The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බංග්ලාදේශ පිල ඉන්දීය අපරාජිත වාර්තාව බිඳ දමයි - ලකුණු 6 ක තියුණු ජයක්

T

The Leader Desk

September 16, 2023 • 4:59 AM

 බංග්ලාදේශ පිල ඉන්දීය අපරාජිත වාර්තාව බිඳ දමයි - ලකුණු 6 ක තියුණු ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු
  • ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 259 ක් පමණි.
  • මුස්තෆිසුර් රහමන් ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත් අතර ටැන්සිම් හසන් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
  • ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් සිය 5 වැනි එක්දින ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (121) සමත් වූවද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයක් ලැබීමට සමත් වූහ.

මෙම පරාජය ඉන්දියාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලැබූ පළමු පරාජය වීම ද කැපී පෙනේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 259 ක් පමණි.

මුස්තෆිසුර් රහමන් ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත් අතර ටැන්සිම් හසන් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් සිය 5 වැනි එක්දින ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (121) සමත් වූවද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය. පන්දු 133 කදී වාර්තා වූ එම ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.


Shubman Gill 2023                           ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (121)


පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 265 ක් ලබාගත් අතර බංග්ලාදේශ ඉනිමේ නැංගුරම බවට පත්වූ සකීබ් අල් හසන් පන්දු 85 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 80 ක් රැස්කළේය.

ලකුණු 59 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී තව්හිත් රිඩෝයි (54) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සකීබ් සමත් විය. පන්දු 81 කට මුහුණදුන් රිඩෝයි හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.

නසුම් අහමඩ් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 44 ක්ද, මෙහෙදි හසන් පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 29 ක්ද රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 265
(සකීබ් අල් හසන් 80, තව්හිත් රිඩෝයි 54, නසුම් අහමඩ් 44, මෙහෙදි හසන් නොදැවී 29, ටැන්සිම් හසන් නොදැවී 14, ශර්දුල් ඨාකූර් 65/3, මොහොමඩ් සාමි 32/2)

ඉන්දියාව - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 259
(ශුබ්මන් ගිල් 121, ලෝකේෂ් රාහුල් 19, සූර්යකුමාර් යාදව් 26, අක්සර් පටේල් 42, මෙහෙදි හසන් 50/3, ටැන්සිම් හසන් 32/2, මෙහෙදි හසන් 50/2)

 

378790646 697984705699982 8848629042052353698 n

Rahul2023.09.16

(kelimandala.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බංග්ලාදේශ පිල ඉන්දීය අපරාජිත වාර්තාව බිඳ දමයි - ලකුණු 6 ක තියුණු ජයක් | The Leader