The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Dambulla Aura පරදා B-Love Candy ශූරතාව ජයගනී

T

The Leader Desk

August 20, 2023 • 7:02 PM

Dambulla Aura පරදා B-Love Candy ශූරතාව ජයගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ලංක ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට B-Love Candy කණ්ඩායම සමත් විය.
  • කාසියේ වාසිය ජයගෙන මුලින්ම පන්දුවට පහරදුන් Dambulla Aura කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 147ක් රැස්කර ගැනීමට සමත් විය.
  • පිළිතුරු ඉණිම අරම්භ කළ B-Love Candy පිල පන්දුවාර 19යි පන්දු 5කදී කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ගෙන තරගය ජය ගැනීමට සමත් විය.
  • B-Love Candy වෙනුවෙන් කමිදු මෙන්ඩිස් පන්දු 37කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් ද සමග ලකුණු 44ක් ලබා ගත් අතර මොහොමඩ් හාරිස් ලකුණු 26ක් ද දිනේශ් චන්දිමාල් ලකුණු 24ක් රැස්කර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අද B-Love Candy හා Dambulla Aura කණ්ඩායම් අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරඟය කඩුළු 5කින් ජයගනිමිනි.


කාසියේ වාසිය ජයගෙන මුලින්ම පන්දුවට පහරදුන් Dambulla Aura කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 147ක් රැස්කර ගැනීමට සමත් විය.

Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් පන්දු 29ක දී හයේ පහර 3ක් ද සමග ලකුණු 40ක් නොදැවී ලබාගැනීමට ධනංජය ද සිල්වා සමත් විය.සධීර සමරවික්‍රම ලකුණු 36ක් ද කුසල් පෙරේරා නොදැවී ලකුණු 31 ක් ද ලබා ගැනීමට සමත් විය.

B-Love Candy කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම අරම්භ කළ B-Love Candy පිල පන්දුවාර 19යි පන්දු 5කදී කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

B-Love Candy වෙනුවෙන් කමිදු මෙන්ඩිස් පන්දු 37කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් ද සමග ලකුණු 44ක් ලබා ගත් අතර මොහොමඩ් හාරිස් ලකුණු 26ක් ද දිනේශ් චන්දිමාල් ලකුණු 24ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් නූර් අහමඩ් කඩුළු 3ක් බිදදැමීමට සමත් විය.

ලංක ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වතාවට ශූරතාව දිනාගැනීමට B-Love Candy පිල සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වූ අතර තරගාවලියේ වීරයා වනිඳු හසරංගට හිමි විය.

dfsdfsde4

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...