The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වසර 57කට පසුව Arnold Schwarzeneggerගේ වාර්තාවක් බිඳ වැටෙයි

T

The Leader Desk

December 16, 2023 • 10:25 AM

 වසර 57කට පසුව Arnold Schwarzeneggerගේ වාර්තාවක් බිඳ වැටෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව යොවුන් වියේ සිටින අමෙරිකානු කායවර්ධකයෙක් ආනොල්ඩ් ශ්වෝස්සනෙග (Arnold Schwarzenegger)ගේ වාර්තාවක් මකා දමා තිබෙනවා.
  • තවමත් 19 හැවිරිදි වියේ පසුවන ඇන්ටන් රැටුෂ්නි (Anton Ratushnyi) ආනොල්ඩ්ගේ වාර්තාව අභිබවා ගොස් සිටින්නේ ලොව ළාබාලතම වෘත්තීය කායවර්ධකයා - Bodybuilder - බවට පත්වෙමින්.
  • ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම කායවර්ධක ශූරයෙකු ලෙස පිළිගැනෙන ජනප්‍රිය හොලිවුඩ් නළු ශ්වෝස්සනෙග කායවර්ධක ශූරතාවක් (Mr.
  • Universe) දිනා ගත්තේ වයස අවුරුදු 20දී.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වාර්තාව බිඳ වැටී තිබෙන්නේ ඔස්ට්‍රියානු ජාතිකයා නමක් දිනා ගෙන වසර 57කට පසුව.

තවමත් 19 හැවිරිදි වියේ පසුවන ඇන්ටන් රැටුෂ්නි (Anton Ratushnyi) ආනොල්ඩ්ගේ වාර්තාව අභිබවා ගොස් සිටින්නේ ලොව ළාබාලතම වෘත්තීය කායවර්ධකයා - Bodybuilder - බවට පත්වෙමින්.

106457138 1584988805563gettyimages 3238896ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම කායවර්ධක ශූරයෙකු ලෙස පිළිගැනෙන ජනප්‍රිය හොලිවුඩ් නළු ශ්වෝස්සනෙග කායවර්ධක ශූරතාවක් (Mr. Universe) දිනා ගත්තේ වයස අවුරුදු 20දී. පසුව ඔහු Mr. Olympia කිරුළ හත් වතාවක් හිමිකර ගැනීමට සමත් වුනා.

ළාබාලතම Classic Physique Professional නමැති කිරුළ රැටුෂ්නි අත්කර ගෙන තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම ආධුනික කායවර්ධන සංවිධානය වන ජාතික ෆිසීක් කමිටුවේ - National Physique Committee (NPC) ජාතික ශූරතාව දිනා ගනිමින්. ඒ සමග ම ඔහුට වෘත්තීය කායවර්ධන කාඩ්පත ද හිමි වී තිබෙනවා.

මේ නව යොවුන් සුපිරි තරුව සමාජ මාධ්‍යයේ තැබූ ඔහුගේ ජයග්‍රාහී සටහනින් මෙසේ කියා තිබෙනවා: “පසුගිය වසරේදී මම මැඩපවත්වා ගත් අසීරුතාවන් දෙස බලන විට, තමන් ගැන විශ්වාසය තබා අනෙක් අය ඔබ ගැන මොනවා කිවුවත් තමා තමන් ට ම අවංකව සිටීම කොච්චර වැදගත් ද කියන කාරණාව මීට වඩා හොඳින් අවධාරණය කරන්න මට බැහැ.”
GA fL92W4AABd6L
“මගේ ඇත්ත ආශාව හඹා යාමට හා මට ඇතිවූ සෘණාත්මක සිතුවිලිවලට යටත් නොවී සිටීමට මා ගත් තීරණය ගැන මම ඉතාම සතුටු වෙනවා.”

“කායවර්ධනයේ සාර්ථක වීමට පමණක් නොව වර්තමාන අලුත් පරම්පරාව පෙළඹවිය හැකි වටිනාකමක් තිබෙන පුද්ගලයෙකු ලෙස හැදී වැඩීමටත් මම මානසිකව, ශාරීරිකව හා හැඟීම්බරව සූදානම් වීමේ අවදානම ගත්තා.”

සමාජ මාධ්‍ය සටහන අවසන් කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කර තිබෙනවා: “නෝනාවරුනි මහත්වරුනි!, මේ ඔබේ අලුත් ම ළාබාලතම IFBB ක්ලැසික් වෘත්තීය කායවර්ධකයා සහ 2023 NPC Nationals සමස්ත ශූරයා.”

Anton Ratushnyi 3
සිය සාර්ථකත්වය මධ්‍යයේත් රැටුෂ්නි ට ප්‍රසිද්ධියක් ලැබී නැත්තේ ඔහුගේ ක්‍රීඩාව ට ප්‍රමාණවත් මාධ්‍ය අවධානයක් නොලැබුනු නිසාවෙන්.

මෙවැනි අවස්ථාවක් එළඹෙන තුරු ඔහු සිවු වසරක් තිස්සේ ඉතාමත් වෙහෙසකාරීව පුහුණු වී තිබෙන්නේ හැකි තරම් හොඳින් තමාගේ ශරීරය වර්ධනය කර ගැනීමට උත්සාහ කරමින්.

මේ හේතුවෙන් ඔහුගේ සමාජ මාධ්‍ය අනුගාමිකයන් පිරිස වැඩි වී තිබෙන අතර ඔහුට දැන් ‘ඉන්ස්ටග්‍රෑම්’ අනුගාමිකයින් 205,000ක් සිටිනවා.

ලබන වසරේ Mr. Olympia තරගාවලියට සහභාගි වන ලෙසට මේ 19 හැවිරිදි තරගකරුවාට දැනටමත් ඉල්ලීම් ගණනාවක් ලැබී තිබෙන අතර Classic Physique අංශයේ පසුගිය ශූරතා පහ ම දිනා ගත් ක්‍රිස් බම්ස්ටෙඩ් (Chris Bumstead)ගේ ආරාධනාව ද ඒ අතර වනවා.

 



warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...