The Leader News
BREAKING
තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●පාපන්දු ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණය: අමෙරිකාව 17-0 කින් සමෝවා පරදවයි!●
Top Ad
ක්‍රීඩා

පාපන්දු ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණය: අමෙරිකාව 17-0 කින් සමෝවා පරදවයි!

අමෙරිකාව වයස අවුරුදු 17න් පහළ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔවුන්ගේ මෙහෙයුම ගෝල් 17-0කින් සමෝවා පරාජය කරමින් ආරම්භ කළේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ඕනෑම වයස් මට්ටමක ලොකුම ජයග්‍රහණය වාර්තා කරමින්.

Pasan

Pasan

October 21, 2026 • 7:30 PM

පාපන්දු ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණය: අමෙරිකාව 17-0 කින් සමෝවා පරදවයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ප්‍රතිඵලයෙන් ඕනෑම ලෝක කුසලාන පාපන්දු තරගයක ගෝල අන්තරය සඳහා මීට පෙර තිබූ වාර්තාව මැකී ගියා.
  • මොරොක්කෝව 2025 වසරේ පැවැති අවුරුදු 17න් පහළ පිරිමි ලෝක කුසලානයේදී ගෝල් 16-0කින් නිව් කැලිඩෝනියාව පරදවමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණා.
  • හෝලන්ඩ් පසු ගෝල වාර්තාව මැඩී ඩිමරීයාගෙන් අමෙරිකානු වාර්තාගත ජයග්‍රහණයේදී එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩිකාවන් 10 දෙනෙකු ගෝල් ලබා ගත් අතර ඉදිරි පෙළ ක්‍රීඩිකා මැඩී ඩිමරීයා (Maddie DiMaria) පෙරමුණ ගනිමින් ගෝල හයක් ලබා ගත්තා.
  • උතුරු කැරලයිනා විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරන 17 හැවිරිදි උසස් පාසල් ශිෂ්‍යාවක වන ඩිමරීයා ඇගේ පළමු ගෝලය ලබා ගත්තේ තරගයේ 63වැනි මිනිත්තුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ප්‍රතිඵලයෙන් ඕනෑම ලෝක කුසලාන පාපන්දු තරගයක ගෝල අන්තරය සඳහා මීට පෙර තිබූ වාර්තාව මැකී ගියා.

මොරොක්කෝව 2025 වසරේ පැවැති අවුරුදු 17න් පහළ පිරිමි ලෝක කුසලානයේදී ගෝල් 16-0කින් නිව් කැලිඩෝනියාව පරදවමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණා.


හෝලන්ඩ් පසු ගෝල වාර්තාව මැඩී ඩිමරීයාගෙන්


අමෙරිකානු වාර්තාගත ජයග්‍රහණයේදී එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩිකාවන් 10 දෙනෙකු ගෝල් ලබා ගත් අතර ඉදිරි පෙළ ක්‍රීඩිකා මැඩී ඩිමරීයා (Maddie DiMaria) පෙරමුණ ගනිමින් ගෝල හයක් ලබා ගත්තා.

උතුරු කැරලයිනා විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරන 17 හැවිරිදි උසස් පාසල් ශිෂ්‍යාවක වන ඩිමරීයා ඇගේ පළමු ගෝලය ලබා ගත්තේ තරගයේ 63වැනි මිනිත්තුවේ. ඇය වාර්තා කළ ගෝල ප්‍රමාණය අමෙරිකානු ක්‍රීඩිකාවක් තරගයකදී එදා මෙදා තුර ලබා ගත් වැඩිම ගෝල සංඛ්‍යාව වන අතර ඔ්නෑම මට්ටමක කාන්තා ලෝක කුසලාන තරගයක ඔ්නෑම ක්‍රීඩිකාවක් ලබා ගත් වැඩිම ගෝල ප්‍රමාණය ද වනවා.

2019 වසරේ පැවති අවුරුදු 20න් පහළ පිරිමි ලෝක කුසලානයේදී නෝවේජියානු ක්‍රීඩක ආලිං හෝලන්ඩ් ගෝල නවයක් ලබා ගැනීමෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලන (FIFA) තරගාවලියක එක් තරගයකදී ගෝල හයක් ලබා ගැනීමට සමත් වූ පළමු ක්‍රීඩිකාව වන්නේ ඩිමරීයා.

“එවැනි ක්‍රීඩකයෙකුගෙන් පසුව ඊළඟට සිටින කෙනා බවට පත්වීමට ලැබීම මට ලොකු ගෞරවයක්” යනුවෙන් ඇය කියනවා.


FIFA වෙතින් යොවුන් පාපන්දුවට ප්‍රමුඛතාව

තරගයේ පළමු භාගය අවසන් වන විට අමෙරිකාව ගෝල 9-0කින් ඉදිරියෙන් සිටි අතර සමස්ත තරගයේදී ඔවුන් දැල වෙත පහර 58ක් එල්ල කර තිබුණා. ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ගෝල දෙක බැගින් ලබා ගත්තා. සමෝවා ගෝල් රකින්නිය ගෝල 13ක් වළක්වා ගත්තා.

සමෝවාව ඔවුන්ගේ පළමු අවුරුදු 17න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙනී සිටියේ පසුගිය වසරේ. 2025 වසරේ සිට කණ්ඩායම් සහභාගිත්වය 16 සිට 24 දක්වා වැඩි කළ FIFA, පිරිමි හා කාන්තා දෙඅංශයෙන් ම අවුරුදු 17න් පහළ ලෝක කුසලාන තරගාවලියන් 2029 වසර දක්වා වාර්ෂිකව පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ යොවුන් පාපන්දුවේ සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දෙමින්.


ඇමරිකාව කිසිදා ජය ගෙන නෑ

අමෙරිකානු ජයග්‍රහණයෙන් නැවත ගෙන ආවේ ප්‍රංශයේ පැවති 2019 කාන්තා ලෝක කුසලානයේදී අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම තායිලන්තය ට එරෙහිව වාර්තා කළ ගෝල 13-0 ජයග්‍රහණයේ මතකයන්. එහිදී ඇලෙක්ස් මෝගන් අමෙරිකාව වෙනුවෙන් ගෝල පහක් ලබා ගත්තා.

අමෙරිකානුවන් කවරවිටකවත් මේ තරගාවලිය ජයග්‍රහණය කර නැහැ. 2008 වසරේ පැවති මංගල තරගාවලියේදී අවසාන තරගයට පිවිසි ඔවුන් එදා සිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙන්නේ එක් වතාවක් පමණයි. ඒ, 2024 වසරේ. වර්තමාන ශූරියන් වන්නේ උතුරු කොරියාව.

සටහන: වර්නන් ගුණසේකර (ක්‍රීඩා සංස්කාරක)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...