The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘මැන්චෙස්ට සිටි’ හාලන්ඩ්ගෙන් වේගවත්ම ප්‍රිමිය ලීග් ගෝල් 50 නව වාර්තාවක්

T

The Leader Desk

November 30, 2023 • 7:37 AM

‘මැන්චෙස්ට සිටි’ හාලන්ඩ්ගෙන් වේගවත්ම ප්‍රිමිය ලීග් ගෝල් 50 නව වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසිතුන් හැවිරිදි නෝවේජියානු ජාතික ආක්‍රමණශීලී ක්‍රීඩක අර්ලිං හාලන්ඩ් (Erling Haaland) ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයන් තරග වදින
  • හාලන්ඩ් 50 වැනි ගෝලය ලබා ගත්තේ ප්‍රිමිය ලීගයේ ඔහුගේ 48 වැනි තරගයේ.
  • ‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක ඇන්ඩි කෝල් ප්‍රිමිය ලීගයේ 50 වැනි ගෝලය ලබා ගත්තේ ඔහුගේ 65 වැනි තරගයේ.
  • මේ අනුව හාලන්ඩ් ඔහුගේ ගෝල් 50 වාර්තා කළේ කෝල් ට වඩා තරග 17ක් අඩුවෙන් ක්‍රීඩා කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධානතම තරගාවලිය වන ‘ප්‍රිමිය ලීගයේ’ වැඩිම වේගයෙන් ගෝල් 50ක් ලබා ගත් ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. 

‘ලිවපූල්’ පිල සමග පසුගියදා පැවති තරගයේදී ඔහු වාර්තා කළ පළමු ගෝලය හාලන්ඩ් 2022 වසරේදී පවුම් මිලියන 51ක මුදලකට ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමට එක්වීමෙන් පසුව ලබා ගත් 50 වැනි ගෝලය. මේ දක්ෂතාවත් සමග, දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඉංග්‍රීසි ජාතික ඇන්ඩි කෝල් (Andy Cole)ගේ වේගවත්ම ප්‍රිමිය ලීග් ගෝල් 50 වාර්තාව බිඳ වැටුනා.

231125091743 restricted 02 erling haaland 11 25 2023

හාලන්ඩ් 50 වැනි ගෝලය ලබා ගත්තේ ප්‍රිමිය ලීගයේ ඔහුගේ 48 වැනි තරගයේ. ‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක ඇන්ඩි කෝල් ප්‍රිමිය ලීගයේ 50 වැනි ගෝලය ලබා ගත්තේ ඔහුගේ 65 වැනි තරගයේ. මේ අනුව හාලන්ඩ් ඔහුගේ ගෝල් 50 වාර්තා කළේ කෝල් ට වඩා තරග 17ක් අඩුවෙන් ක්‍රීඩා කරමින්.

කෙසේ වෙතත් නව වාර්තාව සහ පැරණි වාර්තාව අතර සුවිශේෂී වෙනසක් තිබෙනවා. හාලන්ඩ්ගේ ගෝල් එකතුවට පෙනල්ටි පහර ද ඇතුළත් වන අතර කෝල් කිසිම අවස්ථාවක පෙනල්ටි පහරක් එල්ල කර තිබුනේ නැහැ.

හාලන්ඩ්‌ වේගවත්ම ප්‍රමිය ලීග් ගෝල් 50 ඔහුගේ 48 වැනි තරගයේ වාර්තා කිරීමෙන් පසුව සුපිරි ආක්‍රමණශීලී පාපන්දු ක්‍රීඩක ලැයිස්තුවක මුදුනට පිවිස සිටිනවා. ඒ අනුව ඔහු Alan Shearer (තරග 66), Ruud van Nistelrooy (68), Fernando Torres (72) හා Mohammed Salah (72) යන ක්‍රීඩකයන් අභිබවා යාමට සමත් වුනා.

හාලන්ඩ් මීට කළින්, තරග 38කින් සමන්විත ප්‍රිමිය ලීග් එක් තරග වාරයක වැඩිම ගෝල් වාර්තාව බිහිකළේ ගෝල් 33ක් ලබා ගනිමින්. ඔහු සිය වාර්තාගත ගෝලය ලබා ගත්තේ ‘ආසනල්’ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින්. හාලන්ඩ් බිඳ දැමුවේ 2017-18 ප්‍රිමිය ලීග් තරග වාරයේදී ‘ලිවපූල්’ කණ්ඩායමේ මොහමඩ් සලා ගෝල් 32ක් ලබා ගනිමින් තබා තිබූ වාර්තාව. 

අර්ලිං හාලන්ඩ්ගේ මීළඟ ඉලක්කය වනු ඇත්තේ ප්‍රිමිය ලීගයේ අනෙක් වාර්තාව වන වේගවත්ම ගෝල් 100.

මේ වාර්තාව උසුලන්නේ ප්‍රිමිය ලීග් පාපන්දු තරගාවලියේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින Alan Shearer. ශතකය ලබා ගැනීම සඳහා ඔහු සහභාගි වූයේ තරග 124කට පමණක් වීම විශේෂත්වයක්.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...