලේඛන හවුලේ පරිහරණය කිරීමට අවස්ථාව සලසන ලෙසට මම නැවත නැවත ඉල්ලා තිබෙනවා. ඒත් මට ඒවා ලැබිලා නැහැ. අද ඉල්ලුවත් ඒවා ලැබුණේ නැහැ.”


සැඟවුණු රහස් සහ අමෙරිකානු නඩු තීන්දුව

“FFE සිද්ධිය ඒ ආකාරයට සිදුවුණේ ඇයි, බැලගන් සිදුවීම, සාම ත්‍යාගය - මේ කාරණාවල තාර්කිකය තමයි ඒ ලේඛන.”

“මට තවමත් පිළිතුරු ලැබී නැති ඒ ප්‍රශ්නවලට ලැබෙන ප්‍රතිචාරවලින් ඉන්ෆන්ටීනෝ නිවැරදි සභාපති අපේක්ෂකයා ද නැද්ද කියා තහවුරු වේවි කියලයි මගේ මතය.”

“FFE සමග සම්බන්ධව සිටි ඕනෑම පුද්ගලයෙක් විශ්වාස කළ හැකිද නැද්ද කියලා අපට කියන්න පුළුවන් වන ප්‍රධාන කාරණය එය වනු ඇති. මොකද, ඇත්තටම සිද්ධ වුණේ කුමක්ද කියා අපි දකින තුරු මේ ක්‍රියාව වෙනස් විය යුතුද නැද්ද කියලා අපට කියන්න හරිම අමාරුයි.”

ඉන්ෆන්ටීනෝගේ සමාව ඉල්ලීම තුළ “යම් තරමක වරදට කම්පාවීමක්” තිබෙන බව හියුවර්ට් පිළිගන්නවා.

ඉන්ෆන්ටීනෝගේ වඩාත්ම දරුණු විවේචකයා බවට පත්ව සිටින FA ඇතුළත් යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) ඔහුට ගෝලීය පාපන්දුවේ සභාපති තනතුරෙන් ඉවත් වන ලෙසට නැවත නැවත තරයේ කියා තිබෙනවා.

ඉන්ෆන්ටීනෝ ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩුවක් සූදානම් කර ඇති ඔවුන් FFE ට අදාළ සියලු ලේඛන නිදහස් කරන ලෙසට තීන්දු කරන මෙන් අමෙරිකාවේ අධිකරණ තුනකින් ඉල්ලා තිබෙනවා. සිදුවුනේ කුමක්දැයි FIFA කවුන්සලයට වටහා ගැනීමට හැකිවන පරිදි එම ලේඛන ඉන්ෆන්ටීනෝ දැන් නිදහසේ මුදා හරිනු ඇතැයි හියුවර්ට් බලාපොරොත්තු වනවා.

(සටහන - වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක     

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...