දස වසරක සාර්ථකත්වය සමරන ‘C රග්බි’ ක්‍රීඩාව මෙවර තරගාවලිය සඳහා ආදි බාලක හා බාලිකා ඒකාබද්ධ කණ්ඩායම් අට ට අමතරව ප්‍රථම වතාවට සංස්ථා කණ්ඩායම් අටක් ද ඇතුළත් කර තිබෙනවා.
ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ කීර්තිමත් පුද්ලයෙකු වන ඩිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් AGOAL ජාත්‍යන්තර ආයතනය 10 වැනි වරට සංවිධානය කරන ‘C රග්බි’ තරගාවලිය ජූලි 17 වැනි සිකුරාදා හා 18 වැනි සෙනසුරාදා කොළඹ ලොංග්ඩන් පෙදෙසේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර තරගාවලියට නව ජවයක්, නව ආකෘතියක් හා සැණකෙළි සිරියක් එක්කර තිබෙන්නේ රග්බි ක්‍රීඩාව, සංගීතය හා ක්‍රීඩා ප්‍රතිවාදිත්වය මිශ්‍ර වන අමතක නොවන සතිඅන්තයක් නිර්මාණය කරමින්.
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ තරගාවලිය පැවැත්වුනු අවස්ථාවේ එහි තිබුණු උද්යෝගිමත් පරිසරය
ආදි පාසල් ශිෂ්‍යන්ගේ එකතුවීමක් ලෙසින් ආරම්භ වූ ඉසව්වක් දැන් ආශ්චර්යමත් සංසිද්ධියක් දක්වා ක්‍රමයෙන් විකසනය වී තිබෙනවා. මේ වසරේ තරගාවලියට සංස්ථා කණ්ඩායම් තරග කොටසක් හා ප්‍රදර්ශන තරග ඇතුළත් කර තිබෙන්නේ හවුලේ බෙදා ගන්නා ධජයන් හා මිත්‍රත්වයේ සම්ප්‍රදායට විනෝදයේ අලුත් ස්තරයන් එක් කරමින්.
ක්‍රීඩාව තුළින් මිතුරන් අතර සුහදශීලිත්වය යළි ප්‍රාණවත් කිරීමේ ප්‍රධාන ඉසව්වක් බවට පත්ව තිබෙන ආකෘතියක් යටතේ ක්‍රීඩා කිරීම සඳහා පාසල් හා සංස්ථා නියෝජනය කරන කණ්ඩායම් 16ක් මෙවර තරග බිමට පිවිසෙන බව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා කියා සිටියා.
AGOAL ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානී ඩිල්රෝයි ප්‍රනාන්දු
කණ්ඩායමකට පස් දෙනෙකු බැගින් වන මේ ‘ටැග් රග්බි’ තරගාවලිය නිර්මාණය කර තිබෙන ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා මෙරට රග්බි ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය දැවැන්තයෙක්. ඉසිපතන විදුහල, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය හා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන ඔහු ජාත්‍යන්තර රග්බි විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
ඩිල්රෝයි ප්‍රනාන්දු (මැද) C Rugby තරගාවලියේ අනුග්‍රාහකයින්
Cinnamon Hotels, Iodex, Red Bull, Frosty, CR & FC හා YES 101 යන ආයතන මෙවර තරගාවලියට අනුග්‍රහය දක්වනවා.
තරගාවලිය ආරම්භ වන්නේ ලබන 17 වැනිදා පස්වරු 4.00 ට. එදින සංස්ථා අංශයේ තරග ක්‍රීඩා කිරීමෙන් පසුව සංගීත රාත්‍රයක් පැවැත්වෙන අතර පසුදින පස්වරු 2.00 සිට තරග බිමට පිවිසෙන ආදි ශිෂ්‍යයන් හා ආදි ශිෂ්‍යාවන් මූලික වටය හරහා Cup, Plate සහ Bowl ශූරතා සඳහා තරග වැදීමෙන් පසුව අවසාන මහා තරගයේදී ශූරයින්ට කිරුළ පළඳනවා. පසුගිය වසරේ ශූරයින් වුනේ මහනුවර විද්‍යාර්ථ/පුෂ්පදාන ඒකාබද්ධ කණ්ඩායමයි.
එහෙත් රග්බි ක්‍රීඩාව මේ කතාවෙන් අඩක් පමණයි. C Rugby විනෝද සාදය සෙනසුරාදා පස්වරු 3.00 ට ආරම්භ වන අතර එයට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආහාර කඩපිළක්, විනෝද ක්‍රීඩා හා දරුවන්ගේ ක්‍රීඩා පෙදෙසක් ඇතුළත් කර තිබෙන්නේ මේ ඉසව්ව පිටියේ තියුණු තරගකාරිත්වය මෙන්ම පවුලේ විනෝදයෙන් ද සම්පූර්ණ වී ඇති බවට තහවුරු කරමින්.
මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සමහර කණ්ඩායම්වල සාමාජිකයන්
තරගාවලියට සහභාගි වන ඒකාබද්ධ පාසල් කණ්ඩායම්: ත්‍රිත්ව/හිල්වුඩ්, රාජකීය/විශාඛා, ඉසිපතන/සාන්ත පාවුළු, සාන්ත ජෝසප්/සාන්ත බ්‍රිජට්, තර්ස්ටන්/දේවි බාලිකා, වෙස්ලි/මෙතෝදිස්ත, ආනන්ද/මියුසියස් හා සාන්ත සිල්වෙස්තර/සාන්ත අන්තෝනි බාලිකා.
තරගාවලියට සහභාගි වන සංස්ථා කණ්ඩායම්: London Stock Exchange, Commercial Bank, WNS, Hutch, Cinnamon Colombo Hotels, Acorn Group, Dialog Axiata සහ CDB Finance.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




