The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

72 වැනි රන් මහා සටන මාර්තු 29 ඇරඹේ

T

The Leader Desk

March 27, 2024 • 3:41 PM

72 වැනි රන් මහා සටන මාර්තු 29 ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය 1909 වසරේ රන්කොත් විහාරයේදී ආරම්භ කරනු ලැබුවේ
  • එම්.ජේ.සී.ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සීමාසහිත ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය 1924 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ මොරටුව ප්‍රදේශයේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීම පිණිස බෞද්ධ පාසලක් පිහිටුවීමේ අරමුණින්.
  • ස්ටැන්ලි විසින් 1929 වසරේ ජූනි මාසයේදී විදුහලට මුල්ගල තැබූ අතර 1934 ජනවාරි මස 19 වැනි දින මොරටු මහා විද්‍යාලය විවෘත කෙරුනේ සිසුන් 67 දෙනෙකු බඳවා ගෙන.
  • මේ පාසල් දෙක අතර 1934 වසරේ ආරම්භ වූ මහා ක්‍රිකට් තරග මේ වසරේ ද පැවැත්වෙන්නේ 72 වැනි වතාවට.
අකුරු ප්‍රමාණය (Font Size):

‘පානදුරා වාදය’ වෙනුවෙන් දීප ව්‍යාප්තව බුදු දහමට වැදගත් මෙහෙවරක් ඉටු කළ වැලිගම ශ්‍රී සුමංගල හිමියන් සිහිකරමින්. ශ්‍රී ලංකාවේ පැරණිතම පාසලක් වන මේ ජාතික පාසල දිවයිනේ තිබෙන විශාලතම බෞද්ධ විදුහලක්.

එම්.ජේ.සී.ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සීමාසහිත ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය 1924 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ මොරටුව ප්‍රදේශයේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීම පිණිස බෞද්ධ පාසලක් පිහිටුවීමේ අරමුණින්. එවකට ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ජේ. ස්ටැන්ලි විසින් 1929 වසරේ ජූනි මාසයේදී විදුහලට මුල්ගල තැබූ අතර 1934 ජනවාරි මස 19 වැනි දින මොරටු මහා විද්‍යාලය විවෘත කෙරුනේ සිසුන් 67 දෙනෙකු බඳවා ගෙන.

මේ පාසල් දෙක අතර 1934 වසරේ ආරම්භ වූ මහා ක්‍රිකට් තරග මේ වසරේ ද පැවැත්වෙන්නේ 72 වැනි වතාවට. ‘රන් මහා සටන’ ලෙසින් හැඳින්වෙන මේ තරගය මාර්තු 29 හා 30 දිනවල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙපිල අතර 31 වැනි එක්දින ක්‍රිකට් ගැටුම පැවැත්වෙන්නේ මාර්තු 31 වැනිදා.

මෙතෙක් පැවති ‘රන් මහා සටන’ තරග 71න් ශ්‍රී සුමංගල තරග 8ක් ද, මොරටු මහා විදුහල් පිල තරග 7ක් ද ජය ගෙන ඇති අතර ඉතිරි තරග සියල්ල ම අවසන්ව තිබෙන්නේ ජය පැරදුමකින් තොරව. ශ්‍රී සුමංගල විද්‍යාලය ඔවුන්ගේ පළමු ජයග්‍රහණය වාර්තා කර තිබෙන්නේ 1962 වසරේදී. මොරටු මහා විද්‍යාලය ප්‍රථම ජයග්‍රහණය ලබා ගෙන ඇත්තේ 1956 වසරේදී.

මේ කණ්ඩායම් දෙක අතර එක්දින මහා ක්‍රිකට් තරග ආරම්භ වී තිබෙන්නේ මීට වසර 31කට පෙර 1993 දී. මේ තරගවලින් ශ්‍රී සුමංගල ජයග්‍රහණ 15ක් ද, මොරටු මහා විදුහල ජයග්‍රහණ 12ක් ද වාර්තා කර තිබෙන්නේ තරග දෙකක් විසඳුමක් නැතිව අවසන් කර ගනිමින්. මේ තරගය 2001 වසරේදී පවත්වා නැහැ.

මෙවර තරගයේදී ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස විදූෂ පීරිස් කටයුතු කරන අතර මොරටු මහා විදුහල් කණ්ඩායම මෙහෙයවන්නේ මහිත් අප්පුහාමි. අසේල පෙරේරා ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමේත්, සංජය දිසානායක මොරටු මහා විදුහල් කණ්ඩායමේත් පුහුණුකරුවන් ලෙස කටයුතු කරනවා.

මේ විදුහල් දෙක ම ජාතික තලයට ක්‍රීඩකයන් බිහිකර තිබීම විශේෂත්වයක්.

දොන් අනුරසිරි, ඉන්දික ගාල්ලගේ, දිල්රුවන් පෙරේරා ශ්‍රී සුමංගල විදුහලෙන් බිහිවූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්. දොන් අනුරසිරි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වූ පළමු සුමංගලීය ක්‍රීඩකයා යි.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය පිරිනැමීමට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළ තිස්ස ඉලේපෙරුම ද මේ විදුහලේ ආදි සිසුවෙක්. කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ හා ඔ්ෂද ප්‍රනාන්දු මේ විදුහලෙන් බිහිව ජාතික මට්ටමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයන්.

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන් ද බිහි කිරීමට සමත් වූ ශ්‍රී ලංකාවේ එකම පාසල බවට පත්වීමේ අද්විතීය වාර්තාවට හිමිකම් කියන්නේ මොරටු මහා විද්‍යාලය යි.

මේ විදුහලේ සරත් ප්‍රනාන්දු හා බර්නාඩ් පෙරේරා ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළා.

‘අභිරහස් පන්දු යවන්නා’ ලෙසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තරග බිමට අජන්ත මෙන්ඩිස් පැමිණියේ ද මේ මොරටු විදුහලෙන්. ඔහු මේ විදුහලෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එක්වූ පළමු ක්‍රීඩකයා යි. නිශාන් මධුෂ්ක වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටිනවා.

මීට අමතරව, හසන්ත ප්‍රනාන්දු හා ලකී රොජර්ස් ද ජාතික මට්ටමෙන් පෙලහර පෑ ක්‍රීඩකයන්.

මොරටු මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් වන ඉනෝෂි ප්‍රනාන්දු හා උපේක්ෂා තාබෲ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වුනා.

 

Sumangalaපානදුර ශ්‍රී සුමංගල විදුහල් ක්‍රිකට් කණ්ඩායම
               
Moratuමොරටු මහා විදුහල් ක්‍රිකට් කණ්ඩායම

2023/24 ක්‍රිකට් වාරයේදී ශ්‍රී සුමංගල විද්‍යලයීය කණ්ඩායම මේ වන විට අවුරුදු 19න් පහළ දෙවැනි ඛාණ්ඩයේ ‘ඒ’ කොටසේ තරගාවලියේ පළමු වටයේ තරග 8කට ක්‍රීඩා කර ජයග්‍රහණ 7ක් වාර්තා කර තිබෙන අතර මෙයින් 5ක් ම ඉනිමකින් ලද ජයග්‍රහණ වීම විශේෂත්වයක්. අනෙක් තරගය අවසන් වූයේ ජය පැරදුමකින් තොරව.

මොරටු මහා විද්‍යාලය මේ ක්‍රිකට් වාරයේදී අවුරුදු 19න් පහළ පළමු ඛාණ්ඩයේ ‘ටියර් බී’ තරගාවලියේ පළමු වටයේ තරග 8කට ක්‍රීඩා කර ඉනිමක ජයග්‍රහණයක් ද, පළමු ඉනිමේ ජයග්‍රහණ 5ක් ද ලබා ගෙන සිටිනවා. එක් තරගයක් ඉනිමකින් ද, තවත් තරගයක් පළමු ඉනිමෙන් ද පරාජයට පත්ව තිබෙනවා.

විදුහල්පතිවරුන් වන ශ්‍රී සුමංගල විද්‍යාලයේ රවීන්ද්‍ර පුෂ්පකුමාර හා මොරටු මහා විද්‍යාලයේ රුවන් අරඹේපොල යන මහත්වරු මේ මහා ක්‍රිකට් තරග ඉහළ විනයක් සහිතව පවත්වා ගෙන යාමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර ‘රන් මහා සටන’ට ජවය ගෙනෙන ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස අනූනයින් හෝල්ඩිංස්, නචුරබ්, ඩයලොග්, සුපර් ෆැෂන්, ශෝපිමෝ සහ සිංගර් ආයතන අත්වැල් බැඳගෙන සිටිනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

72 වැනි රන් මහා සටන මාර්තු 29 ඇරඹේ | The Leader