The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

යුද්ධයෙන් බැටකන යුක්රේනය EURO තරගාවලියට සුදුසුකම් ලබයි

T

The Leader Desk

March 28, 2024 • 7:19 AM

යුද්ධයෙන් බැටකන යුක්රේනය EURO තරගාවලියට සුදුසුකම් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට යුක්රේන් පාපන්දු කණ්ඩායම සමත් වුනේ රුසියාව සමග තිබෙන යුද්ධයෙන් පීඩා
  •   එංගලන්තයේ චෙල්සී සමාජ කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු වන Mykhailo Mudryk ප්‍රමාද වී ලබා ගත් ගෝලය යුක්රේනයට 2-1ක ජයග්‍රහණයක් අඟහරුවාදා රාත්‍රියේ තහවුරු කර දීමට ප්‍රමාණවත් වුනා.
  • සිය අසල්වැසි රට ට එරෙහිව රුසියාව ගෙන යන යුද්ධය හේතුවෙන් මේ තරගය පැවැත්වීමේ මධ්‍යස්ථ ඉසව්ව ලෙස පෝලන්තය ඔවුන්ගේ මේ ක්‍රීඩාංගණය ලබා දී තිබුනා.
  • රුසියාව තම රට ආක්‍රමණය කරමින් සිටින නිසා යුක්රේනයට ඔවුන්ගේ තරග ක්‍රීඩා කිරීමට සිදුව තිබෙන්නේ ඔවුන්ගේ රටින් පිට.
අකුරු ප්‍රමාණය (Font Size):

විඳින යුක්රේන් ජනතාව එයින් ප්‍රතිකර්ෂණය කරන හොඳ ප්‍රවෘත්තියක් ඔවුන්ට ලබා දෙමින්.

 

දෙවසරකට වැඩි කාලයක් තිස්සේ රුසියානු යුද ආක්‍රමණයට ලක්ව සිටින රටක ජනතාවට කලාතුරකින් ප්‍රීති වීමේ මොහොතක් යුක්රේන් ජාතික පිරිමි පාපන්දු කණ්ඩායම විසින් ලබා දුන්නේ අයිස්ලන්තය පරදවා ‘යුරෝ කුසලාන’ පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමෙන්. මේ ජයග්‍රහණය වඩාත් වර්ණවත් වුනේ යුක්රේනුවන් තරගයේ පිටුපස සිට නැවත නැගිටිමින් අයිස්ලන්තය පරාජය කිරීම නිසා.


මේ ජයග්‍රහණයේ සැමරුම යුක්රේනයට වැසි වැටෙන්නාක් මෙන් පතිත වන රුසියානු මිසයිලවලින් නිහඬ කෙරුන ද ‘යුරෝ’ තරගාවලිය ජූනි මාසයේ ජර්මනියේ ආරම්භ වෙද්දී ‘චියර්’ කිරීමට යමක් යුක්රේන් වැසියන්ට දැන් ලැබී තිබෙනවා.

 



එංගලන්තයේ චෙල්සී සමාජ කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු වන Mykhailo Mudryk ප්‍රමාද වී ලබා ගත් ගෝලය යුක්රේනයට 2-1ක ජයග්‍රහණයක් අඟහරුවාදා රාත්‍රියේ තහවුරු කර දීමට ප්‍රමාණවත් වුනා. පෝලන්තයේ Wroclaw ක්‍රීඩාංගණයට රොද බැඳ ගෙන පැමිණ සිටි දහස් සංඛ්‍යාත යුක්රේනුවන් මේ ජයග්‍රහණයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වුනා. සිය අසල්වැසි රට ට එරෙහිව රුසියාව ගෙන යන යුද්ධය හේතුවෙන් මේ තරගය පැවැත්වීමේ මධ්‍යස්ථ ඉසව්ව ලෙස පෝලන්තය ඔවුන්ගේ මේ ක්‍රීඩාංගණය ලබා දී තිබුනා. රුසියාව තම රට ආක්‍රමණය කරමින් සිටින නිසා යුක්රේනයට ඔවුන්ගේ තරග ක්‍රීඩා කිරීමට සිදුව තිබෙන්නේ ඔවුන්ගේ රටින් පිට.

 

තරගයේ අවසන් විසිල් නාදය නිකුත් වීමත් සමග දණින් වැටුනු Mudryk යාච්ඤා කරද්දී

 

තරගයේ අවසන් විසිල් නාදය නිකුත් වීමත් සමග දණින් වැටුනු Mudryk යාච්ඤා කරද්දී අනෙක් ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් පිටියේදී ම ජයග්‍රහණයේ සතුට සැමරුවා. ක්‍රීඩාංගණයේ සතර දෙසින් අතුරු සිදුරු නැතිව පිරී සිටි යුක්රේන පාපන්දු ලෝලීන් සතුටින් ‘චියර්’ කළේ නිල් සහ කහ පැහැති උර සළු හා කොඩි සාගරයක දසුනක් මවමින්.

 

යුක්රේන පාපන්දු ලෝලීන් සතුටින් ‘චියර්’ කළේ නිල් සහ කහ පැහැති උර සළු හා කොඩි සාගරයක දසුනක් මවමින්.

 

2022 පෙබරවාරියේ ආරම්භ වූ රුසියානු ආක්‍රමණයෙන් පසුව පලා ගිය මිලියන 6කට ආසන්න යුක්රේනුවන් අතරින් මිලියනයකට පමණ වන අනාථ වූ ජනතාවකට සෙවණ ලබා දී තිබෙන්නේ පෝලන්තය යි. 

‘යුරෝ’ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී යුක්රේනය ඔවුන්ගේ කොටසේදී එංගලන්තය හා ඉතාලියට පසුව තෙවැනි ස්ථානයට පත්වූවත් අයිස්ලන්තය සමග තීරණාත්මක තරගයකට පිවිසීම පිණිස ඔවුන් බොස්නියා-හර්සගොවිනා කණ්ඩායම පරාජය කළා.

 



යුරෝපීය පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම “ඉතාමත් වැදගත්” ජයග්‍රහණයක් ලෙසින් හැඳින්වූ යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky “යුක්රේනුවන්ට ජීවිතය අසීරු වී තිබෙන විට, ඔවුන් උත්සාහය අත්නොහැර දිගටම සටන් කරන බවටත්, අවසානයේ යුක්රේනුවන් නියත වශයෙන් ම ජය ගන්නා බවටත් නැවත වතාවක් ඔප්පු කිරීම වෙනුවෙන්” ජාතික පාපන්දු කණ්ඩායමට ඔහුගේ ස්තූතිය පළ කර සිටියා.
                                                                 

496505

“දිනපතා ම අපිව විනාශ කරන්න ඔවුන්ට උවමනා වී තිබෙන මොහොතක, යුක්රේනුවන්  දිගටම  නොසැලී සිටින බව අපි ඔප්පු කරමින් සිටිනවා” යනුවෙන් යුක්රේන් ජනාධිපතිවරයා Telegram සමාජ මාධ්‍යයේ සටහනක් තැබුවා. “යුක්රේනය සැමදා තියේවි! ජයග්‍රහණය ලබා දුන්නාට ඔබට ස්තූතියි! යුක්රේනයට කීර්තිය!”                               


එළඹෙන ජූනි හා ජූලි මාසවල ජර්මනියේ පැවැත්වෙන EURO 2024 තරගාවලිය රුසියානු ආක්‍රමණයෙන් පසුව යුක්රේනය සහභාගි වන ප්‍රථම ප්‍රධාන ක්‍රීඩා තරගාවලිය යි.

 

single draw group facebook 1

මේ ආක්‍රමණය නිසා UEFA යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයේ තහනමට ලක්ව සිටින රුසියාව මේ තරගාවලියට සහභාගි වන්නේ නැහැ.
යුක්රේනය EURO 2024 තරගාවලියේදී බෙල්ජියම, ස්ලොවේකියාව හා රුමේනියාව සමග ‘ඊ’ කොටසේ තරග වැදීමටයි නියමිත.

 




warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද්ධයෙන් බැටකන යුක්රේනය EURO තරගාවලියට සුදුසුකම් ලබයි | The Leader