The Leader News
BREAKING
නව ආරක්ෂක පනත් දෙකෙන් GSP+ සහනයටත් දැඩි තර්ජනයක් - නීති විශාරදයෝ අනතුරු අඟවති●බ්‍රිතාන්‍ය ස්ථිර පදිංචි කාලය දෙගුණ වෙයි: සාත්තු සේවකයන්ට සහනයක්●දශක තුනකට පසු සාෆ් බලාපොරොත්තුවක්: ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දැන් බංග්ලාදේශයේ!●දකුණු ඉන්දීය සිනමාව හොල්ලමින් රජිනිගේ 'ජේලර් 2' කෝටි 800 සීමාව බිඳදමයි●මර්දන පනත් හකුළනු: හෙට (04) පාර්ලිමේන්තුව වටලන සටනක්!●වයස 16 ළමා සමාජ මාධ්‍ය තහනම : ඔස්ට්‍රේලියාවේ මහාධිකරණ සටනක්●ලොතරැයි අරමුදල් නඩුව: රවී කරුණානායකට එරෙහි නඩු විභාගය කල්යයි●මර්ලින් මොන්රෝ සැබෑ ආදරය සෙවූ ඛේදනීය ජීවිත ගමන●මිලියන 59ක මුදල් නඩුවෙන් ඩේසි ෆොරස්ට් මුදාහැරේ●කාන්තා හදවත රැකගන්න අලුත් වෛද්‍ය මාවතක්●
Top Ad
ක්‍රීඩා

දශක තුනකට පසු සාෆ් බලාපොරොත්තුවක්: ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දැන් බංග්ලාදේශයේ!

Awara

Awara

November 3, 2026 • 5:41 PM

දශක තුනකට පසු සාෆ් බලාපොරොත්තුවක්: ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දැන් බංග්ලාදේශයේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියානු පාපන්දුවේ ‘ලෝක කුසලානය’ ලෙසින් සැලකෙන සාෆ් ශූරතාවලියට (SAAF Championship) සහභාගි වීම පිණිස 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් දැන් බංග්ලාදේශයේ ධකා අගනුවරට ගොස් සිටිනවා.
  • නොවැම්බර් 5 සිට 17 දක්වා පැවැත්වෙන දකුණු ආසියාවේ ප්‍රධානතම පාපන්දු තරගාවලියට සහභාගි වීම පිණිස දිවයිනෙන් පිටත්ව ගිය 30 දෙනෙකුගෙන් ශක්තිමත් නියෝජිත පිරිසට ක්‍රීඩකයින්, කණ්ඩායම් නිලධාරීන් හා සහාය කාර්ය මණ්ඩලය ඇතුළත්ව සිටිනවා.
  • වසර 31කට පසු ශ්‍රී ලංකා බලාපොරොත්තුව ශ්‍රී ලංකාව අවසන් වරට සාෆ් කුසලානය දිනා ගත්තේ 1995 වසරේ.
  • ශ්‍රී ලංකාව එදා එම ‌ඵෙතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගයේ අතිරේක කාලයේදී ගෝලයක් ලබා ගෙන ඉන්දියාව 1-0කින් පරදවමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු ආසියානු පාපන්දුවේ ‘ලෝක කුසලානය’ ලෙසින් සැලකෙන සාෆ් ශූරතාවලියට (SAAF Championship) සහභාගි වීම පිණිස 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් දැන්  බංග්ලාදේශයේ ධකා අගනුවරට ගොස් සිටිනවා.

දෙවසරක් තිස්සේ පියවරෙන් පියවර ඉදිරියට තබමින් සාෆ් කුසලානය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් ඒකායන අරමුණ වී තිබෙන්නේ තරගයෙන් තරගය ඉදිරියට ගොස් මේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමයි.

නොවැම්බර් 5 සිට 17 දක්වා පැවැත්වෙන දකුණු ආසියාවේ ප්‍රධානතම පාපන්දු තරගාවලියට සහභාගි වීම පිණිස දිවයිනෙන් පිටත්ව ගිය 30 දෙනෙකුගෙන් ශක්තිමත් නියෝජිත පිරිසට ක්‍රීඩකයින්, කණ්ඩායම් නිලධාරීන් හා සහාය කාර්ය මණ්ඩලය ඇතුළත්ව සිටිනවා.


ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, භූතානය, මාල දිවයින් හා සත්කාරක බංග්ලාදේශය යන රටවල් හය ධකා නුවර ජාතික ක්‍රීඩාංගණයේදී දකුණු ආසියානු පාපන්දුවේ ආධිපත්‍යය වෙනුවෙන් සටන් කරන අතර දශක තුනකට වැඩි කාලයකට පසුව ශ්‍රී ලංකාව සාෆ් කුසලානය දිනා ගැනීමේ ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන්ගේ ප්‍රාර්ථනාවන්ට THE LEADER ද සුභපැතුම් එක් කරනවා.

වසර 31කට පසු ශ්‍රී ලංකා බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව අවසන් වරට සාෆ් කුසලානය දිනා ගත්තේ 1995 වසරේ. ඒ, සම්පත් පෙරේරාගේ නායකත්වය යටතේ. ශ්‍රී ලංකාව එදා එම ‌ඵෙතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගයේ අතිරේක කාලයේදී ගෝලයක් ලබා ගෙන ඉන්දියාව 1-0කින් පරදවමින්.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීම්වල 184 වැනි ස්ථානයට පිවිස සිටින ශ්‍රී ලංකාව ධකා පාපන්දු තරග බිමේ පැවැත්වෙන 15 වැනි සාෆ් පාපන්දු ශූරතාවලියේ ඔවුන්ගේ මෙහෙයුම ආරම්භ කරන්නේ භූතානය ට එරෙහිව නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන තරගයෙන්.


ඉක්බිතිව ඔවුන් නොවැම්බර් 11 වැනිදා බංග්ලාදේශය සමග තරග කරමින් නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයට පිවිසීමට බලාාපොරොත්තු වනවා. අවසාන තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් 17 වැනිදා.

සාෆ් පාපන්දු කිරුලේ හිමිකරුවෝ

ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය (මෙවර සහභාගි වන්නේ නැහැ) ද සාෆ් පාපන්දු කිරුළ දිනා ගෙන ඇත්තේ එක් වරක් පමණයි. මාල දිවයින් දෙවතාවක් ශූරතාව හිමි කරගත් අතර වර්තමාන ශූරයින් වන ඉන්දියාව මේ තරගාවලිය නව වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා.

පෙර නොවූ පූර්ව සූදානමක්


පෙර සූදානමක් නැතිව මෙවර තරගාවලියට සහභාගි වනවා වෙනුවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්ගේ මඟ පෙන්වීමට යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් සාර්ථක මිත්‍ර තරග මෙහෙයුමක යෙදුණා.

සැප්තැම්බර් හා ඔක්තෝබරයේ පැවති එම ජාත්‍යන්තර තරගවලින් ශ්‍රී ලංකාව ට ඉතාමත් හොඳ තරග සූදානමක් ලැබුණේ ඒවායින් අත්කර ගත් සාර්ථකත්වයෙන්. එහිදී අප්‍රිකානු රටවල් වන සීචෙල්ස් ගෝල 3-0ක් හා 2-0කින් පරාජය කළ ශ්‍රී ලංකාව මොරිෂස් සමග තරගය ගෝල 3-2කින් ජය ගැනීමට සමත් වුණා.

ආසියානු පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටුවේ සභාපති ජස්වර් උමාර්  ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව පාපන්දු නිවහනේදී මෙසේ අදහස් දැක්වුවා:

“අපි මේ තරගාවලියට ප්‍රවේශයක් ලබා ගත්තේ මෑත අතීතයේ පියවරෙන් පියවර ඉදිරියට ඇවිත්. ඒ නිසා කණ්ඩායම පිටව ගියේ හොඳ චිත්ත ස්වභාව ගතියක් හා උද්යෝගිමත් පෞරුෂයක් ඇතිවයි. ඒත් මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මත අමතර බරක් පටවන්න අපි කැමති නැහැ. ඒ නිසා අපි කියලා තියෙන්නේ තරගයෙන් තරගයට ඉදිරියට යන්න කියලයි. පළමුව භූතානය සමග තරගය ජය ගත යුතුයි. මූලික වටයෙන් ඔබ්බට යාම අපේ පළමු වෑයමයි!”

‍
  
වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...