The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)

T

The Leader Desk

April 1, 2024 • 4:14 PM

EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එතැන් සිට ඔවුන්ට ජාත්‍යන්තර මිත්‍ර තරගමාලාවක මෙවැනිම අසාර්ථකත්වයකට මුහුණ දීමට සිදුවුනේ 2022 ලෝක කුසලානයෙන් පසුව සහභාගි වූ තරග අටෙන් පහක් ම පරාජය වූ බැවින්.
  • Euro 2024 සත්කාරක රට ලෙස ඔවුන් ඉබේට ම එම තරගාවලියට සුදුසුකම් ලැබීම ජර්මනියට අත්වූ වාසියක්.
  • මෙහි ප්‍රතිඵලයක් ලෙසින් හැන්සි ෆ්ලික් ඉවත්ව යාම සහ හුලිඅන් නගලස්මන් කළමනාකරු ලෙස පත් කිරීම සිදුවුනා.
  • ‘යුරෝ 2024’ තරගාවලිය පැවැත්වෙන මේ ගිම්හානය තමන් ලජ්ජාවට පමුණුවන එකක් වේවිදෝ යන බියක් ජර්මනියේ පාපන්දු ක්‍රීඩා ලෝලීන් තුළ හටගෙන තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

euro 2024 Germany

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන් ම පිට පිට ඉවත් වීමට සිදුවීම හා Euro 2020 තරගාවලියේදී එංගලන්තය වෙතින් පරාජය ලැබ අවසන් කණ්ඩායම් 16 වටයෙන් ඉවතට විසිවීමට සිදුවීම නිසා මෙවර තරගාවලියේ සත්කාරක රට ට පසුගිය වසර සම්බන්ධයෙන් තිබෙන්නේ අමිහිරි අත්දැකීමක්.

එතැන් සිට ඔවුන්ට ජාත්‍යන්තර මිත්‍ර තරගමාලාවක මෙවැනිම අසාර්ථකත්වයකට මුහුණ දීමට සිදුවුනේ 2022 ලෝක කුසලානයෙන් පසුව සහභාගි වූ තරග අටෙන් පහක් ම පරාජය වූ බැවින්. Euro 2024 සත්කාරක රට ලෙස ඔවුන් ඉබේට ම එම තරගාවලියට සුදුසුකම් ලැබීම ජර්මනියට අත්වූ වාසියක්.

ජර්මනිය මේ පරාජයන් ලැබුවේ ජපානය, කොලොම්බියාව, පෝලන්තය, ඔස්ට්‍රියාව හා තුර්කිය වෙතින්. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් හැන්සි ෆ්ලික් ඉවත්ව යාම සහ හුලිඅන් නගලස්මන් කළමනාකරු ලෙස පත් කිරීම සිදුවුනා.

‘යුරෝ 2024’ තරගාවලිය පැවැත්වෙන මේ ගිම්හානය තමන් ලජ්ජාවට පමුණුවන එකක් වේවිදෝ යන බියක් ජර්මනියේ පාපන්දු ක්‍රීඩා ලෝලීන් තුළ හටගෙන තිබුනා.

නමුත්, පසුගිය සතියේ ප්‍රංශය හා නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කළ ජයග්‍රහණයන් නිසා ජර්මන් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු නැවත ඉහළ නැග තිබෙනවා. ඊටත්, ලොව ප්‍රධාන පාපන්දු තරගාවලියකදී ජර්මනිය අවතක්සේරු කිරීම කොහෙත්ම නොකළ යුතු දෙයක්.

අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - ටෝනී ක්‍රෝස් (Toni Kroos)

Toni Kroos

සමහර විට, සාමාන්‍යයෙන් ඔබේ ‘අවධානය යොමු කළ යුතු’ ක්‍රීඩකයා නොවුනත්, ජාතික කණ්ඩායමෙන් පිටව සිටි තෙවසරක කාලය නිමා කරමින් ටෝනී ක්‍රෝස්ගේ ජාත්‍යන්තර සමුගැනීමේ වෙනස සිදුවීම දැනටමත් ජර්මන් කණ්ඩායමට ප්‍රබල පරිවර්තනයක බලපෑමක් ඇති කර තිබෙනවා.

පහත් මට්ටමක තිබුනු මැද පෙල ස්ථාවර කිරීමට මේ ක්‍රීඩකයා උපකාරී වූවා පමණක් නොව ප්‍රංශය ට එරෙහි තරගයේ සිය ආගමනයේ තත්පර හතක් ඇතුළත ගෝලයක් වාර්තා කිරීම පිණිස ද ඔහු සහාය වුනා. මේ වික්‍රමය නිසා ටෝනී ක්‍රෝස් ‘ඇදහිය නොහැකි’ සහ ‘අසාමාන්‍ය ක්‍රීඩකයෙක්’ ලෙස කළමනාකරු/පුහුණුකරු විසින් හඳුන්වා තිබෙනවා.

කළමනාකරු - හුලිඅන් නගල්ස්මන් (Julian Nagelsmann)

Julian Nagelsmann

පසුගිය වසරේදී Bayern Munich ක්‍රීඩා සමාජය විසින් නගල්ස්මන් තනතුරෙන් පහ කිරීම ජර්මනියේ සිටින වැඩියෙන් ම උසස් මට්ටමේ පුහුණුකරුවකු ලැබූ ප්‍රධාන පසුබෑමක් බවට සැකයක් නැහැ.

තරග හයකින් ලබා ගත් ජයග්‍රහණ තුනක් සමග ඔහුට ජාතික කණ්ඩායම භාරව ඔප්පු කළ යුතු තවත් බොහෝ දේවල් තිබෙනවා. එහෙත් පසුගිය සතියේ ජර්මන් කණ්ඩායමෙන් දක්නට ලැබුනු ක්‍රීඩාව හඟවන්නේ මේ 36 හැවිරිදි පුද්ගලයා ඔහුගේ අදහස් කණ්ඩායම තුළට කාවද්දමින් සිටින බව.

ස්කොට්ලන්තය

euro 2024 Scotland

මීට පෙර ‘යුරෝ’ තරගාවලියේ වසර 14ක හිඩැසක් අත්විඳීමෙන් පසුව ස්කොට්ලන්තය පිට පිට ඔවුන්ගේ දෙවැනි ‘යුරෝ’ තරගාවලිය කරා මෙහෙයවීම පිළිබඳව පුහුණුකරු ස්ටීව් ක්ලාක් ට හිමි වන්නේ අතිමහත් ‌ප්‍රශංසාවක්.

ඔහු, තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ම ජර්මනියේ පැවැත්වෙන තරගාවලියේ ස්ථානයක් තහවුරු කර ගැනීමට පෙර ස්පාඤ්ඤය ට එරෙහි ජයග්‍රහණයක් ද ඇතුළුව අමතක නොවන සුදුසුකම් ලැබීමේ මෙහෙයුමක් අධීක්ෂණය කළා.

තරග අටකින් එක පරාජයක් පමණක් සහිතව, ක්ලාක් ඉතාමත් සිත් බඳනාසුලු තරුණ කණ්ඩායමක් නිර්මාණය කර තිබෙනවා. කෙසේ වෙතත්, එංගලන්තය, ප්‍රංශය හා නෙදර්ලන්තය හමුවේ අත්විඳින්නට සිදුවූ දැවැන්ත පරාජයන් හා උතුරු අයර්ලන්තයෙන් ලැබූ විස්මිත පරාජය නිසා ස්කොට්ලන්ත අපේක්ෂාවන්ට හානි සිදුවී තිබෙන්නේ ඔවුන් මෑතකදී ක්‍රීඩා කළ තරග හතෙන් එකක් හෝ ජය ගෙන නැති නිසා.

අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - ස්කොට් මැක්ටෝමිනේ (Scott McTominay)

Scott McTominay

‘යුරෝ’ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග අටකදී ස්කොට් මැක්ටෝමිනේ ලබා ගත් ගෝල් හත දෙවැනි වන්නේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ, කිලිඇන් බප්පේ සහ හැරී කේන් ට පමණ යි. ‘මැන්චෙස්ට යුනයිටඩ්’ ක්‍රීඩා සමාජයේ මේ මැද පෙල ක්‍රීඩකයාගේ තරම මෙයින් පෙන්නුම් කරනවා.

27 හැවිරිදි මේ ක්‍රීඩකයා දැන් ගෙවන්නේ ක්‍රීඩා සමාජ මට්ටමේ ඔහුගේ අතිශය පලදායී අවධිය යි. ජර්මන් තරග බිමේදී ස්කොට්ලන්තය ඔවුන්ගේ නම සළකුණු කිරීමට නම්, මැක්ටෝමිනේගේ හපන්කම් උපරිමයෙන් ප්‍රදර්ශනය විය යුතු ම වනවා.

 
කළමනාකරු - ස්ටීව් ක්ලාක් (Steve Clarke)
 
Steve Clarke
 
එංගලන්තයේ West Bromwich හා Reading යන ක්‍රීඩා සමාජවල හිටපු කළමනාකරුවකු වන ස්ටීව් ක්ලාක් 2019 වසරේ ස්කොට්ලන්ත පාපන්දු කණ්ඩායම බාර ගැනීමෙන් පසුව විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටින්නේ ඔහු යටතේ කණ්ඩායම ක්‍රීඩා කළ තරග 53න් භාගයක් පමණ ජයග්‍රහණය කර තිබෙන බැවින්. එය ඔහු කණ්ඩායම බාරගත් අවධියේ ප්‍රදර්ශනය වූ සිතාගන්නට නොහැකි තරමේ වාර්තාවක්.

ස්ටීව් ක්ලාක් පිටියේ ක්‍රීඩාව විශාල වශයෙන් දියුණු කර තිබෙනවා පමණක් නොව, මුළු ස්කොට්ලන්තය ම දැන් එක්සත්ව ඔවුන්ගේ කණ්ඩායම පිටුපස ස්ථාවරව සිටිනවා. ජර්මනියේදී මේ ගිම්හානයේ ස්කොට්ලන්ත ක්‍රීඩාවේ ශක්තිමත් සාධකයක් බවට ඔප්පු වීමට ඉඩ තිබෙන්නේ මේ එකමුතුකම යි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස) | The Leader