The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

EURO 2024: ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව (බී කොටස)

T

The Leader Desk

April 4, 2024 • 10:19 AM

EURO 2024: ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව (බී කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරග බිමට පිටතින් ස්පාඤ්ඤ පාපන්දු ක්ෂේත්‍රය තුළ ඇතිවූ මහත් ඝෝෂාකාරී කැලඹිල්ලෙන් පසුව පිරිමි කණ්ඩායමේ ක්‍රීඩාවේ සන්සුන්බව ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට පුහුණුකරු ලුවිස් ඩෙලා ෆොන්ටෙ සමත් වී තිබෙනවා.
  • 2024 Euro තරගාවලියේදී කීර්තිය සොයා යන තවත් එක් කණ්ඩායමකි ස්පාඤ්ඤය.
  •   2024 Euro තරගාවලියේදී කීර්තිය සොයා යන තවත් එක් කණ්ඩායමකි ස්පාඤ්ඤය.
  • මෑතකදී, කොලොම්බියාව වෙතින් ලැබූ 1-0ක පරාජය හා බ්‍රසීලය ට එරෙහිව ලබා ගත් 3-3 ජය පැරදුමින් තොර ප්‍රතිඵලයෙන් අඟවන්නේ මේ කණ්ඩායම තවමත් සාදා නිම කළ නිෂ්පාදනයක් නොවන බව.
අකුරු ප්‍රමාණය (Font Size):

තරග බිමට පිටතින් ස්පාඤ්ඤ පාපන්දු ක්ෂේත්‍රය තුළ ඇතිවූ මහත් ඝෝෂාකාරී කැලඹිල්ලෙන් පසුව පිරිමි කණ්ඩායමේ ක්‍රීඩාවේ සන්සුන්බව ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට පුහුණුකරු ලුවිස් ඩෙලා ෆොන්ටෙ සමත් වී තිබෙනවා.

2024 Euro තරගාවලියේදී කීර්තිය සොයා යන තවත් එක් කණ්ඩායමකි ස්පාඤ්ඤය.

මේ කණ්ඩායම Pau Cubarsi, Lamine Yamal හා Nico Williams වැනි හොඳ අනාගතයක් තිබෙන තරුණ ක්‍රීඩකයන් සමග Aymeric Laporte, Rodri හා Alvaro Morata වැනි පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් සෑදුනු මිශ්‍රණයක්.

 

hq7202024 Euro තරගාවලියේදී කීර්තිය සොයා යන තවත් එක් කණ්ඩායමකි ස්පාඤ්ඤය.


මෑතකදී, කොලොම්බියාව වෙතින් ලැබූ 1-0ක පරාජය හා බ්‍රසීලය ට එරෙහිව ලබා ගත් 3-3 ජය පැරදුමින් තොර ප්‍රතිඵලයෙන් අඟවන්නේ මේ කණ්ඩායම තවමත් සාදා නිම කළ නිෂ්පාදනයක් නොවන බව. නමුත් ස්පාඤ්ඤය මෙවර තරගාවලියට ඉදිරිපත් වන්නේ මහත් අපේක්ෂාවන් පොදි බැඳගෙන. 


අවධානය යොමු විය යුතු ක්‍රීඩකයා - ලැමීන් යමාල් (Lamine Yamal)



Lamine Yamal scaledයමාල් පිළිබඳ සෑම දෙයකින්ම අඟවන්නේ ඔහු වර්තමානයේ හා අනාගතයේ තරුවක් බව.


16 හැවිරිදි ක්‍රීඩකයෙකු මත ලොකු බලාපොරොත්තු තැබීම නොකළ යුතු දෙයක් වූවත්, යමාල් පිළිබඳ සෑම දෙයකින්ම අඟවන්නේ ඔහු වර්තමානයේ හා අනාගතයේ තරුවක් බව.

ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ වයසින් අඩු ම ක්‍රීඩකයා බවට පත්වීමෙන් පසුව, සිය මංගල තරගයේදී ජෝජියාව ට එරෙහිව ගෝලයක් ලබා ගනිමින් වයසින් අඩු ම ගෝල්ලාභියා බවට ද පත්වූ මේ චමත්කාර ‘බාසිලෝනා’ සමාජ ක්‍රීඩකයා මේ ගිම්හානයේ පැවැත්වෙන තරගාවලියේදී කැපී පෙනෙන යමක් කිරීමේ දොරටුව අභියසට පැමිණ සිටිනවා.



කළමනාකරු - ලුවිස් ඩෙලා ෆොන්ටෙ (Luis de la Fuente)


Luis de la Fuenteමේ ගිම්හානයේදී සැහැල්ලුවට ගත යුතු කණ්ඩායමක් නොවන බවට අනතුරු අඟවමින්.

ස්පාඤ්ඤයේ වයස අවුරුදු 19න් පහළ, 21න් පහළ හා 23න් පහළ ප්‍රධානියා ලෙස කටයුතු කළ අවධියේ සිට තමන්ගේ කණ්ඩායම ෆොන්ටෙ හොඳින් දන්නවා. 
 
ඔහුගේ පාලනය යටතේ ස්පාඤ්ඤය තරග 12කින් පමණක් ගෝල් 30ක් වාර්තා කොට තිබෙන්නේ ඔවුන් මේ ගිම්හානයේදී සැහැල්ලුවට ගත යුතු කණ්ඩායමක් නොවන බවට අනතුරු අඟවමින්.

ක්‍රොඒෂියාව

Untitled design euro 2024 draw croatia hns‘නේෂන්ස් ලීග්’ තරගාවලියේ දෙවැනි ස්ථානයට පත්වීම එකතු කිරීමෙන් පෙනෙන්නේ ක්‍රොඒෂියාව නායක ලූක මොඩ්රිච්ගේ (Luka Modric) අවසාන තරගාවලියේදී පෙරලිකාර යමක් කරනු ඇති බව.
 

ජනගහණය මිලියන හතරක් පමණ වූවත්, ක්‍රොඒෂියාව ජාත්‍යන්තර තරගාවලියන්හි උවමනාවටත් වඩා වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීම දිගටම කරගෙන යනවා.

 
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී කණ්ඩායම් බොහොමයක් ප්‍රබල සංචිත තිබෙන බවක් කඩදාසියෙන් පෙන්නුම් කළත්, ස්ලට්කෝ ඩාලිච්ගේ කණ්ඩායම එසේ ප්‍රබල යැයි පෙන්වූ කණ්ඩායම් අභිබවා යමින් විස්මිත ලෙස තෙවැනි ස්ථානයට පත්වීමට සමත් වුනා.

‘යුරෝ’ තරගාවලිය සඳහා ක්‍රොඒෂියාවේ සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රදර්ශනය ඔවුන්ගේ හොඳම ක්‍රීඩාව නොවන්නේ එම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසාන වටයේදී ඔවුන් පැරදවූයේ වේල්සය පමණක් වන බැවින්. නමුත් තරගාවලියේ ඔවුන්ගේ කුසලතාවන් සමග ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේ දෙවැනි ස්ථානයට පත්වීම එකතු කිරීමෙන් පෙනෙන්නේ ඔවුන් නායක ලූක මොඩ්රිච්ගේ (Luka Modric) අවසාන තරගාවලියේදී පෙරලිකාර යමක් කරනු ඇති බව.

අවධානය යොමු විය යුතු ක්‍රීඩකයා - මටේයෝ කෝවසිච් (Mateo Kovacic)


KovacicMobile 1ඔහු මේ ගිම්හානයේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ඔහුගේ 100 වැනි තරගය ලබා ගැනීමටයි නියමිතය
 

තරග බිමේ මැද පෙළ ක්‍රීඩා කරද්දී ඔහු අවට සැරිසරන විශිෂ්ට ක්‍රීඩකයන් නිසා මටේයෝ කෝවසිච් බොහෝ විට කැපී පෙනෙන්නේ නැහැ. නමුත් ක්‍රොඒෂියානු කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් ‘මැන්චෙස්ට සිටි’ ක්‍රීඩා සමාජයේ මේ ක්‍රීඩකයාගේ කාර්යභාරය අවධානයට ලක්නොවී තිබෙන්න බැහැ.

 
මොඩ්රිච් සමග කෝවසිච් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමට උසස් පෙනුමක් ගෙන එනු ඇති අතර ඔහු මේ ගිම්හානයේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ඔහුගේ 100 වැනි තරගය ලබා ගැනීමටයි නියමිත. මෙයින් ප්‍රදර්ශනය වන්නේ ඔහුගේ රටේ සාර්ථකත්වයට කෝවසිච් කොතරම් වැදගත් වනවාද යන වග.


කළමනාකරු - ස්ලට්කෝ ඩාලිච් (Zlatko Dalic)
 
skysports zlatko dalic croatia coach 4355377හරියටම සියයට 50ක ජයග්‍රහණ අනුපාතයක් හා ප්‍රධාන තරගාවලියන්හි ඔහුගේ වාර්තාව සමග ඩාලිච් කදිම සේවයක් ක්‍රොඒෂියානු ජාතික පාපන්දුව වෙනුවෙන් නොකඩවා ඉටුකරමින් සිටිනවා. 
 

සිය වසර හතක නිල කාලයේදි ඩාලිච් ක්‍රොඒෂියාව ඔවුන්ගේ සිහිනවලින් බොහෝ දුරට ගෙන ගොස් තිබෙන්නේ ඔහුගේ පළපුරුදු ක්‍රීඩකයින් දක්ෂ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමග සංයෝජනය කරමින්.

 
හරියටම සියයට 50ක ජයග්‍රහණ අනුපාතයක් හා ප්‍රධාන තරගාවලියන්හි ඔහුගේ වාර්තාව සමග ඩාලිච් කදිම සේවයක් ක්‍රොඒෂියානු ජාතික පාපන්දුව වෙනුවෙන් නොකඩවා ඉටුකරමින් සිටිනවා. 


warnan Gunasekara සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...