The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

EURO 2024: ඉතාලිය සහ ඇල්බේනියාව (බී කොටස)

T

The Leader Desk

April 5, 2024 • 3:37 PM

EURO 2024: ඉතාලිය සහ ඇල්බේනියාව (බී කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු මැසිඩෝනියාව හා යුක්රේනය සමග පැවති තීරණාත්මක සුදුසුකම් ලැබීමේ තරග ආසන්නව තිබියදී පුහුණුකරු රබර්ටෝ මැන්චීනී සෞදි අරාබියට සම්බන්ධ වීම පිණිස පිටව යාමත් සමග ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායම පත්වුනේ ව්‍යාකූල තත්ත්වයකට.
  • කෙසේ වෙතත්, ලුචානෝ ස්පල්ලෙට්ටි ඉදිරිපත් වූ අතර පසුව සිදුවූ ඔහුගේ ජාත්‍යන්තර විරාමයන් නිසා පිටියෙන් පිටත අවුල් තවදුරටත් තිබුන ද, මේ හිටපු Napoli ක්‍රීඩා සමාජ ප්‍රධානියා ඉතාලිය ට ‘යුරෝ 2024’ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට උපකාරී වුනා.
  • ඔවුන්ගේ 2020 Euro ජයග්‍රහණය කෙසේ වෙතත්, පසුගිය දශකයේ ලොව ප්‍රධාන පාපන්දු තරගාවලියන් අරබයා ඉතාලියට තිබෙන වාර්තාව බොහෝ අඳුරු එකක්.
  • කෙසේ වෙතත්, සහජ කුසලතාවෙන් පිරුණු සංචිතයක් සතු ඉතාලිය මේ දුබල වාර්තාව අභිබවා යාමටත්, 2014 වසරේ සිට ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සුදුසුකම් නොලැබීම අහම්බෙන් සිදුවූවක් පමණක් බවට සියළු දෙනාට මතක් කර දීමටත් මේ තරගාවලියේදී බලාපොරොත්තු වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

itali

උතුරු මැසිඩෝනියාව හා යුක්රේනය සමග පැවති තීරණාත්මක සුදුසුකම් ලැබීමේ තරග ආසන්නව තිබියදී පුහුණුකරු රබර්ටෝ මැන්චීනී සෞදි අරාබියට සම්බන්ධ වීම පිණිස පිටව යාමත් සමග ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායම පත්වුනේ ව්‍යාකූල තත්ත්වයකට.

කෙසේ වෙතත්, ලුචානෝ ස්පල්ලෙට්ටි ඉදිරිපත් වූ අතර පසුව සිදුවූ ඔහුගේ ජාත්‍යන්තර විරාමයන් නිසා පිටියෙන් පිටත අවුල් තවදුරටත් තිබුන ද, මේ හිටපු Napoli ක්‍රීඩා සමාජ ප්‍රධානියා ඉතාලිය ට ‘යුරෝ 2024’ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට උපකාරී වුනා. ඉතාලිය සුදුසුකම් ලැබුවේ යුක්රේනය ට වඩා හොඳ මුහුණ ට මුහුණ වාර්තාවකින්.

ඔවුන්ගේ 2020 Euro ජයග්‍රහණය කෙසේ වෙතත්, පසුගිය දශකයේ ලොව ප්‍රධාන පාපන්දු තරගාවලියන් අරබයා ඉතාලියට තිබෙන වාර්තාව බොහෝ අඳුරු එකක්. එබැවින්, ශ්‍රේණිගත කිරීමේ ඔවුන් සිටින සිවුවැනි තත්ත්වය ඔවුන්ට මේ තරගාවලියේදී උපකාරයක් වීම සැක සහිතයි.

කෙසේ වෙතත්, සහජ කුසලතාවෙන් පිරුණු සංචිතයක් සතු ඉතාලිය මේ දුබල වාර්තාව අභිබවා යාමටත්, 2014 වසරේ සිට ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සුදුසුකම් නොලැබීම අහම්බෙන් සිදුවූවක් පමණක් බවට සියළු දෙනාට මතක් කර දීමටත් මේ තරගාවලියේදී බලාපොරොත්තු වනවා.


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - මත්තේයෝ රෙට්ටේගී (Mateo Retegui)

Mateo Retegui

මෑත වසරවල ඉතාලි පාපන්දු කණ්ඩායමට තිබෙන ප්‍රධානතම ගැටළුව වී තිබෙන්නේ ආක්‍රමණය. ඔවුන් ආක්‍රමණික ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අත්හදා බැලුවත් එය සාර්ථක වුනේ නැහැ.

නමුත් ආජන්ටිනාවේ උපන් 24 හැවිරිදි ක්‍රීඩකයෙකු වන මත්තේයෝ රෙට්ටේගී මේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරක් වීමට ඉඩ තිබෙනවා. පසුගිය වසරේ මාර්තුවේදී ඉතාලි රටවැසිකමට ඇතුළු කර ගත්‌ මොහු ඉතාලිය වෙනුවෙන් මේ වන විට තරග හයකදී ගෝල් හතරක් ලබා ගෙන සිටිනවා.

පිටියේ මැදපෙළ ක්‍රීඩාවේ ඉතාලියේ සියළුම තාක්ෂණික ගුණාත්මකභාවයට අනුව ජර්මන් ගිම්හානයේ සිදුවන වෙනස මත්තේයෝගේ ගෝල් වීමට ඉඩ තිබෙනවා.


කළමනාකරු - ලුචානෝ ස්පල්ලෙට්ටි (Luciano Spalletti)

Luciano Spalletti

ඉතාලි පාපන්දුව අර්බුදවලට මැදිව සිටියදී ‘පැරෂුට්’ කරවන ලද ස්පල්ලෙට්ටි ට ඉතාලිය 2024 Euro කරා ගෙන යාම සම්බන්ධයෙන් විශාල ප්‍රශංසාවක් හිමිවිය යුතුයි.

ඉතාලියේ ගෙවූ කාලය තුළ ඉතාමත් උසස් මට්ටමෙන් සළකනු ලැබූ පුහුණුකරුවෙකු වන මොහුගේ ඉහළ ම සළකුණ පසුගිය වසරේදී Napoli ක්‍රීඩා සමාජය සමග Serie A ශූරතාව දිනා ගැනීම යි. ඉන්පසුව ඔහු සැප්තැම්බරයේදී ඔහුගේ රටෙන් ලැබුනු කැඳවීමට පිළිතුරු දුන්නේ ටස්කන් හි පිහිටි ඔහුගේ ගොවිපලේ වසරක නිවාඩු කාලයක් ගත කිරීමට කළින් සැලසුම් කර‌ගෙන සිටියදී.


ඇල්බේනියාව

albania

ඇල්බේනියානු පාපන්දු සංචිතය පිළිබඳව ඉක්මන් පරීක්ෂාවක් සිදුකරන විට දක්නට ලැබෙන්නේ Fulham ක්‍රීඩා සමාජයේ ආක්‍රමණික ක්‍රීඩක අමන්ඩෝ බ්‍රෝජා සහ Brentford ක්‍රීඩා සමාජයේ අතිරේක ගෝල්රකින්නා වන තෝමස් ස්ට්‍රෑකෝෂා වැනි ප්‍රිමිය ලීග් ක්‍රීඩා ලෝලීන් අතර තිබෙන සුපුරුදු නම් කිහිපයක්.

කෙසේ වෙතත්, සිය ප්‍රථම හා එක ම ප්‍රධාන තරගාවලිය ලෙස ‘යුරෝ 2016’ ට සුදුසුකම් ලැබීමෙන් පසුව ඇල්බේනියානු පාපන්දු කණ්ඩායම රන් පරම්පරාවක ආකාරයෙන් තහවුරු වෙමින් සිටින්නේ පෝලන්තය හා චෙක් සමූහාණ්ඩුව ද ඇතුළත්ව තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරග කොටසක ඇල්බේනියාව මුදුනට පැමිණීමෙන් පසුව.

ඔවුන් ඉදිරියේ තිබෙන කාර්යයේ බැරෑරුම්කමේ තරම චිලී හා ස්වීඩනය වෙතින් ලැබූ පරාජයන්ගෙන් පැහැදිලි වී තිබුන ද, ඇල්බේනියාව මීට පෙර තරගාවලියට උද්යෝගයෙන් යුතුව පිවිසියේ තරග අටකින් අපරාජිතව සිටිමින්.


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - අමන්ඩෝ බ්‍රෝජා (Armando Broja)

Armando Broja

ඇල්බේනියාව ‘යුරෝ 2024’ තරගාවලියේ සිය ප්‍රතිවාදීන්ට හිසරදයක් ඇති කිරීමට නම් ඒ බලාපොරොත්තු බොහොමයක් රැඳී තිබෙන්නේ බ්‍රෝජාගේ උරහිස් මත. එංගලන්තයේ උපත ලද බ්‍රෝජා ප්‍රිමිය ලීගයේ‘චෙල්සී’ කණ්ඩායමට ක්‍රීඩා කරන්නෙක්.

රට නියෝජනය කළ තරග 19කදී ගෝල් 4ක් ලබා ගෙන සිටින මේ ආක්‍රමණික ක්‍රීඩකයාගේ දස්කම් ඇල්බේනියාවේ ජයග්‍රාහී සාධකය යි.


කළමනාකරු - සිල්විනෝ (Sylvinho)

Sylvinho
හිටපු ‘බාසිලෝනා’ සහ ‘ආසනල්’ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වල පසුපෙළ ක්‍රීඩකයෙකු වන සිල්විනෝ ඇල්බේනියාව සමග සිත් බඳනාසුලු බලපෑමක් දිගටම ඇතිකර ගෙන යමින් සිටින්නේ බ්‍රසීලයේ Corinthians හා ප්‍රංශයේ Lyon යන වෘත්තීය පාපන්දු සමාජ කණ්ඩායම් කෙටි කාලයකට කළමනාකරණය කිරීමෙන් පසුව.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...