The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාකිස්තානය ලකුණු 81 කින් ජයගනී

T

The Leader Desk

October 7, 2023 • 4:05 AM

 පාකිස්තානය ලකුණු 81 කින් ජයගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර හයිද්‍රාබාද් නුවරදී ඊයේ (06 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 81 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.
  • නෙදර්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු වික්‍රම්ජිත් සිං (52) සහ බස් ඩි ලීඞ් (67) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ.
  • හාරිස් රවුෆ් කඩුලු 3 ක්ද, හසන් අලී කඩුලු 2 ක්ද බිඳහෙළමින් නෙදර්ලන්තයේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
  • බස් ඩි‘ලීඩි (62/4) සහ කොලින් ඇකර්මන්ගේ (39/2) පන්දු යැවීම හමුවේ තම සිතැඟි ඉටුකරගත නොහැකි වූ පාකිස්තානුවෝ, ඕවර 49 ක් අවසානයේ ලකුණු 286 කට දැවී ගියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයග්‍රහණය සඳහා ලකුණු 287 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්තය ඕවර 41 ක් අවසානයේ ලකුණු 205 කට සීමා විය.

නෙදර්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු වික්‍රම්ජිත් සිං (52) සහ බස් ඩි ලීඞ් (67) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ. හාරිස් රවුෆ් කඩුලු 3 ක්ද, හසන් අලී කඩුලු 2 ක්ද බිඳහෙළමින් නෙදර්ලන්තයේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

බස් ඩි‘ලීඩි (62/4) සහ කොලින් ඇකර්මන්ගේ (39/2) පන්දු යැවීම හමුවේ තම සිතැඟි ඉටුකරගත නොහැකි වූ පාකිස්තානුවෝ, ඕවර 49 ක් අවසානයේ ලකුණු 286 කට දැවී ගියහ. පාකිස්තානය වෙනුවෙන් සවුද් ශකීල් (68) සහ මොහොමඞ් රිස්වාන් (68) දෙදෙනාම අර්ධ ශතක ලබාගත් නමුත් තමන්ගේ ඉලක්කය ලකුණු 300 න් මෙපිට තබාගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 

 
Neda 2023.10.07

කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ශකීල්ගේ ලකුණු 68 පැමිණියේ පන්දු 52 කිනි. රිස්වාන් පන්දු 75 කින් ලකුණු 68 ක් ලබාගත්තේය.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සවුද් ශකීල් සහ මොහොමඞ් රිස්වාන් දෙදෙනා කඩා වැටුණු ඉනිම පිළිසකර කරගත්හ. එතැන් සිට ලකුණු 30 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටුණු බැවින් පාකිස්තානුවෝ යළිත් අමාරුවේ වැටුණහ.

ඉනිමේ අවසන් කොටසේදී මොහොමඞ් නවාස් (39) සහ ශදාබ් ඛාන් (32) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක්කළ බැවින් පාකිස්තානුවෝ ලකුණු 280 සීමාව පසුකර ගියහ.


පාකිස්තානය - ඕවර 49 කදී සියලු දෙනා දැවී 286
(ෆකර් සමාන් 12, ඉමාම් උල් හක් 15, සවුද් ශකීල් 68, මොහොමඞ් රිස්වාන් 68, මොහොමඞ් නවාස් 39,  සහ ශදාබ් ඛාන් 32, ශහීන් අෆ්රීඩි නොදැවී 13, හාරිස් රවුෆ් 16, බස් ඩි‘ලීඩි 62/4, කොලින් ඇකර්මන් 39/2)

නෙදර්ලන්තය - ඕවර 41 කදී සියලු දෙනා දැවී 205
(වික්‍රම්ජිත් සිං 52, බස් ඩි ලීඞ් 67, ලෝගන් වැන් බීක් 28, හාරිස් රවුෆ් 43/3, හසන් අලී 33/2)

(kelimandala.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...