The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

EURO 2024: හංගේරියාව සහ ස්විට්සලන්තය (ඒ කොටස)

T

The Leader Desk

April 3, 2024 • 8:05 AM

EURO 2024: හංගේරියාව සහ ස්විට්සලන්තය (ඒ කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අපරාජිත මෙහෙයුමකින් පසුව හංගේරියාව ග්‍රීෂ්ම සෘතුවේ ජර්මනියේදී පෙරලිකාර ක්‍රීඩාවක නියැලෙනු නොඅනුමාන යි.
  • සෝබොස්ලායි මව්බිමේ වීරයෙකු වන අතර හංගේරියාව වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩා කර තිබෙන තරග 40දී ගෝල් 17කට දායක වීමට ඔහු සමත්ව තිබෙනවා.
  • නමුත් ඔහුගේ බලපෑමෙන් කණ්ඩායමට වෙනසක් සිදුව තිබෙන බවට තහවුරු වී තිබෙන්නේ තරග 62කදී ජයග්‍රහණ 32ක් ඔහු අධීක්ෂණය කර තිබෙන බැවින්.
  • ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේ එංගලන්තය, ජර්මනිය හා ඉතාලිය යන ප්‍රබල කණ්ඩායම් ඇතුළත්ව සිටි කොටසක හංගේරියාව සිත් ගන්නා අයුරින් දෙවැනි ස්ථානයට පත්වීමත් මීට ඇතුළත්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ තරගාවලියට පෙර ‘කළු අශ්වයන්’ ලෙස ප්‍රකටව සිටින හංගේරියානු ජාතික පාපන්දු කණ්ඩායමේ වර්ධනය වෙමින් තිබෙන දක්ෂතාව සම්පූර්ණයෙන් ප්‍රදර්ශනය වූයේ 2022 Nations League තරගාවලියේදී ඔවුන් එංගලන්තය ගෝල් 4-0කින් විනාශ කර දැමූ අවස්ථාවේදී. 

ඩොමිනික් සෝබොස්ලායි නමැති ‘ලිවපූල්’ තරුව නායකත්වය දෙන කුසලතාවලින් පිරුණු නැගෙනහිර යුරෝපීය දේශයේ මේ පාපන්දු කණ්ඩායම වර්තමානයේ සිටින්නේ තරග 14ක් අපරාජිතව. මේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අපරාජිත මෙහෙයුමකින් පසුව හංගේරියාව ග්‍රීෂ්ම සෘතුවේ ජර්මනියේදී පෙරලිකාර ක්‍රීඩාවක නියැලෙනු නොඅනුමාන යි.

 

හංගේරියාව ග්‍රීෂ්ම සෘතුවේ ජර්මනියේදී පෙරලිකාර ක්‍රීඩාවක නියැලෙනු නොඅනුමාන යි.


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - ඩොමිනික් සෝබොස්ලායි (Dominik Szoboszlai)

හංගේරියානු පාපන්දුවේ මේ නව අස්වැන්නේ සළකුණ බවට පත්ව සිටින 23 හැවිරිදි සෝබොස්ලායි පවුම් මිලියන 60කට ‘ලිවපූල්’ කණ්ඩායමට සම්බන්ධ වීමෙන් පසුව එම ක්‍රීඩා සමාජයට ඔහුගෙන් සිදුවූ බලපෑම අති විශාල යි.

සෝබොස්ලායි මව්බිමේ වීරයෙකු වන අතර හංගේරියාව වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩා කර තිබෙන තරග 40දී ගෝල් 17කට දායක වීමට ඔහු සමත්ව තිබෙනවා. මේ නිසා ඔහු ජාතික කණ්ඩායමට එක් කරන්නේ ලොකු වැදගත්කමක්.

 

007d7c55c0957d631a7050cd05cb32c81ef4f2cecac6bbaf4d3092f0f10219ebහංගේරියානු පාපන්දුවේ මේ නව අස්වැන්නේ සළකුණ බවට පත්ව සිටින 23 හැවිරිදි සෝබොස්ලායි


කළමනාකරු - මාකෝ රොසී (Marco Rossi)

 

marco rossi 2024 2331පළපුරුදු ඉතාලි පුහුණුකරුවකු වන මාකෝ රොසී


පළපුරුදු ඉතාලි පුහුණුකරුවකු වන මාකෝ රොසී 2018 වසරේදී හංගේරියානු ජාතික පාපන්දු කණ්ඩායම බාර ගැනීමට පෙර ඉතාලිය, හංගේරියාව හා ස්ලොවේකියාව යන රටවල පහළ මට්ටමේ ලීග් තරගාවලියන් හරහා අත්විඳ තිබෙන්නේ තැනින් තැන යන පුහුණුකරු දිවියක්.

නමුත් ඔහුගේ බලපෑමෙන් කණ්ඩායමට වෙනසක් සිදුව තිබෙන බවට තහවුරු වී තිබෙන්නේ තරග 62කදී ජයග්‍රහණ 32ක් ඔහු අධීක්ෂණය කර තිබෙන බැවින්. ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේ එංගලන්තය, ජර්මනිය හා ඉතාලිය යන ප්‍රබල කණ්ඩායම් ඇතුළත්ව සිටි කොටසක හංගේරියාව සිත් ගන්නා අයුරින් දෙවැනි ස්ථානයට පත්වීමත් මීට ඇතුළත්.

nation
ස්විට්සලන්තය

ඉතාමත් මෑතකදී සහභාගි වූ තරගාවලි පහේදීම පිළිමළුන් පිටු දැකීමේ වටයට (Knockout Stages) සුදුසුකම් ලැබීමට ස්විට්සලන්තය සමත් වුනා. 

Euro Cup Hungary and Switzerland Euro 2024 Qualification Challenges and Milestones 1ඉතාමත් මෑතකදී සහභාගි වූ තරගාවලි පහේදීම පිළිමළුන් පිටු දැකීමේ වටයට (Knockout Stages) සුදුසුකම් ලැබීමට ස්විට්සලන්තය සමත් වුනා. 

පළපුරුද්දෙන් පිරි මේ සංචිතය ජර්මනියේ පැවැත්වෙන ‘යුරෝ’ තරගාවලියේදීත් ඔවුන්ගේ ඒ දක්ෂතාවන් නැවත ප්‍රදර්ශනය කිරීමේ අපේක්ෂාවෙන් පසුවනවා. සුපුරුදු නම් කිහිපයක් වන Granit Xhaka, Xherdan Shaqiri සහ Fabian Schar යන සියළු දෙනාම වයස අවුරුදු 30 ට වැඩි ක්‍රීඩකයින් වූවත් ඔවුන් තුළ අවම වශයෙන් තවත් එක් අන්තිම තරගාවලියක් හෝ ඉතිරිව තිබිය යුතුයි.


කෙසේ වෙතත්, මරාට් යෙකන්ගේ කණ්ඩායම ‘යුරෝ’ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දැක්වූ දුර්වල ක්‍රීඩාවකින් පසුව දියුණු විය යුතුව තිබෙනවා. සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ඔවුන්ගේ තරග 10න් තරග 4ක් පමණක් ජය ගත් ස්විට්සලන්තය එම තරගාවලිය අවසන් කළේ කුඩා කණ්ඩායමක් වන රුමේනියාවටත් වඩා ලකුණු පහක් පිටුපසින්.

අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - ග්‍රෑනිට් ෂාකා (Granit Xhaka)

 

TELEMMGLPICT000334817725 trans NvBQzQNjv4Bqn6m7b93GszMwKvh crFBhciA4emFrj7oeXcuS2jT5BAග්‍රෑනිට් ෂාකා


ජාත්‍යන්තර තරග 123ක‌ට ක්‍රීඩා කරමින් ස්විට්සලන්තය වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගි වී ඇති මේ ක්‍රීඩකයාගෙන් බැහැරව ඉදිරිය බැලීම අසීරු යි. 

ජර්මනියේ Bayer Leverkusen වෘත්තීය පාපන්දු සමාජයේ මැදපෙල ක්‍රීඩකයෙකු ලෙස ඉතාමත් සතුටින් ක්‍රීඩා වාරයක් ගත කරන ජැකා ඔහුගේ ක්‍රීඩාවේ උපරිම මට්ටමේ සිටියොත් පමණයි ස්විට්සලන්ත කණ්ඩායමට ‘යුරෝ’ තරග බිමේ සැලකිය යුතු බලකායක් බවට පත්විය හැකිවන්නේ.


කළමනාකරු - මරාට් යෙකන් (Murat Yakin)

 

Murat Yakin Switzerland F365 1මව්බිමේදී කණ්ඩායම් හයක් සහ Spartak Moscow ක්‍රීඩා සමාජයේ ද කළමනාකරු ලෙස කටයුතු කළ ද යෙකන්


මේ හිටපු ස්විස් ආරක්ෂක ක්‍රීඩකයා තැනින් තැන ගොස් අත්දැකීම් ලබා ගත් තවත් චරිතයක්. මව්බිමේදී කණ්ඩායම් හයක් සහ Spartak Moscow ක්‍රීඩා සමාජයේ ද කළමනාකරු ලෙස කටයුතු කළ ද යෙකන් කිසිවිටෙක රැකියාවේ අවුරුදු දෙකකට වැඩියෙන් එක තැනක රැඳී සිට නැහැ.

ස්විට්සලන්ත ජාතික කණ්ඩායම සමග තිබෙන ඔහුගේ වාර්තාව ගෞරවනීය එකක් වන්නේ කණ්ඩායම ඔහුගේ භාරයේ සිටියදී තරග 32න් තරග 14ක් ජය ගෙන සිටින බැවින්.

 

Hun SwiTN

 




warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 
සබැඳි ලිපි :
EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...