The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දුවට පමණක් දෙවැනි Euro ශූරතාවලිය

T

The Leader Desk

December 4, 2023 • 5:34 AM

ලෝක කුසලාන පාපන්දුවට පමණක් දෙවැනි Euro ශූරතාවලිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෑම සිවු වසරක ට ම වරක් යුරෝපා මහාද්වීපයේ පාපන්දු ශූරයා තෝරා ගැනීම පිණිස යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) සංවිධානය
  • පසුගිය Euro 2020 තරගාවලියේදී ශූරතාව සමීපය ට ම පිවිසි එංගලන්තය ද ‘යුරෝ කුසලානය’ හිමිකර ගැනීමේ අවස්ථාව එන තුරු පුල පුලා බලා සිටිනවා.
  • 2021 වසරේ වෙම්බ්ලි හි පැවති මේ තරගාවලියේ අවසාන මහා තරගයේදී ඉතාලිය හමුවේ එංගලන්තය පරාජය ලැබුවේ පෙනල්ටිවලින්.
  • ‘යුරෝ 2024’ තරගාවලියේ මූලික වටයේ කණ්ඩායම් ඛාණ්ඩගත කිරීම සඳහා සෙනසුරාදා ජර්මනියේ හැම්බර්ග් (Hamburg)හි පැවති කුසපත් ඇදීමේදී වර්තමාන යුරෝපීය ශූරයින් වන ඉතාලිය මගහැරීමට එංගලන්තය ට වාසනාව ලැබී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කරන ‘යුරෝ’ - Euro - ලෙසින් හැඳින්වෙන ‘යුරෝපීය ශූරතාවලිය’ යනු ජගත් පාපන්දු සම්මේලනයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය (FIFA World Cup) ට පසුව ලෝකයේ දෙවැනියට වැඩියෙන් ම නරඹන පාපන්දු ශූරතාවලිය. 

යුරෝපයේ කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 වසර දක්වා කල්දැමුනු 2020 තරගාවලිය හැරෙන්නට ‘යුරෝ’ ශූරතාවලිය සෑම වසර හතරකට වරක් නොවරදවා පවත්වා ගෙන එන්නේ 1960 වසරේ සිට. 

eu
Euro 2024 තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජර්මනියේ. පසුගිය තරගාවලියන්හි දුර්වල ක්‍රීඩාවේ අමිහිරි අතීතය පසෙක දමා 2024 වසරේදී රට ට කීර්තිය ගෙන දීමට ජර්මනිය සෑම උත්සාහයක් ම දරනු නොඅනුමානයි.

කටාර් දේශයේ පසුගිය වසරේ පැවති ලෝක‌ කුසලාන පාපන්දු තරගාවලියේ විස්මිත අවසාන තරගයකින් පසුව ලෝක කුසලාන අනුශූරයින් වූ ප්‍රංශය ද යුරෝපා මහාද්වීපයේ පාපන්දු කීර්තිය සොයා යනු ඇත්තේ ආජන්ටිනාව හමුවේ පරාජය වීම නිසා පිට පිට ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීමට නොහැකි වීම පිළිබඳව අමතක කරමින්.

i

පසුගිය Euro 2020 තරගාවලියේදී ශූරතාව සමීපය ට ම පිවිසි එංගලන්තය ද ‘යුරෝ කුසලානය’ හිමිකර ගැනීමේ අවස්ථාව එන තුරු පුල පුලා බලා සිටිනවා. 2021 වසරේ වෙම්බ්ලි හි පැවති මේ තරගාවලියේ අවසාන මහා තරගයේදී ඉතාලිය හමුවේ එංගලන්තය පරාජය ලැබුවේ පෙනල්ටිවලින්.

‘යුරෝ 2024’ තරගාවලියේ මූලික වටයේ කණ්ඩායම් ඛාණ්ඩගත කිරීම සඳහා සෙනසුරාදා ජර්මනියේ හැම්බර්ග් (Hamburg)හි පැවති කුසපත් ඇදීමේදී වර්තමාන යුරෝපීය ශූරයින් වන ඉතාලිය මගහැරීමට එංගලන්තය ට වාසනාව ලැබී තිබෙනවා. ඉතාලිය ඇතුළත්ව සිටින්නේ මෙවර තරගාවලියේ ක්ෂිණික විසිවීම සිදුවන ඛාණ්ඩයට.



සත්කාරක ජර්මනිය වැටී සිටින්නේ ස්කොට්ලන්තය, හංගේරියාව හා ස්විට්සලන්තය ඇතුළත් ‘ඒ’ කොටසට. මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ජර්මනිය හා ස්කොට්ලන්තය අතර ජූනි 14 වැනිදා පැවැත්වෙන තරගයෙන්. 

මේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පිණිස පැවති තරග වටයේදී ස්කොට්ලන්තය ඉතාමත් හොඳින් ක්‍රීඩා කර තිබෙන අතර තරගාවලියේ ආරම්භක දිනයේදී ඔවුන් ජර්මන් කණ්ඩායම ජර්මානු බිමේදී ම පරාජය කිරීමට සමත් වුනොත් තරගාවලියේ ලොකුම පෙරලිය වනු ඇත්තේ එයයි.

මේ කොටසේ ඇස ගසාගෙන සිටිය යුතු කණ්ඩායම වන්නේ ස්විට්සලන්තය යි. කොටසේ වඩාත් ම උද්යෝගිමත් තරගය සිදුවන්නේ එම කණ්ඩායම ජර්මනිය මුණ ගැසෙන විට බවට කිසිම සැකයක් නැහැ. පසුගිය තරගාවලියේදී ප්‍රංශය පැරදවීමට ස්විට්සරලන්තය සමත් වුනා.

god
ස්පාඤ්ඤය, ඉතාලිය, ක්‍රොඒෂියාව හා ඇල්බේනියාව යන රටවලින් සමන්විත ‘බී’ කොටස හැදින්වෙන්නේ Group of Death ලෙස. සියළු දෙනාගේ අවධානය යොමුවන කොටස මෙය වන අතර මේ කොටසේ තරග ආරම්භ වන්නේ ක්‍රොඒෂියාව හා ස්පාඤ්ඤය අතර තරගයෙන්. 

එදින ඉතාලිය ට ලොකු සහනයක් ලැබෙනු ඇත්තේ ඔවුන්ට නියමිතව තිබෙන්නේ ඇල්බේනියාව සමග තරග වැදීම නිසා වූවත් ඇල්බේනියාව ද අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක්.

ක්‍රොඒෂියාව සමග වන තරගයෙන් ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ස්පාඤ්ඤය අපේක්ෂාවෙන් සිටින්නේ ඔවුන් ඊළඟට ඉතාලිය මුණගැසෙන විට කරුණු කාරණා පහසු නොවන නිසාවෙන්. මේ තරග දෙකෙන් ම ස්පාඤ්ඤය පැරදුනොත් ඔවුන්ට ඇල්බේනියාව මුණගැසීමටත් පෙර තරගාවලියෙන් විසිවන්නට සිදුවෙනවා.

h 57002664

ඉතාලිය යුරෝපීය ශූරයින් බවට පත්වුනත් ඔවුන්ට පසුගිය වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුනා. එබැවින් ඉතාලිය මේ තරගාවලියට පැමිණෙනු ඇත්තේ ඒ තුවාලයත් සමග.

සර්බියාව, ස්ලොවේනියාව හා ඩෙන්මාර්කය ඇතුළු ‘සී’ කොටස තමන්ට ජයග්‍රාහී එකක් වනු ඇති බවටයි එංගලන්තයේ පැතුම. දත්ත අනුව නම් එංගලන්තය මේ කොටසේ මුදුන ට පිවිසිය යුතු වෙනවා. ඔවුන් ‘යුරෝ 2020’ අවසාන තරගයට යන ගමනේදී ඩෙන්මාර්කය පරාජය කළා. මේ කණ්ඩායම් දෙක ඔවුන්ගේ කොටසේ දෙවැනි තරග දිනයේදී මුණගැසෙන්නේ කාගේත් අවධානය යොමු කරගෙන. නමුත් ඊට කළින් ආරම්භක තරග දිනයට යෙදෙන සර්බියාව සමග තරගයත් එංගලන්තය ට පහසු වන්නේ නැහැ. 

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පරාජිත කණ්ඩායම් අතර තරග වට‌යේ A ජයග්‍රාහකයා ද එකතු වන ප්‍රංශය, ඔස්ට්‍රියාව හා නෙදර්ලන්තය ඇතුළත් ‘ඩී’ කොටස ද ‘බී’ කොටස තරම ට ම තියුණු යි. A කණ්ඩායම කවුරු වේවිද කියා මේ සටහන තබන මොහොතේ ස්ථිර නැතත් එය වේල්සය, පෝලන්තය, එස්ටෝනියාව හෝ පින්ලන්තය යන රටවලින් එකක්.

මේ කොටසේ අවධානය යොමු කළ යුතු තරගය වන්නේ ජූනි 21 වැනි දින පැවැත්වෙන ප්‍රංශය හා නෙදර්ලන්තය අතර ගැටුම. බොහෝ විට ‘ඩී’ කොටසේ පෙරමුණ ගනු ඇත්තේ මේ තරගය ජය ගන්නා කණ්ඩායම.

group
ඔස්ට්‍රියාව ඉතාමත් දක්ෂ අයුරින් ක්‍රීඩා කරමින් සිටින අතර ඔවුන් පිළිමළුන් පිටු දැකීමේ වටයට පිවිසියොත් එය පුදුමයක් නොවනු ඇත්තේ විශේෂයෙන් ඔවුන්ගේ ක්‍රීඩකයන්ගෙන් වැඩි දෙනෙක් ජර්මනියේ පාපන්දු සමාජවලට ක්‍රීඩා කරන බැවින්.

බෙල්ජියම ඇතුළත්ව සිටින්නේ ස්ලොවේකියාව, රුමේනියාව හා B ජයග්‍රාහකයාගෙන් සමන්විත ‘ඊ’ කොටසට. පොතේ හැටියට මෙය බෙල්ජියම ට පහසුවක් ගෙන දෙන ඛාණ්ඩයක්. ඊශ්‍රායලය, බොස්නියාව, යුක්රේනය හෝ අයිස්ලන්තය යන කණ්ඩායම්වලින් එකක් B ජයග්‍රාහකා ලෙස එක්වන මේ කොටසේ පළමු ස්ථානයට බෙල්ජියම පැමිණීම පිළිබඳව සැකයක් නැහැ.

යුක්රේනය තරගාවලියට ඇතුළත් වුවහොත් ඔවුන් දෙස අවධානය යොමු කරගෙන සිටීම වැදගත්. ඔවුන් සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී එංගලන්තය ට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර යුක්රේනය Euro 2024 තරග බිමේ ‘කළු අශ්වයෙක්’ වීමට ඉඩ තිබෙනවා.

පෘතුගාලය අවසාන ‘එෆ්’ කොටසේදී චෙකොස්ලොවේකියාව, තුර්කිය හා C ජයග්‍රාහකයා සමග තරග කිරීමටයි නියමිත. C ජයග්‍රාහකයා වනු ඇත්තේ ජෝජියාව, ග්‍රීසිය, කසකස්තානය හෝ ලක්සම්බර්ග් (Luxembourg) යන කණ්ඩායම්වලින් එකක්. A,B,C ජයග්‍රාහකයන් තීරණය වනු ඇත්තේ මාර්තු මාසයේ.

පෘතුගාලය ට වැඩියෙන් ම තියුණු තරගයක් ලබා දෙනු ඇත්තේ චෙකොස්ලොවේකියාව විසින්. තුර්කිය ට ද ‘කළු අශ්වයෙක්’ ලෙස නම පටබැඳ තිබුනත් ඔවුන් තවමත් ඒ අපේක්ෂිත තත්ත්වයෙන් ක්‍රීඩා කර නොමැති බවයි සත්‍යය. 2024 තුර්කිය දිළෙන වසරක් වේවිද?

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...