බංග්ලදේශයේ පැවැත්වෙන සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලිය අතරතුර තරග විනිසුරුවන් ප්‍රසිද්ධියේ විවේචනය කළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු අබ්දුල්ලා අල් මුටයිරි ට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය (SAFF) විසින් අමෙරිකානු ඩොලර් 500ක දඩයක් නියම කර ඔහුට විධිමත් අවවාදයක් ද නිකුත් කර තිබෙනවා.
පුහුණුකරුට එරෙහිව මේ විනයානුකූල පියවර ගෙන තිබෙන්නේ තරගාවලියේ ‘ඒ’ කොටසේ මූලික වට තරගය භූතානය සමග ගෝල 2-2කින් සමවීමට ශ්‍රී ලංකාව ට සිදුවීමෙන් පසුව උණුසුම් මුහුණුවරකින් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කළ ප්‍රකාශයන් සම්බන්ධයෙනි.
එහිදී කුවේට් ජාතික අල් මුටයිරි, තමාගේ කණ්ඩායමට ලැබිය යුතුව තිබූ නිත්‍යනුකූල ගෝලයක් හා පෙනල්ටියක් ප්‍රතික්ෂේප කළ බවට තරග නිලධාරීන්ට චෝදනා කළා. VAR ක්‍රමවේදය වහාම යොදා ගන්නා ලෙසට ද තරයේ ඉල්ලා සිටි ඔහු තරගාවලියේ සංවිධායකයින් සත්කාරක රට වන බංග්ලාදේශය ට හා සාෆ් කුසලානය රැක ගැනීමට ක්‍රීඩා කරන ඉන්දියාවට පක්ෂව කටයුතු කරන බවට චෝදනා කළා.
බංග්ලාදේශය ට එරෙහි තීරණාත්මක තරගයට පෙර දින මධ්‍යම රාත්‍රියේ තමාට විද්‍යුත් තැපෑලෙන් විනයානුකූල පියවර පිළිබඳ දැන්වීමක් SAFF හි නීති දෙපාර්තමේන්තුව විසින් එවනු ලැබුවේ ඊට ප්‍රතිචාර දැක්වීම පිණිස පැය දහයක කාලයක් පමණක් තමාට ලබා දෙමින් බව ද ඔහු පසුව කියා සිටියා.
තමාගේ නිදහසට කරුණු 14ක් මුටයිරි ඉදිරිපත් කළ ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයුම බංග්ලාදේශය හමුවේ ලැබූ ගෝල 4-0ක පරාජයෙන් නොවැම්බර් 11 වැනිදා අවසන් වුණා.
එම තරගය වෙනුවෙන් තමාගේ කණ්ඩායමේ සූදානම් වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් සාෆ් පාලක මණ්ඩලය එම දැන්වීම හිතාමතාම එම වේලාවේ එවූ බවට ද ඔහු බංග්ලාදේශය සමග තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී SAFF ට චෝදනා කළා.
සාෆ් පාපන්දුවේ විනිසුරුවන් විවේචනය කළ ශ්‍රී ලංකා පුහුණුකරුට දඩ!
Awara
November 17, 2026 • 5:14 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පුහුණුකරුට එරෙහිව මේ විනයානුකූල පියවර ගෙන තිබෙන්නේ තරගාවලියේ ‘ඒ’ කොටසේ මූලික වට තරගය භූතානය සමග ගෝල 2-2කින් සමවීමට ශ්‍රී ලංකාව ට සිදුවීමෙන් පසුව උණුසුම් මුහුණුවරකින් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කළ ප්‍රකාශයන් සම්බන්ධයෙනි.
- එහිදී කුවේට් ජාතික අල් මුටයිරි, තමාගේ කණ්ඩායමට ලැබිය යුතුව තිබූ නිත්‍යනුකූල ගෝලයක් හා පෙනල්ටියක් ප්‍රතික්ෂේප කළ බවට තරග නිලධාරීන්ට චෝදනා කළා.
- VAR ක්‍රමවේදය වහාම යොදා ගන්නා ලෙසට ද තරයේ ඉල්ලා සිටි ඔහු තරගාවලියේ සංවිධායකයින් සත්කාරක රට වන බංග්ලාදේශය ට හා සාෆ් කුසලානය රැක ගැනීමට ක්‍රීඩා කරන ඉන්දියාවට පක්ෂව කටයුතු කරන බවට චෝදනා කළා.
- බංග්ලාදේශය ට එරෙහි තීරණාත්මක තරගයට පෙර දින මධ්‍යම රාත්‍රියේ තමාට විද්‍යුත් තැපෑලෙන් විනයානුකූල පියවර පිළිබඳ දැන්වීමක් SAFF හි නීති දෙපාර්තමේන්තුව විසින් එවනු ලැබුවේ ඊට ප්‍රතිචාර දැක්වීම පිණිස පැය දහයක කාලයක් පමණක් තමාට ලබා දෙමින් බව ද ඔහු පසුව කියා සිටියා.

ක්‍රීඩා සංස්කාරක
ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.
View all stories by වර්නන් ගුණසේකරඅපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


