ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පසුව ලෝකයේ දෙවැනියට වැඩියෙන් ම නරඹන මහා පාපන්දු තරගාවලිය යි.
ලෝක කුසලාන තරගාවලිය මෙන්ම සිව් වසරකට වරක් පැවැත්වෙන ‘යුරෝ’ තරගාවලිය මෙවර ජූනි 14 සිට ජූලි 14 දක්වා පැවැත්වෙන්නේ ජර්මනියේ. සත්කාරක ජර්මනිය හා ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගයෙනුයි EURO 2024 ආරම්භ වන්නේ.
සිව් වසරකට වරක් පැවැත්වෙන ‘යුරෝ’ තරගාවලිය මෙවර ජූනි 14 සිට ජූලි 14 දක්වා පැවැත්වෙන්නේ ජර්මනියේ.
කණ්ඩායම් 24ක් මේ තරගාවලියට ක්‍රීඩා කරන අතර සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් තුන තෝරා ගැනීමේ තරග අඟහරුවාදා රාත්‍රියේ අවසන් වුනා. එහිදී යුක්රේනය, ජෝජියාව හා පෝලන්තය EURO 2024 තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. ජෝජියාව සහභාගි වන්නේ ඔවුන්ගේ පළමු ‘යුරෝ’ තරගාවලියට යි.
වේල්සයේ හදවත් බිඳ දමමින් මෙවර තරගාවලියෙන් ඔවුන්ට ඉවත් වීමට සිදුවුනේ පෝලන්තය සමග පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගය පෙනල්ටි මත පරාජය වූ නිසා. ජෝජියාව ද සුදුසුකම් ලබා ගත්තේ 2004 යුරෝපීය ශූරයින් වූ ග්‍රීසිය පෙනල්ටිවලින් පරදවමින්. යුක්රේනය සුදුසුකම් ලැබුවේ අයිස්ලන්තය ගෝල් 2-1කින් පරාජය කරමින්.
බුකීකරුවන්ගේ මෙවර තරගාවලිය ජයග්‍රහණය කරන ජනප්‍රිය කණ්ඩායම් බවට පත්ව සිටින්නේ ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය හා පෘතුගාලය යන රටවල්.
ජනප්‍රිය කණ්ඩායම් බවට පත්ව සිටින්නේ ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය හා පෘතුගාලය යන රටවල්.
ජෝජියාව, ඇල්බේනියාව හා රුමේනියාව වැනි ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ නැගී එන කණ්ඩායම් ද මෙවර ‘යුරෝ’ තරග බිමේදී නොමැකෙන සටහනක් තැබීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා.
තරගාවලියේ කණ්ඩායම් බෙදී ගොස් තිබෙන්නේ මේ ආකාරයට යි.

‘ඒ’ කොටස - ජර්මනිය, ස්කොට්ලන්තය, හංගේරියාව, ස්විට්සරලන්තය
‘බී’ කොටස - ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව, ඉතාලිය, ඇල්බේනියාව
‘සී’ කොටස - ස්ලොවේනියාව, ඩෙන්මාර්කය, සර්බියාව, එංගලන්තය
‘ඩී’ කොටස - පෝලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ප්‍රංශය
‘ඊ’ කොටස - බෙල්ජියම, ස්ලොවේකියාව, රුමේනියාව, යුක්රේනය
‘එෆ්’ කොටස - තුර්කිය, ජෝජියාව, පෘතුගාලය, චෙක්කියා (චෙක් සමූහාණ්ඩුව)
මේ විවිධ ජාතික කණ්ඩායම් වටා තිබෙන කතාන්දර හා වාද විවාද තරගාවලිය ළංවෙද්දී වර්ධනය වනවා.
මේ විවිධ ජාතික කණ්ඩායම් වටා තිබෙන කතාන්දර හා වාද විවාද තරගාවලිය ළංවෙද්දී වර්ධනය වනවා. එබැවින්, කණ්ඩායම් විසිහතරේ විස්තර, අවධානය යොමු විය යුතු ක්‍රීඩකයන්, ඔවුන් මෙවර තරගාවලියට පැමිණි ආකාරය හා ඔවුන්ගේ පුහුණුකරුවන් (කළමනාකරුවන්) පිළිබඳ විස්තර ඇතුළත් ලිපි පෙලක් ඉදිරියේදී THE LEADER ඔබ වෙත ගෙන එනවා.




(වර්නන් ගුණසේකර)