The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ජීවිත සියල්ල සමානයි' - පණිවුඩය ප්‍රදර්ශනය කරන්න උස්මාන් කවාජාට අවසර නැහැ

T

The Leader Desk

December 15, 2023 • 2:54 PM

'ජීවිත සියල්ල සමානයි' - පණිවුඩය ප්‍රදර්ශනය කරන්න උස්මාන් කවාජාට අවසර නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ පර්ත් හි ක්‍රීඩා කරන
  • නමුත් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊට ඉඩ නොදීම හේතුවෙන් ඒ ප්‍රකාශය වෙනුවට ඔහු ඊයේ (14) ආරම්භක දිනයේ තරග බිමට පිවිසියේ කළු අත්පටියක් පැළඳ.
  • කණ්ඩායම් ක්‍රීඩා ඇඳුම්වල හෝ ක්‍රීඩා උපකරණවල දේශපාලනික හෝ ආගමික ප්‍රකාශයන් ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වන ICC ප්‍රතිපත්තිවලට අනුව තහනම්.
  • පෞද්ගලිකව හෝ කණ්ඩායමට හෝ සම්බාධක පැනවීම වළක්වා ගැනීම පිණිස තමා ඔවුන්ගේ තීරණයට හිස නැමුවත් ICCයේ මතයට අභියෝග කරන බව කවාජා පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පළමු තරගයේදී “සෑම ජීවිතයක් ම එක සමානයි” යන මානව හිතවාදී ප්‍රකාශය සඳහන් ක්‍රීඩා පාවහන් පැළඳ ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා (Usman Khawaja) සූදානමින් සිටියා. නමුත් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊට ඉඩ නොදීම හේතුවෙන් ඒ ප්‍රකාශය වෙනුවට ඔහු ඊයේ (14) ආරම්භක දිනයේ තරග බිමට පිවිසියේ කළු අත්පටියක් පැළඳ.

Usman Khawaja

ඊශ්‍රායලය හා පලස්තීනය අතර කෙරෙන යුද්ධයේදී නැතිවන අහිංසක ජීවිත පිළිබඳව ලෝකයාගේ අවධානය යොමු කරවමින් “ALL LIVES ARE EQUAL” යන පණිවුඩය සඳහන් පාවහන් පැළඳ ක්‍රීඩා කිරීමේ කවාජාගේ සැලසුම දැන ගත් ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පෙරේදා ඊට මැදිහත් වෙමින් එය වළක්වා තිබෙනවා.

කණ්ඩායම් ක්‍රීඩා ඇඳුම්වල හෝ ක්‍රීඩා උපකරණවල දේශපාලනික හෝ ආගමික ප්‍රකාශයන් ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වන ICC ප්‍රතිපත්තිවලට අනුව තහනම්.

පෞද්ගලිකව හෝ කණ්ඩායමට හෝ සම්බාධක පැනවීම වළක්වා ගැනීම පිණිස තමා ඔවුන්ගේ තීරණයට හිස නැමුවත් ICCයේ මතයට අභියෝග කරන බව කවාජා පවසනවා.

dkjd
“නිදහස යනු මානව අයිතියක් වන අතර සියළුම අයිතීන් එක සමානයි” යනුවෙන් කවාජා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා තිබෙනවා. “එහෙම විශ්වාස කරන එක මම කවදාවත් නතර කරන්නේ නැහැ.”


ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන පළමු මුස්ලිම් ජාතිකයා වන්නේ පාකිස්තානයේ උපන් උස්මාන් කවාජා.

zvfsfe
ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 36 හැවිරිදි කවාජා අනෙක් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝන් සමග ඊයේ කඩුල්ලට පිවිසියේ ගාසා තීරයේ පීඩා විඳින ජනතාව සමග සහයෝගිතාව පෙන්වීම පිණිස කළු වර්ණයෙන් යුත් අත්පටියක් පැළඳ.

වෙනත් හේතු සඳහා සහයෝගය පළ කිරීමට වෙනත් ක්‍රීඩකයින්ට ICCය අවසර දුන් පූර්වාදර්ශ තිබෙන බව කවාජා තරගයට පෙර පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබුනා.


“ඔවුන් මට විරුද්ධව මෙතරම් තදින් ක්‍රියා කිරීමත් හැමෝටම ඔවුන් මේ තරමට තදින් නොසිටීමත් ගැන මම ඉන්නේ කලකිරීමෙන්” කවාජා කියනවා.


ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක පැට් කමින්ස් (Pat Cummins) හා එරට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් (Jim Chalmers) ඇතුළු උසස් මට්ටමේ පුද්ගලයින්ගේ සහායක් කවාජා ට තිබෙනවා.

“සපත්තුවල තිබූනු ALL LIVES ARE EQUAL යන ප්‍රකාශයට මම සහයෝගය දක්වනවා” යැයි කමින්ස් කියනවා. “එය භේද ඇතිවිය හැකි දෙයක් නෙවෙයි. ඒ ගැන ඇත්තටම කාටවත් ඔය කියන තරමට පැමිණිලි තියෙනවා කියා මම හිතන්නේ නැහැ.”

කවාජා ට ඒ පාවහන් පැළඳීමට ICCය ඉඩ දිය යුතු බව චාමර්ස් ඔස්ට්‍රේලියානු ගුවන්විදුලි සේවයට පවසා තිබෙනවා.


“එය විශේෂයෙන් මතභේදයට තුඩු දෙන ප්‍රකාශයක් කියා මම හිතන්නේ නැහැ. ඒකට විරුද්ධ වෙන්න මිනිස්සුන්ට ඔ්න කියන එක පිළිගන්න ඇත්තටම මට අමාරුයි” ඔහු ප්‍රකාශ කළා. “ගැටුමක එක පැත්තක තියෙන ජීවිත ඒ ගැටුමේ අනෙක් පැත්තේ තිබෙන ජීවිතවලට වඩා වැඩියෙන් වටින්නෙත් නැහැ අඩුවෙන් වටින්නේත් නැහැ.”


රතු, කොළ සහ කළු වර්ණවලින් මේ ප්‍රකාශය ලියවුනු සපත්තුවක් පැළඳ කවාජා පුහුණුවේ නිරතව සිටින අයුරු ඡායාරූපගතව තිබුනා. “නිදහස යනු මානව අයිතියක්” - Freedom is a Human Right - යන වචන අනෙක් සපත්තුවේ සඳහන්ව තිබිනැයි වාර්තා වෙනවා.


“මම කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ” යැයි කවාජා ඔහුගේ අලුත්ම සමාජ මාධ්‍ය වීඩියෝ පණිවුඩයෙන් කියා තිබෙන්නේ තමාගේ ප්‍රකාශය දේශපාලනික එකක් නොවන බව පෙන්වා දෙමින්. “මනුස්ස ජීවිත මට නම් එක සමානයි. එක යුදෙව් ජීවිතයක් සමානයි එක මුස්ලිම් ජීවිතයක් සමානයි එක හින්දු ජීවිතයක් සමානයි.......ලෙසින් දිගටම පවතිනවා.”

“මම මගේ සපත්තුවල ලියා තියෙන දෙයින් යම් කැළඹීමක් ඇතිවී තිබෙන බවක් මට තේරුම් ගිහින් තියෙනවා” යනුවෙන් උස්මාන් කවාජා එම වීඩියෝවෙන් කියා තිබෙනවා. “මම වැඩි දෙයක් කියන්නේ නැහැ. එහෙම කරන්න මට අවශ්‍ය නැහැ. නමුත් මෙයින් අමනාපයට පත් සියළු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ මම මේ අහන ප්‍රශ්න ඔබ ඔබගෙන් ම අහගන්න කියලා.”

“නිදහස තිබිය යුත්තේ හැමෝටම නෙවෙයිද? සියළුම ජීවිත එක සමාන නැද්ද?”

Usman Khawaja X
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...