The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Enhanced Games: ඩොලර් මිලියනයක් දිනාගෙන වේගවත්ම මිනිසා වෙන්න විශ්‍රාමික ඔලිම්පික් ක්‍රීඩකයා යළි තරග බිමට

T

The Leader Desk

January 10, 2026 • 10:16 AM

Enhanced Games: ඩොලර් මිලියනයක් දිනාගෙන වේගවත්ම මිනිසා වෙන්න විශ්‍රාමික ඔලිම්පික් ක්‍රීඩකයා යළි තරග බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරග බිමෙන් විශ්‍රාම ගොස් සිටින හිටපු ඔලිම්පික් මලල ක්‍රීඩකයෙකු වන එංගලන්තයේ කෙටි දුර ධාවක රීස් ප්‍රෙස්කොඩ් (Reece Prescod) මේ වසරේ මැයි මාසයේ පැවැත්වෙන මතභේදාත්මක ශරීර වර්ධන ක්‍රීඩා උළෙලට (Enhanced Games) සහභාගි වන බව නිවේදනය කර තිබෙනවා.
  • මීටර් 100 ඉසව්වේ දස්කම් දැක්වූ ප්‍රෙස්කොඩ් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම නියෝජනය කළා.
  • ඔහු දැන්, තරගකරුවන්ට සාධාරණ ක්‍රීඩාවේ තහනම් කර තිබෙන ශරීර උත්තේජන භාවිතා කිරීමට ඉඩ දෙමින් අමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ප්‍රථම වතාවට පැවැත්වෙන මේ මතභේදාත්මක ක්‍රීඩා උළෙලට සහභාගි වන බව ස්ථිර කර තිබෙනවා.
  • ධාවන පථයෙන් සමුගැනීමට පෙර ඔහු සිවු වතාවක් මීටර් 100 දුර තත්පර දහයකට අඩු කාලයකින් ධාවනය කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය අගෝස්තුවේ තරග බිමෙන් විශ්‍රාම ගිය මේ 29 හැවිරිදි ක්‍රීඩකයා, තමා නැවත ක්‍රීඩා පාවහන් පළඳින්නේ එම ක්‍රීඩා උළෙලේ පිරිනමන ඩොලර් මිලියනයක ජයග්‍රාහී මුදල් පසුම්බිය හිමිකර ගැනීම සඳහා උත්සාහ කිරීමට බව පවසනවා.

මීටර් 100 ඉසව්වේ දස්කම් දැක්වූ ප්‍රෙස්කොඩ් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම නියෝජනය කළා.

1faf5320 ebe4 11f0 9332 4db5e65f7000.jpg

ඔහු දැන්, තරගකරුවන්ට සාධාරණ ක්‍රීඩාවේ තහනම් කර තිබෙන ශරීර උත්තේජන භාවිතා කිරීමට ඉඩ දෙමින් අමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ප්‍රථම වතාවට පැවැත්වෙන මේ මතභේදාත්මක ක්‍රීඩා උළෙලට සහභාගි වන බව ස්ථිර කර තිබෙනවා.

“මම කෙටි දුර ධාවන පිටියට නැවත සම්බන්ධ වී මංගල ශරීර වර්ධන ක්‍රීඩා උළෙලේ තරග කිරීමට මහත් උනන්දුවෙන් සිටිනවා” යනුවෙන් ලන්ඩනයේ පදිංචිකරුවෙකු වන ප්‍රෙස්කොඩ් කියනවා.

“ශරීර වර්ධන වෛද්‍ය කණ්ඩායම පළමු ස්තරයේ එකක්. ඔවුන් මුල සිටම මගේ ආරක්ෂාව හා යහපැවැත්මට ප්‍රමුඛතාව දී තිබෙනවා.”

“ශරීර වර්ධන ක්‍රීඩා උළෙල විසින් මට මගේ ජීවිතය වෙනස් කරන වෛද්‍ය අධීක්ෂණය, උසස් පුහුණු සහාය හා අගේ ඇති වන්දි මුදල් ගෙවීමේ ආකෘතියක් ලබා දී තිබෙනවා.”

“ලාස් වේගාස් හිදී අලුත් උසස් මට්ටමකට පිවිසෙමින් මගේ කෙටි දුර ධාවන සගයන්ට එරෙහිව දුවන්න මම අතිශය උනන්දුවකින් පසුවනවා. මෙය මට අලුත් පරිච්ඡේදයක්. මාව වටිනවා කියලා සහ මගේ දක්ෂතාව පිළිගන්නා දෙයක කොටස්කරුවෙකු වන්න මම ආශාවෙන් බලා සිටිනවා.”

මේ ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දමා එදා මෙදා තුර ලොව වේගවත්ම මිනිසා බවට පත්වුවහොත් ප්‍රෙස්කොඩ් ට ඩොලර් මිලියනයක (පවුම් 742, 000) ත්‍යාග මුදලක් හිමිවනවා.

itgo4fceaazaicrrl7b2

ධාවන පථයෙන් සමුගැනීමට පෙර ඔහු සිවු වතාවක් මීටර් 100 දුර තත්පර දහයකට අඩු කාලයකින් ධාවනය කර තිබෙනවා. වර්තමානයේ මේ ඉසවවේ තත්පර 9.58ක ලෝක වාර්තාව උසුලන්නේ ජැමෙයිකානු කෙටි දුර ධාවන ලෙජන්ඩ් යුසේන් බෝල්ට්.

2018 වසරේ පැවති යුරෝපීය ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් ප්‍රෙස්කොඩ් ඉන්පසුව 2022 ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.

පිහිනුම් ලෝක ශූර සහ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී බෙන් ප්‍රවුඩ් ට පසුව ශරීර වර්ධන ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වූ දෙවැනි බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයා වන්නේ රීස් ප්‍රෙස්කොඩ්.

 

2XNXHB5 Great Britain’s Ben Proud celebrates winning silver after the Men’s 50m Freestyle Final at the Paris La Defense Arena on the seventh day of the 2024 Paris Olympic Games in France. Picture date: Friday August 2, 2024.

අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි, ශානියා කොලින්ස් හා තහනම් ශරීර උත්තේජන සම්බන්ධ දෙවැනි තරග තහනමක් ගෙවමින් සිටින ප්‍රංශයේ මොහමදොව් ෆෝල් ද මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වන බවට අනාවරණය කර තිබෙනවා.

ජගත් ක්‍රීඩාවේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන තහනම් මත්ද්‍රව්‍ය පරීක්ෂණ නැති මේ ශරීර වර්ධන ක්‍රීඩා උළෙලේ නිර්මාතෘවරයා වන්නේ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකු වන ඒරන් ඩිසෝසා (Aron D’Souza). අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමල් පුතා වන ඩොනල්ඩ් ට්‍රම්ප් (කණිෂ්ඨ) ඩොලර් මිලියන ගණනක් මේ ක්‍රීඩා උළෙලට ලබා දී තිබෙනවා. අමෙරිකානු නළුවෙකු වන රොබ් මැකෙල්හෙනී (Rob McElhenney) මේ ක්‍රීඩා උළෙල චිත්‍රපටයකට නැගීමට සූදානමින් සිටිනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Enhanced Games: ඩොලර් මිලියනයක් දිනාගෙන වේගවත්ම මිනිසා වෙන්න විශ්‍රාමික ඔලිම්පික් ක්‍රීඩකයා යළි තරග බිමට | The Leader