The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Day of Reckoning - වසරේ දැවැන්තම බොක්සිං සටන් රාත්‍රිය අද

T

The Leader Desk

December 23, 2023 • 9:01 AM

Day of Reckoning - වසරේ දැවැන්තම බොක්සිං සටන් රාත්‍රිය අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේදී මහත් ආශාවෙන් බලාපොරොත්තුව සිටි බොක්සිං තරග වැඩසටහන වන Day of Reckoning අද දෙසැම්බර් 23 රාත්‍රියේ රියාද්
  • බොක්සිං සටන් ලෝලීන්ට කළින් ම ලබා දෙන නත්තල් තෑග්ගක් ලෙසින් මේ තරග පැවැත්වෙන්නේ අරාබි රාජධානියේ සංස්කෘතික හා විනෝදමත් රියාද් සමයේ කොටසක් වශයෙන්.
  • විශේෂයෙන් හෙවිවේට් අංශයේ තරග ඇතුළුව උසස් මට්ටමේ බොක්සිං සඳහා සෞදි අරාබිය දැන් උණුසුම් තරග බිමක් බවට පත්ව තිබෙනවා.
  • අද ට නියමිත කාර්යබහුල තරග වැඩසටහනට සටන් අටක් ඇතුළත්ව තිබෙන්නේ හෙවිවේට් තරග හයක්, ක්රූසවේට් තරගයක් හා ලයිට් හෙවිවේට් තරගයක් වශයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

අගනුවර පැවැත්වෙන්නේ ලොව ප්‍රධානතම බොක්සිං තරග යළි සෞදි අරාබිය ට ගෙන එමින්.

බොක්සිං සටන් ලෝලීන්ට කළින් ම ලබා දෙන නත්තල් තෑග්ගක් ලෙසින් මේ තරග පැවැත්වෙන්නේ අරාබි රාජධානියේ සංස්කෘතික හා විනෝදමත් රියාද් සමයේ කොටසක් වශයෙන්.

                 
ලොව සුපිරිතම බොක්සිං තරු බැබෙළෙන මේ මහා බොක්සිං රාත්‍රියේදී Anthony Joshua, Deontay Wilder සහ Joseph Parker යනු නම් කිහිපයක් පමණයි.

විශේෂයෙන් හෙවිවේට් අංශයේ තරග ඇතුළුව උසස් මට්ටමේ බොක්සිං සඳහා සෞදි අරාබිය දැන් උණුසුම් තරග බිමක් බවට පත්ව තිබෙනවා. අද ට නියමිත කාර්යබහුල තරග වැඩසටහනට සටන් අටක් ඇතුළත්ව තිබෙන්නේ හෙවිවේට් තරග හයක්, ක්රූසවේට් තරගයක් හා ලයිට් හෙවිවේට් තරගයක් වශයෙන්. මේ සියළු තරග පැවැත්වෙන්නේ රියාද් බොක්සිං වළල්ලේ.

TELEMMGLPICT000360680744 17032355192290 trans NvBQzQNjv4BqYcLcSoOJgYc9qv9e7YdgvpXX h2txEzgtu1LrtNsPYY
Day of Reckoning ලෙස නම් කර තිබෙන මේ තරග වැඩසටහනේ ප්‍රධාන සිරස්තල දෙකක් බවට පත්ව තිබෙන්නේ ඇන්තනී ජොෂිවා (Anthony Joshua) හා ස්වීඩන් ජාතික ඔටෝ වොලන් (Otto Wallin) අතර ගැටුම සහ අමෙරිකාවේ ඩියොන්ටේ වයිල්ඩ (Deontay Wilder) හා නවසිලන්තයේ ජෝසෆ් පාක (Joseph Parker) අතර තරගය. මෙයිනුත් උච්චතම අවස්ථාව වනුයේ ජොෂිවා - වොලන් සටන.

බ්‍රිතාන්‍ය වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වන ජොෂිවා සිටින්නේ යුක්රේන් වෘත්තීය බොක්සිං ක්‍රීඩක ඔලෙක්සැන්ඩ යූසෙක් (Oleksandr Usyk) හමුවේ පිට පිට ලැබූ පරාජයන්ගෙන් පසුව ආගමනයේ උත්සාහයක නිරත වෙමින්. ලොකු අභියෝගවලට පිවිසීමට නම් ඔහුට මෙහිදී ජයග්‍රහණයක් අවශ්‍යව තිබෙනවා. එයින් අදහස් වන්නේ වයිල්ඩ සමග තරගයක්. නමුත් ඊට පෙර අමෙරිකානුවා විසින් පාක පරාජය කළ යුතු වෙනවා.

Anthony Joshua
ඇන්තනී ජොෂිවා දෙවතාවක් හිටපු ඒකාබද්ධ ලෝක හෙවිවේට් ශූරයා වන්නේ ලෝක බොක්සිං සංගමය (WBA), ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය (IBF) හා ලෝක බොක්සිං සංවිධානයේ (WBO) කිරුළු 2016 සිට 2021 වකවානුවේ දෙවරක් හිමිකර ගෙන සිටි නිසාවෙන්. එම කාලය තුළ ඔහු ජාත්‍යන්තර බොක්සිං සංවිධානයේ (IBO) ශූරතාව ද දෙවතාවක් අත්කර ගෙන සිටියා.

2017 වසරේදී WBA මහාද්වීප හෙවිටේට් කිරුළ දිනා ගත් ඔටෝ වොලන් 2018 වසරේදී යුරෝපීය යූනියන් හෙවිටේට් ශූරතාවත්, 2023 වසරේදී WBA අන්තර් මහාද්වීපික හෙවිවේට් කිරුළත් දිනා ගැනීමට සමත් වුනා.

 

Deontay Wilder2015 සිට 2020 දක්වා කාලය තුළ ලෝක බොක්සිං කවුන්සලයේ (WBC) හෙවිවේට් ශූරතාව ඩියොන්ටේ වයිල්ඩ අත්කර ගෙන සිටියේ දස වතාවක් එම කිරුළ සාර්ථකව රැක ගනිමින්. ‌මේ ශූරතාව දිනා ගැනීමත් සමග වයිල්ඩ 2007 වසරෙන් පසුව පළමු අමෙරිකානු ලෝක හෙවිවේට් ශූරයා බවට පත්වුනා. එය බොක්සිං ඉතිහාසයේ අමෙරිකානු හෙවිවේට් බොක්සිං ශූරයෙකු නොමැතිව ගෙවුණු වැඩිම කාලය ලෙස වාර්තා වෙනවා.

ජෝසෆ් පාක 2016 සිට 2018 දක්වා WBO හෙවිවේට් කිරුළ හිමිකර ගෙන සිටියා.
and Jai Opetaia 12අද රාත්‍රී වැඩසටහන මුල සිට අග දක්වා ම පිරී තිබෙන්නේ ඉහළ ම පෙළේ හෙවිවේට් තරගකරුවන්ගෙන් මෙන්ම ලයිට් හෙව්වේට් ඉසව්වේ පෙරමුණේ  සිටින ඩිමිත්‍රි බිවොල් (Dmitry Bivol) හා ලොව අංක 1 ක්රූසවේට් තරගකරු ජේ ඔපටායා (Jai Opetaia)ගෙන්.

Day of Reckoning තරග වැඩසටහන:


Anthony Joshua – Otto Waldin (Heavyweight)
Deontay Wilder – Joseph Parker (Heavyweight)
Dmitry Bivol – Lyndon Arthur (Light-Heavyweight)
Daniel Dubois – Jarrell Miller (Heavyweight)
Jai Opetaia – Ellis Zorro (Cruiserweight)
Arslanbek Makhmudov – Agit Kabayel (Heavyweight)
Frank Sanchez – Junior Fa (Heavyweight)
Filip Hrgovic – Mark De Mori (Heavyweight)
412863890 903612504461395 5249582017416688318 n

warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...