The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හමුදා මෙහෙයුම් නිසා කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා නිදහස් කරන්න අමාරුයි - ELN

T

The Leader Desk

November 8, 2023 • 12:12 PM

හමුදා මෙහෙයුම් නිසා කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා නිදහස් කරන්න අමාරුයි - ELN

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැහැර ගෙන යනු ලැබූ කොලොම්බියානු පාපන්දු ක්‍රීඩක ලුවීස් ඩියාස්ගේ පියා නිදහස් කිරීම ට රටේ හමුදා මෙහෙයුම් බාධාවක් වී ඇතැයි ඔහු පැහැර ගත් කොලොම්බියානු
  • එංගලන්තයේ ලිවපූල් පාපන්දු ක්‍රීඩා සමාජය ට ක්‍රීඩා කරන ලුවීස් ඩියාස්ගේ පියා වන ලුවීස් මැන්වෙල් ඩියාස් බලෙන් පැහැර ගෙන යනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 28 වැනිදා.
  • පසුගිය ඉරිදා පැවති ප්‍රිමිය ලීග් පාපන්දු තරගයේ ලිවපූල් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමෙන් පසුව ලුවීස් ඩියාස්, තම පියා නිදහස් කරන ලෙස ට ගරිල්ලා කණ්ඩායමෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා.
  • ලුවීස් ඩියාස් ඔහු පසුව සමාජ මාධ්‍ය වේදිකාවකින් මෙසේ ප්‍රකාශ කළා: “මේ ගෝලය මගේ තාත්තාගේ නිදහස වෙනුවෙන් හා මගේ රටේ පැහැර ගෙන ගිය අනෙක් සියළුම අය වෙනුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ගරිල්ලා කණ්ඩායම වන ELN ප්‍රකාශ කරනවා.

එංගලන්තයේ ලිවපූල් පාපන්දු ක්‍රීඩා සමාජය ට ක්‍රීඩා කරන ලුවීස් ඩියාස්ගේ පියා වන ලුවීස් මැන්වෙල් ඩියාස් බලෙන් පැහැර ගෙන යනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 28 වැනිදා.

ඔහු නිදහස් කිරීමට එකඟ වුනද තමන් උත්සාහ කරන්නේ රජයේ හමුදාවන් සමග සිදුවීමක් ඇති කර නොගෙන එය කිරීමට බව ගරිල්ලා කණ්ඩායම ප්‍රකාශ කරනවා. 

ඔවුන් මේ ප්‍රකාශය සිදුකර තිබෙන්නේ මැන්වෙල් ඩියාස් නිදහස් කිරීමට බලාපොරොත්තු වන එළිදරව් නොකරන ප්‍රදේශයක රජයේ හමුදා කණ්ඩායම් සැරිසරමින් සිටීම සම්බන්ධයෙන්. 

231101143734 03 luis diaz investigation
නිශ්චිත ස්ථානයක් පිළිබඳව පැහැදිලිව සඳහන් නොකරමින් ගරිල්ලා කණ්ඩායම පවසන්නේ තමන් ක්‍රියාත්මකව සිටින පළාත ට උඩින් මිලිටරි ගුවන් යානා පියාසර කරන අතර භූමියේ ද හමුදාව සිටින බැවින් ඒ ප්‍රදේශය තවමත් ආයුධ සන්නද්ධ ස්ථානයක් බවට පත්ව තිබෙන බව යි.

“මේ නිසා ලුවීස් මැන්වෙල් ඩියාස් මහතාගේ ජීවිතයට අවදානමක් නොවන පරිදි ඔහු නිදහස් කිරීමේ සැලසුම ඉක්මනින් හා ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා” යනුවෙන් ELN පසුගිය සඳුදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර, ඩියාස් නිදහස් කිරීමේ ක්‍රියාවලියට බාධාවක් ඇති නොවීම තහවුරු කිරීම පිණිස තමන් සිටින තැන වෙනස් කරන ලෙසට ඩියාස් සෙවීමේ මෙහෙයුමේ නිරතව සිටින හමුදාවේ කොටසකට නියෝග කර ඇතැයි කොලොම්බියාවේ හමුදා නිලධාරීන් පෙරේදා රාත්‍රියේ කියා සිටියා.


මේ ක්‍රීඩකයාගේ පියා සහ ඔහුගේ බිරිඳ වන සිලෙනස් මෑරලන්ඩා පැහැර ගෙන යනු ලැබුවේ උතුරු කොලොම්බියාවේ බාරන්කස් යන කුඩා ටවුමේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී. රජයේ බළධාරීන් හා ජනතාවගෙන් එල්ල වුනු පීඩනයෙන් පසුව ගරිල්ලා හමුදාව මෑරලන්ඩා පමණක් නිදහස් කළා.

පසුගිය ඉරිදා පැවති ප්‍රිමිය ලීග් පාපන්දු තරගයේ ලිවපූල් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමෙන් පසුව ලුවීස් ඩියාස්, තම පියා නිදහස් කරන ලෙස ට ගරිල්ලා කණ්ඩායමෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා.

ලීටන් කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගයේ අවසන් කාලයේදී ආදේශ ක්‍රීඩකයෙකු ලෙසින් පිටිය ට පිවිසි ඩියාස් ලිවපූල් කණ්ඩායම ගෝල් 1-1ක සමතත්ත්වයට ගෙන එන ගෝලය ලබා ගැනීමෙන් පසුව ඔහුගේ කමිසය උඩට ඇද්දේ යටකමිසයේ ලියා තිබුණු ‘තාත්තාට නිදහස’ යන පණිවිඩය ප්‍රදර්ශනය කිරීම පිණිස.

2T5HK70 600x400

ලුවීස් ඩියාස්

ඔහු පසුව සමාජ මාධ්‍ය වේදිකාවකින් මෙසේ ප්‍රකාශ කළා: “මේ ගෝලය මගේ තාත්තාගේ නිදහස වෙනුවෙන් හා මගේ රටේ පැහැර ගෙන ගිය අනෙක් සියළුම අය වෙනුවෙන්.

ලුවීස් මැන්වෙල් ඩියාස් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා සිටින කොලොම්බියාමේ පෙළපාලි ගණනාවකටම මේ පැහැර ගැනීම හේතු වී තිබෙනවා.

ලිවපූල් කණ්ඩායම ට ක්‍රීඩා කරන ඉදිරි පෙළ ක්‍රීඩක ලුවීස් ඩියාස් කොලොම්බියානු ජාතික පාපන්දු කණ්ඩායමේ සිටින ඉතාමත් හොඳ අනාගතයක් තිබෙන ක්‍රීඩකයෙක්.
කොලොම්බියාවේ ඔම්බුඩ්ස්මන් කාර්යාලය, කතෝලික පල්ලිය සහ ජාත්‍යන්තර රතු කුරුස සංගමය ලුවීස් මැන්වෙල් ඩියාස් නිදහස් කිරීමේ ක්‍රියාවේ වගකීම් ඉටු කරන්නන් ලෙස මැදිහත් වීමට කැමැත්ත පළකර තිබෙනවා.

77450135 0 image m 18 1699263736624

ELN යනු කොලොම්බියාවේ තවමත් ක්‍රියාත්මක වෙමින් සිටින වඩාත්ම පැරණි සහ විශාලතම ගරිල්ලා කණ්ඩායම යි

 

ELN යනු කොලොම්බියාවේ තවමත් ක්‍රියාත්මක වෙමින් සිටින වඩාත්ම පැරණි සහ විශාලතම ගරිල්ලා කණ්ඩායම යි.


ලුවීස් මැන්වෙල් ඩියාස් හැකි ඉක්මනින් නිදහස් කරන බව ඔහු පැහැර ගත් ගරිල්ලා කණ්ඩායම පසුගිය සතියේ ප්‍රකාශ කළා.

“හැම තත්පරයක්ම, හැම මිනිත්තුවකදීම අපේ දුක වැඩිවෙනවා. මගේ අම්මා, මගේ සහෝදරයෝ හා සහෝදරියෝ ඉන්නේ බලාපොරොත්තු සුන්වෙලා. අපිට දැනෙන හැඟීම විස්තර කරන්න අපි ළඟ වචන නැහැ” ඩියාස් ක්‍රීඩකයා කියනවා.

im 880505

“මේ දුක අපි ට නැතිවෙන්නේ අපේ තාත්තා ආපහු ගෙදර ආවම විතරයි. එයාගෙ හොඳ ගතිගුණවලට ගරු කරලා, අපේ මේ වේදනාකාරී බලාසිටීම පුළුවන් ඉක්මනින් අවසන් කිරීම සඳහා තාත්තාව වහාම නිදහස් කරන්න කියලා මම ELNගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා!”

සිය මව්පියන් පැහැර ගැනීමෙන් පසුව යළි කොලොම්බියාව ට ගිය 26 හැවිරිදි ලුවීස් ඩියාස් ලීටන් පිල සමග ලිවපූල් කණ්ඩායමේ පසුගිය ඉරිදා තරගය ට පෙර නැවත එංගලන්තය ට පැමිණියා.



සබැඳි පුවත් :
ලෝකය කම්පනයට පත්කළ කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා පැහැර ගැනීමේ කතාව

සටහන : 

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...