The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාව 591යි - පළමු ඉනිම අත්හිටුවයි

T

The Leader Desk

April 17, 2023 • 9:16 AM

ශ්‍රී ලංකාව 591යි - පළමු ඉනිම අත්හිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
  • නොදැවී කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 102ක් රැස්කර ගෙන සිටි අතර සදීර සමරවික්‍රම නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 104කි.
  • පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව  386කි.
  • ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක අතර සබඳතාව ලකුණු 64කි.
අකුරු ප්‍රමාණය (Font Size):



 ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම අත්හිටුවන විට කඩුලු 06ක් දැවී ලකුණූ 591ක් රැස් කරගෙන සිටියේය.

නොදැවී කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 102ක් රැස්කර ගෙන සිටි අතර සදීර සමරවික්‍රම නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 104කි.

 ශ්‍රී ලංකා පලමු ඉනිමේ දී පිතිකරුවන් සිව්දෙනෙකුම ශතක වාර්තා කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව  386කි.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක අතර සබඳතාව ලකුණු 64කි. මදුෂ්ක ලකුණු 29කට දැවී ගියේ ය.

අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ ය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කරුණාරත්න ලකුණු 100සීමාව පසු කළේ පන්දු 139කින් ය.

ඔහුට අගනා සහයෝගයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිටියේ 8 වැනි ශතකය අද රැස් කළේ ය.

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 281ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි.

මෙන්ඩිස් ලකුණු 140ක් රැස් කළේ ය.

ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැහැ.

දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස් කළේ 4  පහර 15ක් ද සමගින් ය.




අද දිනයේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 16කට දැවී ගිය අතර ධනංජය ද සිල්වා දැවී ගියේ ලකුණු 13කටයි.

මෙහිදී දිනේෂ් චන්දිමාල් සිය 14වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

ඔහු සමග පන්දුවට පහරදෙමින් සිටින සදීර සමරවික්‍රම ද සිය මංගල ටෙස්ට් ශතයක රැස්කිරීමට සමත්විය.

ඔවුන් දෙදෙනා ශතක ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය.

පන්දු යැවීමේදී කර්ටිස් කැම්පර් ලකුණු 70කට කඩුළු 2 ක් දවාගත්තේය.



මෙම තරගාවලියේ දේශීය තරග විකාශන අයිතිය TV1 නාලිකාව විසින් ලබාගෙන ඇති අතර තරගාවලියේ නිල සහකාර රන් අනුග්‍රාකත්වය (Official Associate Gold Sponsor) ලබාගෙන ඇත්තේ 'සුප්‍රීම් TV' (Supreme TV) නාලිකාවයි.


සබැඳි පුවත් :
අයර්ලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...