The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

දොළොස් දහසක් සහභාගි වන CBL සමපෝෂ අන්තර් පාසල් අවු: 14න් පහළ ජාතික පාපන්දු ශූරතාවලිය 14 වැනි වරටත්

T

The Leader Desk

October 22, 2025 • 8:51 AM

දොළොස් දහසක් සහභාගි වන CBL සමපෝෂ අන්තර් පාසල් අවු: 14න් පහළ ජාතික පාපන්දු ශූරතාවලිය 14 වැනි වරටත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • CBL ආහාර අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක (වමේ සිට සිවු වැනියට) විසින් ‘සමපෝෂ පාපන්දු තරගාවලියේ’ අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති බණ්ඩාර ලීලාරත්න ට පිරිනැමූ අවස්ථාව
  • දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහ පුරා ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩාංගණ 32කදී බාලක කණ්ඩායම් 510ක් සහ බාලිකා කණ්ඩායම් 110ක් මේ තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබෙනවා.
  • දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණය ලබන බාලක කණ්ඩායම් 33ක් සහ බාලිකා කණ්ඩායම් 25ක් ගාල්ල කේන්ද්‍ර කර ගනිමින් දඩැල්ල පාපන්දු සංකීර්ණ ක්‍රීඩා පිටිය, බී.ටී.එස්.
  • තරගාවලියේ පළමු වටයේ තරග නොවැම්බරයේ සිට ආරම්භ වන අතර දෙවැනි වටයේ තරග දෙසැම්බර් 5 සිට 7 දක්වා ගාල්ලේදී පැවැත්වෙනු ඇති අතර අවසන් මහා තරගය ක්‍රීඩා කෙරෙන්නේ දෙසැම්බර් 13 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ පාසල් කණිෂ්ඨ පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000කට වැඩි ප්‍රමාණයක් සහභාගි වන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු තරගාවලිය 2025’ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහ පුරා ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩාංගණ 32කදී බාලක කණ්ඩායම් 510ක් සහ බාලිකා කණ්ඩායම් 110ක් මේ තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණය ලබන බාලක කණ්ඩායම් 33ක් සහ බාලිකා කණ්ඩායම් 25ක් ගාල්ල කේන්ද්‍ර කර ගනිමින් දඩැල්ල පාපන්දු සංකීර්ණ ක්‍රීඩා පිටිය, බී.ටී.එස්. විද්‍යාලයීය ක්‍රීඩා පිටිය සහ ගාලු පාපන්දු සම්මේලන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

තරගාවලියේ පළමු වටයේ තරග නොවැම්බරයේ සිට ආරම්භ වන අතර දෙවැනි වටයේ තරග දෙසැම්බර් 5 සිට 7 දක්වා ගාල්ලේදී පැවැත්වෙනු ඇති අතර අවසන් මහා තරගය ක්‍රීඩා කෙරෙන්නේ දෙසැම්බර් 13 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ. බාලක බාලිකා දෙඅංශයේ ම හොඳම ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල් රකින්නා සඳහා විශේෂ අගැයීම් හා සම්මාන තරගාවලිය අවසානයේ පිරිනමන බව සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය ප්‍රකාශ කරනවා.

sam 2තරගාවලියේ බාලිකා කුසලානය CBL ආයතනයේ වෙළඳ කළමනාකාරිනී සචි ප්‍රනාන්දු  (වමේ සිට හය වැනියට) විසින් පාසල් පාපන්දු සභාපති බණ්ඩාර ලීලාරත්න ට බාර දුන් අවස්ථාව
පසුගිය වසරේ සිට මේ තරගාවලියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරී‌මේ අවස්ථාව පාසල්වලට ලබා දී තිබෙන බව ද එම සංගමය මතක් කර දෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් වයස අවුරුදු 14න් පහළ පවත්වන එකම පාපන්දු තරගාවලිය වන මේ ‘සමපෝෂ තරගාවලිය’ට අඛණ්ඩව 14 වැනි වරටත් අනුග්‍රහය දක්වන්නේ CBL සමපෝෂ. එම ආයතනය මේ තරගාවලියට අනුග්‍රාහත්වය පිරිනැමීම නිමිත්තෙන් මාධ්‍ය සාකච්ඡාවක් කිංස්බරි හෝටලයේදී ඊයේ සවස පැවැත්වුනා. එහිදී, CBL ආහාර අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක විශේෂ අනාවරණයක් කළා.

 

sam 4(වමේ සිට) බණ්ඩාර ලීලාරත්න, ජේ.එන්.ප්‍රභාත් ඉන්දික, මංජුල දහනායක, සචි ප්‍රනාන්දු, රොචෙල් පෙරේරා, එන්.එස්.බී.දිසානායක
“අපි ආධාර කරන්නේ පාපන්දුවට පමණක් නෙවෙයි. රටේ කෘෂිකර්මාන්තයටත් අපි දායක වනවා. සමපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ සෝයා, මුංඇට, බඩඉරිඟු හා සහල් යන දේශීය අමුද්‍රව්‍ය හතර. අපි රැකබලා ගන්නා ගොවි පවුල් 22,000ක් අවම වශයෙන් අක්කර 12,000ක් යල මහ කන්න දෙකේ ම මේවා වගා කරනවා. අපි ඔවුන්ගෙන් ඒවා වැඩි මුදලක මිලදී ගනිමින් ඒ පවුල්වලට ආධාර කරනවා” යනුවෙන් මංජුල දහනායක පෙන්වා දුන්නා.

 

sam 3බාලක කුසලානය පිරිනැමීම
CBL ආයතනයේ ප්‍රවර්ග කළමනාකාරිනී රොචෙල් පෙරේරා සහ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන කළමනාකරු සිසිර ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ජේ.එන්.ප්‍රභාත් ඉන්දික, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති බණ්ඩාර ලීලාරත්න හා ලේකම් එන්.එස්.බී.දිසානායක ද මෙහිදී අදහස් දැක්වුවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...