The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මීටර් 6.31ක් උසට රිටි පනිමින් ඩුප්ලාන්ටිෂ් 15 වැනි ලෝක වාර්තාව පිහිටුවයි

T

The Leader Desk

March 14, 2026 • 3:24 PM

මීටර් 6.31ක් උසට රිටි පනිමින් ඩුප්ලාන්ටිෂ් 15 වැනි ලෝක වාර්තාව පිහිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආමන්ඩ් ඩුප්ලාන්ටිෂ් සිය පළමු උත්සාහයෙන්ම මීටර් 6.31ක උසක් සාර්ථක කර ගනිමින් 15 වැනි වරටත් රිටි පැනීමේ
  • 26 හැවිරිදි මේ ස්වීඩන් ජාතිකයා මකා දැමුවේ 2020 වසරේ සිට ඔහු සතුකර ගෙන සිටි මීටර් 6.17 වාර්තාව.
  • ඔහු පසුගිය ජූනි මාසයේ ස්ටොක්හෝම් හිදී මීටර් 6.28ක් සටහන් කළ අතර එය 2025 වසරේ ඔහුගේ ලෝක වාර්තාගත හපන්කම් හතරෙන් එකක් බවට පත්වුණා.
  • “මේක මගේ ගෙදරයි” ඩුප්ලාන්ටිෂ් රැස්ව සිටි පිරිසට කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා.

26 හැවිරිදි මේ ස්වීඩන් ජාතිකයා මකා දැමුවේ 2020 වසරේ සිට ඔහු සතුකර ගෙන සිටි මීටර් 6.17 වාර්තාව.

006 1
තමා හැදී වැඩුනු ස්වීඩනයේ උප්සාලා නගරයේ පැවති ගෘහස්ථ තරගාවලියේදී ඩුප්ලාන්ටිෂ් ඔහුගේ පළමු උත්සාහයන් හිදී මීටර් 5.65, මීටර් 5.90 හා මීටර් 6.08 උස පැන අවසන් වීමෙන් පසුව හරස් දණ්ඩ ලෝක වාර්තාවේ උස ප්‍රමාණය වන සෙන්ටිමීටර් 23 දක්වා ඉහළට ගෙන යන ලෙසට ඉල්ලා සිටියා. අනතුරුව ඔහු සැණින් ඒ උස ද ජයග්‍රහණය කරමින් එදින සවසට යෙදී තිබූ ඔහුගේ කාර්යය අවසන් කළා.

ඩුප්ලාන්ටිෂ් ස්වීඩනයේදී ලෝක වාර්තාව බිඳ දැමූ දෙවැනි අවස්ථාවයි මේ. ඔහු පසුගිය ජූනි මාසයේ ස්ටොක්හෝම් හිදී මීටර් 6.28ක් සටහන් කළ අතර එය 2025 වසරේ ඔහුගේ ලෝක වාර්තාගත හපන්කම් හතරෙන් එකක් බවට පත්වුණා.

“මේක මගේ ගෙදරයි” ඩුප්ලාන්ටිෂ් රැස්ව සිටි පිරිසට කියා සිටියා. “මේක අපේ උපන් බිමයි. මම තරග කරන හැම අවස්ථාවකම, මම නියෝජනය කරන්නේ ඔ්ගොල්ලන්වයි. මම ඒක කරන්නේ මහත් ආඩම්බරයෙන්.”

“මේ දෙය ඔබ සැම ඉදිරියේ කරන්න ලැබීම ගැන මට දැනෙන්නේ ලොකු ආඩම්රයක්. මම පනින්නේ මම වෙනුවෙන්. මගේ පවුල වෙනුවෙන්. නමුත් මම ඔබ වෙනුවෙනුත්, ස්වීඩනය වෙනුවෙනුත්, මට සහයෝගය දක්වන හැම දෙනා වෙනුවෙනුත් තරග කරනවා.”

“මට අභියෝග කරන්න කවුරුහරි ස්වීඩනයට ආවොත්, මාව පරද්දන්න ඉතාම අමාරු බව ඒගොල්ලන්ට වැටහේවි!”

රිටි පැනීමේ ලෝක වාර්තාව විටින් විට අලුත් කරමින් මුදල් උපයන ආමන්ඩ් ඩුප්ලාන්ටිෂ් ට ඔහුගේ මේ අලුත්ම වාර්තාව තවත් ඉහළට ගෙන යාමේ අවස්ථාවක් මේ මස අගදී උදාවනවා. ඒ, පෝලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ගෘහස්ථ ශූරතාවලිය.

006 2
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...