The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Euro 2024 අපරාජිතව ශූරයන් වුනොත් තෑගි මුදල පවුම් මිලියන 24ක්

T

The Leader Desk

December 4, 2023 • 4:57 PM

 Euro 2024 අපරාජිතව ශූරයන් වුනොත් තෑගි මුදල පවුම් මිලියන 24ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘යුරෝ 2024’ (Euro 2024) යුරෝපීය පාපන්දු තරගාවලියේ සෑම තරගයක්ම ජය ගෙන අවසානයේ
  • මේ තරගාවලිය සංවිධානය කරන යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) අනාවරණය කර සිටින්නේ ලබන වසරේ ජර්මනියේ පැවැත්වෙන තරගාවලිය සඳහා වන තෑගි මල්ල Euro 2020 තරගාවලියේ පිරිනැමුණු ත්‍යාග මුදල් ප්‍රමාණය ම වන බව.
  • ඒ අනුව ‘යුරෝ 2024’ ට සුදුසුකම් ලබන කණ්ඩායම් 24 අතරේ පවුම් මිලියන 283.5ක මුදලක් බෙදා හැරීමටයි නියමිත.
  • මූලික වටයේ ජයග්‍රහණයක් සඳහා පවුම් 856,000ක් ගෙවනු ලබන අතර ජය පැරදුමින් තොර අවසානයක් වෙනුවෙන් පවුම් 428,000ක මුදලක් ලබා දෙන බව UEFA ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශූරයන් ද වීමට සමත් වන කණ්ඩායමට පවුම් මිලියන 24ක ත්‍යාග මුදලක් හිමිකර ගැනීමට අවස්ථාව තිබෙනවා.

xfgdrgh
මේ තරගාවලිය සංවිධානය කරන යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) අනාවරණය කර සිටින්නේ ලබන වසරේ ජර්මනියේ පැවැත්වෙන තරගාවලිය සඳහා වන තෑගි මල්ල Euro 2020 තරගාවලියේ පිරිනැමුණු ත්‍යාග මුදල් ප්‍රමාණය ම වන බව. ඒ අනුව ‘යුරෝ 2024’ ට සුදුසුකම් ලබන කණ්ඩායම් 24 අතරේ පවුම් මිලියන 283.5ක මුදලක් බෙදා හැරීමටයි නියමිත.

මූලික වටයේ ජයග්‍රහණයක් සඳහා පවුම් 856,000ක් ගෙවනු ලබන අතර ජය පැරදුමින් තොර අවසානයක් වෙනුවෙන් පවුම් 428,000ක මුදලක් ලබා දෙන බව UEFA ප්‍රකාශ කරනවා.
 
xzdgfsdf
මේ අනුව තරගාවලියේ ශූරයින් වන කණ්ඩායම ඔවුන්ගේ මූලික වට තරග තුන ම ජයග්‍රහණය කළහොත්, ජයග්‍රාහකයාට පමණක් වෙන්කර ඇති පවුම් මිලියන 6.85ක ගෙවීම ද සමග ඔවුන් පවුම් මිලියන 24ක ජැක්පොට් මුදලක් හිමිකර ගන්නවා.

Euro 2024 ත්‍යාග මුදල් (පවුම්වලින්):
සමස්ත ත්‍යාග මුදල - මිලියන 283.5
සහභාගිත්වයේ මුදල - මිලියන 7.9
මූලික වටයේ ජය - 856,000
මූලික වටයේ ජය පැරදුමකින් තොර - 428,000
අවසාන කණ්ඩායම් 16 අතරට පිවිසීම - මිලියන 1.28
අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම - මිලියන 2.14
අවසන් පූර්ව වටයට පිවිසීම - මිලියන 3.42
අවසාන තරගයේ පරාජිතයා - මිලියන 4.28
ජයග්‍රාහකයාගේ බෝනස් - මිලියන 6.85
කොවිඩ් වසංගතය නිසා ප්‍රමාද වී 2021 වසරේ එංගලන්තයේ පැවති පසුගිය ‘යුරෝ 2020’ තරගාවලියේ අවසාන මහා තරගයේදී ඉතාලිය පෙනල්ටි ප්‍රහාරයකින් එංගලන්තය පරාජය කරමින් කුසලානය හිමිකර ගත්තා.
 
euro 2020

තරග ඔට්ටු භාරගන්නා බුකීකරුවන්ගේ Euro 2024 ජයග්‍රහණය කිරීමේ ජනප්‍රිය කණ්ඩායම බවට පත්ව සිටින්නේ එංගලන්තය. ප්‍රංශය, ජර්මනිය හා ස්පාඤ්ඤය ද වැඩියෙන් ම සිත් ඇද ගත් කණ්ඩායම්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...