The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

BBL ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා සංචාරයට නෑ

T

The Leader Desk

December 19, 2025 • 9:07 AM

BBL ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා සංචාරයට නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේ ‘බිග් බෑෂ් ලීගයට’ (BBL) ක්‍රීඩා කරන කිසිම පාකිස්තාන ක්‍රීඩකයෙක් ලබන ජනවාරියේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පාකිස්තාන විස්සයි20 කණ්ඩායමට ඇතුළත් නොවීමට ඉඩ තිබෙනවා.
  • ‘බිග් බෑෂ් ලීග්’ තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින මේ ක්‍රීඩකයන් ලබන වසරේ ජනවාරි මාසයේ මුලට යෙදෙන ශ්‍රී ලංකා කෙටි සංචාරය වෙනුවෙන් එම ලීගයෙන් ඉවත්කර ගැනීමට ඉඩ ඇති බවට සැකයක් මතුව තිබුණා.
  •   නමුත් මේ ක්‍රීඩකයන් BBL තරග බිමේ දිගටම රැඳී සිටිනු ඇති බවට තමන්ට විශ්වාස යැයි ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ (CA) ප්‍රධාන විධායක ටොඩ් ග්‍රීන්බර්ග් ප්‍රකාශ කරනවා.
  •   ටොඩ් ග්‍රීන්බර්ග් ‘බිග් බෑෂ් ලීගය’ 2025 දෙසැම්බර් 14 සිට 2026 ජනවාරි 25 දක්වා පැවැත්වෙන අතර පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා විස්සයි20 තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජනවාරි 7, 9 හා 11 යන දිනවල.
අකුරු ප්‍රමාණය (Font Size):


බාබර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, මොහමඩ් රිස්වාන්, ෂඩාබ් ඛාන්, හැරිස් රවුෆ් සහ හසන් අලි යන පාකිස්තාන ක්‍රීඩකයන් 2026 BBL තරගාවලිය සඳහා අත්සන් කර තිබෙනවා.

‘බිග් බෑෂ් ලීග්’ තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින මේ ක්‍රීඩකයන් ලබන වසරේ ජනවාරි මාසයේ මුලට යෙදෙන ශ්‍රී ලංකා කෙටි සංචාරය වෙනුවෙන් එම ලීගයෙන් ඉවත්කර ගැනීමට ඉඩ ඇති බවට සැකයක් මතුව තිබුණා.

 

bar bar

නමුත් මේ ක්‍රීඩකයන් BBL තරග බිමේ දිගටම රැඳී සිටිනු ඇති බවට තමන්ට විශ්වාස යැයි ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ (CA) ප්‍රධාන විධායක ටොඩ් ග්‍රීන්බර්ග් ප්‍රකාශ කරනවා. ඔහු මෙසේ විශ්වාසය පළ කරන්නේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සැලසුම් කර තිබියදීත් ‘බිග් බෑෂ් ලීගයේ’ ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයන් සම්පූර්ණ BBL තරගාවලියේ රැඳී සිටින බවට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් CA ට සහතික වී ඇති නිසායි. 

“මේ ක්‍රීඩකයන්ව BBL විසින් අත්සන් කරගෙන ඇත්නම්, ඔවුන් මුළු BBL තරගාවලියම ක්‍රීඩා කරාවි කියලා පාකිස්තානය අපට සහතික වී තිබෙනවා” යැයි ග්‍රීන්බර්ග් කියා සිටිනවා.

 

Todd bannerටොඩ් ග්‍රීන්බර්ග්

‘බිග් බෑෂ් ලීගය’ 2025 දෙසැම්බර් 14 සිට 2026 ජනවාරි 25 දක්වා පැවැත්වෙන අතර පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා විස්සයි20 තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජනවාරි 7, 9 හා 11 යන දිනවල.

ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට කලින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාකිස්තාන සංචාරයක් (ජාත්‍යන්තර විස්සයි20 තරග) පිළිබඳ අවසන් තීරණයකට එළඹීම පිණිස ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල පාකිස්තානය ට යවා තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...