The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පන්දු 95කින් ලකුණු 171ක්: ඉන්දියාවේ සූර්යවන්ශිගෙන් නොනවතින වාර්තා

T

The Leader Desk

December 12, 2025 • 3:00 PM

පන්දු 95කින් ලකුණු 171ක්: ඉන්දියාවේ සූර්යවන්ශිගෙන් නොනවතින වාර්තා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑත කාලයේ ඉන්දියාවෙන් මතුවූ දීප්තිමත් නැගී එන පිතිකරුවා ලෙස තමන්ට තිබෙන කීර්තිය වයිභාව් සූර්යවන්ශි දිගටම
  • වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය අද ඩුබායි හිදී ආරම්භ වූ අතර ඉන්දියාව ඔවුන්ගේ පළමු තරගයේ මුහුණ දුන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට.
  • ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව තමාගේ පිතිකරණයේ ශක්තිය සලකුණු කිරීම පිණිස කාලය නාස්ති නොකළ සූර්යවන්ශි පන්දු 95කින් ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.
  • ඔහු ශතකය ලබා ගැනීම සඳහා මුහුණ දුන්නේ පන්දු 56කට පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔප දමමින් සිටින්නේ තවත් ලොමු දැහැ ගන්වන පිතිහරඹයක් වාර්තා කරමින්.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය අද ඩුබායි හිදී ආරම්භ වූ අතර ඉන්දියාව ඔවුන්ගේ පළමු තරගයේ මුහුණ දුන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට. ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව තමාගේ පිතිකරණයේ ශක්තිය සලකුණු කිරීම පිණිස කාලය නාස්ති නොකළ සූර්යවන්ශි පන්දු 95කින් ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහු ශතකය ලබා ගැනීම සඳහා මුහුණ දුන්නේ පන්දු 56කට පමණයි. ඒ අනුව ඔහු වයස අවුරුදු 19න් පහළ මට්ටමේ තෙවැනියට වේගවත්ම ශතකය වාර්තා කළා.  

cgh5r6754
ලකුණු 4කට දැවී ගිය නායක අයුෂ් මහත්‍රී සමග ඉන්දියා ඉනිම ඇරඹූ සූර්යවන්ශි විශිෂ්ට යළි නැගී සිටීමකට පෙරමුණ ගනිමින් අර්ධ ශතකයක් (පන්දු 73කින් ලකුණු 69) ලබා ගත් ඒරන් ජෝර්ජ් සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 212ක සබඳතාවක් පිහිටුවූවා.

සූර්යවන්ශි වාර්තාගත ද්විත්ව ශතකයක් කරා යන සෙයක් පෙන්නුම් කළ ද, ඊට ලකුණු 29ක් අඩුවෙන් තිබියදී දැවී ගියා. මීට අමතරව ඔහු, ටෝන්ටන් හිදී එංගලන්තය ට එරෙහිව 2002 අගෝස්තුවේදී අම්බාටි රයිදු පන්දු 169කින් නොදැවී ලකුණු 177ක් ලබා ගෙන පිහිටුවා තිබූ යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (Youth ODI) වැඩිම ලකුණු ප්‍රමාණයේ ඉන්දියානු වාර්තාව මකා දැමීමේ ආසන්නය ට ද පැමිණියා.

සූර්යවන්ශි දැන් යොවුන් ODI ඉතිහාසයේ නව වැනියට හොඳම පිතිකරණය වාර්තා කර තිබෙනවා. එසේ කිරීමේදී ඔහු යොවුන් ODI තරග බිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවන්ගේ ලොකු නාමයන් කිහිපයක්ම පසුකර ගොස් තිබෙනවා. ඒ පිතිකරුවන් අතරේ ෂිඛර් ධවාන් (නොදැවී 155), ඒ.බී. ඩි විලියර්ස් (143) සහ ෂුබ්මන් ගිල් (නොදැවී 160) ඇතුළු තවත් කිහිප දෙනෙකු සිටිනවා.

ICC ඇකඩමි ක්‍රීඩාංගණයේ සුර්යවන්ශිගේ අද ඉනිමට හතරේ පහර 9ක් සහ වාර්තාගත හයේ පහර 14ක් ඇතුළත්ව තිබුණා. ඒ අනුව ඔහු යොවුන් ODI තරගවලදී පිතිකරුවෙකු ඉනිමකදී එල්ල කළ වැඩිම හයේ පහර වාර්තාව බිඳ දැමුවා. ඔහු විසින් මකා දමනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ මයිකල් හිල් නැමීබියාව ට එරෙහිව 2008 වසරේ පෙබරවාරියේ එල්ල කර තිබූ හයේ පහර 12 වාර්තාව.

පිතිහරඹයේ විස්මිත දක්ෂතා අඛණ්ඩව ප්‍රදර්ශනය කරමින් සිටින මේ ළාබාල පිතිකරුවා සතුව යොවුන් ODI ඉතිහාසයේ වැඩිම හයේ පහර වාර්තාව ද තිබෙනවා. අද තරගයට පෙර ඔහු හයේ පහර 43ක් සටහන් කර තිබුණා. සූර්යවන්ශි දැන් ඉනිම 12කින් හයේ පහර 57ක් සමග යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ හයේ පහර 50ක් හෝ ඊට වැඩියෙන් එල්ල කළ පළමු පිතිකරුවා ලෙස ඉතිහාසගතව සිටිනවා.

cghe565
මේ ලැයිස්තුවේ සිටින දෙවැනියට හොඳම පිතිකරුවා ද ඉන්දියානුවෙක්. ඒ, වසර 2011 සිට 2012 දක්වා කාලය තුළ ඉනිම 21කදී හයේ පහර 38ක් ලබා ගත් අවුරුදු 19න් පහළ ‌ලෝක කුසලාන ජයග්‍රාහී නායක අන්මුක්ට් චාන්ඩ්.

සූර්යවන්ශි මේ දක්වා ඔහු ක්‍රීඩා කර තිබෙන ඉනිම 12දී ශතක දෙකක් ද සමග ලකුණු 727ක් රැස්කර තිබෙනවා. මේ ශතක දෙක ම ඔහු වාර්තා කළේ මේ වසරේ. ඔහු මෙතෙක් එල්ල කර තිබෙන හතරේ පහර සංඛ්‍යාව 59ක්.

සූර්යවන්ශිගේ යෝධ පරිශ්‍රමය මත ඉන්දියාව අද යොවුන් ODI පිටියේ ඔවුන්ගේ වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වන 433/6 වාර්තා කළා. ඔවුන් අභිබවා ගියේ මීට කළින් ඔවුන්ගේ හොඳම වාර්තාව ලෙස සටහන්ව තිබු 2004 වසරේ පෙබරවාරි මාසයේ ලබා ගත් 425/3 මුළු ලකුණු ප්‍රමාණය.

සමස්තයක් ලෙස මෙය යොවුන් ODI තරගවල වාර්තා වූ තෙවැනියට වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවයි. මීට ඉහළින් තිබෙන්නේ 2002 වසරේ ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ කණ්ඩායමේ 480/6 සහ 2018 වසරේ නවසිලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායමේ 436/4 යි.

‘රාජස්තාන් රෝයල්ස්’ කණ්ඩායම සමග පසුගිය වසරේදී ගිවිසුම් අත්සන් කර ඉන්දීය ප්‍රිමිය ලීගයේ (IPL) කොන්ත්‍රාත්තුවක් ලද ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වූ දා පටන් 14 හැවිරිදි වයිභාව් සූර්යවන්ශි ඉතිහාසය නිර්මාණය කිරීම පුරුද්දක් කරගෙන සිටිනවා. IPL ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වූ ඔහු එම තරග බිමේ මුහුණ දුන් පළමු පන්දුව ට ම හයේ පහරක් එල්ල කරමින් සිය ක්‍රීඩා දිවිය ආරම්භ කළේ විස්මිත තාලයකින්. පසුව ඔහු IPL ඉතිහාසයේ ඉන්දියානුවෙකුගේ වේගවත්ම ශතකයේ වාර්තාව ද බිඳ දැමුවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...