The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක් - අවසන් පූර්ව වටයට

T

The Leader Desk

July 18, 2023 • 6:15 PM

ශ්‍රී ලංකා A  කණ්ඩායමට විශිෂ්ට ජයක් - අවසන් පූර්ව වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන A කණ්ඩායම සමග
  • ජයග්‍රහණය සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ඕමාන A කණ්ඩායමට ඕවර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි.
  • එහිදී චාමික කරුණාරත්න ලකුණු 03 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕමාන A ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ප්‍රමෝද් මධුෂාන්, දුනිත් වෙල්ලාලගේ සහ ළහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
  • පළමුවෙන් පන්දුවට පහරදුව් ශ්‍රී ලංකා A කණ්ඩායම, ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් රැස්කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති තරගයෙන් ලකුණු 217 ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

ආසියානු ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ මෙම තරඟය පැවැත්විණ.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා A කණ්ඩායම, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ඕමාන A කණ්ඩායමට ඕවර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි.

එහිදී චාමික කරුණාරත්න ලකුණු 03 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕමාන A ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ප්‍රමෝද් මධුෂාන්, දුනිත් වෙල්ලාලගේ සහ ළහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.

පළමුවෙන් පන්දුවට පහරදුව් ශ්‍රී ලංකා A කණ්ඩායම, ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් රැස්කළේය.

 
 ශ්‍රී ලංකා A  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පසිඳු සූරියබණ්ඩාර පන්දු 75 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමග ලකුණු 60 ක් රැස්කළේය. ලකුණු 84 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සහන් ආරච්චිගේ (48) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 132 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පසිඳු සමත් විය.

Pasindu Sooriyabandara

ආරම්භක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, ලසිත් කෲස්පුල්ලේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 22 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 21 ක් ලබා ශ්‍රී ලංකා A  ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.


ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 259  
(අවිෂ්ක ප්‍රනාන්දු 25, ලසිත් කෲස්පුල්ලේ 43, පසිඳු සූරියබණ්ඩාර 60, සහන් ආරච්චිගේ 48, දුනිත් වෙල්ලාලගේ නොදැවී 21, චාමික කරුණාරත්න 20, අකීබ් අල්ලියාස් 58/4, අයාන් ඛාන් 39/2, ජයේ ඔඩේඩ්‍රා 44/2)

ඕමාන නැඟී එන පිල - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 42
(කාශ්‍යප් ප්‍රජාපති 18, චාමික කරුණාරත්න 03/3, ප්‍රමෝද් මධුෂාන් 06/2, දුනිත් වෙල්ලාලගේ 10/2, ළහිරු සමරකෝන් 21/2)

 

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...