The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)

T

The Leader Desk

April 8, 2024 • 10:57 AM

EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් Aleksandar Mitrovic, Filip Kostic සහ Sergej Milinkovic-Savic යන ක්‍රීඩකයන් ඇතුළත් සංචිතයේ යම් චමත්කාරි ගතියක් තවමත් ඉතිරිව තිබෙනවා.
  • ඔවුන් Montenegro කණ්ඩායම අභිබවා ගියේ යාන්තමින්.
  • පසුගිය ක්‍රීඩා වාරයේ ප්‍රිමිය ලීග් ගෝල් 14ක් ලබා ගැනීමෙන් පසුව පවුම් මිලියන 50කට සෞදි අරාබියේ ‘අල්-හිලාල්’ ක්‍රීඩා සමාජයට මාරු වීමෙන් ඔහුගේ දස්කම් නතර වී නැහැ.
  • මේ සෞදි වෘත්තීය පාපන්දු සමාජ කණ්ඩායම වෙනුවෙන් මිත්‍රොවිච් තරග 34කින් ගෝල් 31ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


දක්ෂතාවෙන් පිරුණු සංචිතයක් පෙනෙන්නට තිබියදීත්, සර්බියාව 2006 වසරේදී Montenegro දේශයෙන් වෙන්වීමෙන් පසුව ප්‍රථම වතාවට Euro තරගාවලියකට සුදුසුකම් ලැබුවේ මේ 2024 වසරේදී. 

පසුගිය ලෝක කුසලාන තරගාවලියන් හතරකින් තුනකදී ම මූලික වටයෙන් ඉවත් වීමට සිදුවීම නිසා සර්බියාව ට ජාත්‍යන්තර පාපන්දු වේදිකාවේ සැළකිය යුතු තරමේ බලපෑමක් කිරීමට හැකි වී නැහැ. නමුත් Aleksandar Mitrovic, Filip Kostic සහ Sergej Milinkovic-Savic යන ක්‍රීඩකයන් ඇතුළත් සංචිතයේ යම් චමත්කාරි ගතියක් තවමත් ඉතිරිව තිබෙනවා.


‘යුරෝ’ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සර්බියානු උත්සාහයේදී ඔවුන් ජය ගත්තේ ඔවුන්ගේ තරගවලින් භාගයක් පමණ යි. ඔවුන් Montenegro කණ්ඩායම අභිබවා ගියේ යාන්තමින්. එය එසේ වූවද, මේ කණ්ඩායමට දියුණු වීමට තව අවස්ථාව තිබෙනවා.

 

සර්බියාව 2006 වසරේදී Montenegro දේශයෙන් වෙන්වීමෙන් පසුව ප්‍රථම වතාවට Euro තරගාවලියකට සුදුසුකම් ලැබුවේ මේ 2024 වසරේදී. 


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - අලෙක්සන්ඩර් මිත්‍රොවිච් (Aleksandar Mitrovic)

හිටපු Fulham සමාජ ජනප්‍රිය ක්‍රීඩකයා දැනටමත් සර්බියාවේ වාර්තාගත ගෝල්ලාභියා බවට පත්ව සිටින්නේ 29 හැවිරිදිව සිටිමින්. ඔහු තවදුරටත් සර්බියාවේ ‘වශීකරණ’ ක්‍රීඩාකයා වී සිටිනවා.


පසුගිය ක්‍රීඩා වාරයේ ප්‍රිමිය ලීග් ගෝල් 14ක් ලබා ගැනීමෙන් පසුව පවුම් මිලියන 50කට සෞදි අරාබියේ ‘අල්-හිලාල්’ ක්‍රීඩා සමාජයට මාරු වීමෙන් ඔහුගේ දස්කම් නතර වී නැහැ. මේ සෞදි වෘත්තීය පාපන්දු සමාජ කණ්ඩායම වෙනුවෙන් මිත්‍රොවිච් තරග 34කින් ගෝල් 31ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

 

ඔහු තවදුරටත් සර්බියාවේ ‘වශීකරණ’ ක්‍රීඩාකයා වී සිටිනවා


කළමනාකරු - ඩ්‍රෑගන් ස්ටොයිකවිච් (Dragan Stojkovic)

Nagoya Grampus නමැති ජපන් කණ්ඩායමේ වසර හයක් ද, ඉන්පසුව චීනයේ Guangzhou R&F සුපර් ලීග් කණ්ඩායමේ වසර පහක් ද පුහුණුකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි ඩ්‍රෑගන් ස්ටොයිකවිච්.


2021 වසරේදී තම මව්රටේ පාපන්දු කණ්ඩායමේ වගකීම භාර ගැනීමෙන් පසුව, මේ හිටපු යුගෝස්ලාවියානු තරුව යටතේ සර්බියා කණ්ඩායමේ තරග 37න් තරග 21ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු සර්බියාවේ කලකිරවන ලෝක කුසලාන ක්‍රීඩාව දියුණු කිරීම සඳහා දැඩි උවමනාවකින් පසුවනවා.

චීනයේ Guangzhou R&F සුපර් ලීග් කණ්ඩායමේ වසර පහක් ද පුහුණුකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි ඩ්‍රෑගන් ස්ටොයිකවිච්


එංගලන්තය

Euro 2020 අනුශූරයන් සහ මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී කිසිම වැරැද්දක් නැතිව අපරාජිත කණ්ඩායම බවට පත්වූ ගැරත් සවුත්ගේට්ගේ කණ්ඩායමට ‘යුරෝ’ කුසලානය දිනා ගැනීම සඳහා නියම කාලය දැන් එළඹ තිබෙන බවක් දිස්වනවා.

 

එංගලන්ත සංචිතය ස්ථාවරව සිටින්නේ එහි ක්‍රීඩකයන් වසර ගණනාවක් ම එකට සිටි බැවින්. මේ කණ්ඩායම Harry Kane, Jude Bellingham, Declan Rice හා Bukayo Saka වැනි සුපිරි තරුවලින් පිරී තිබෙනවා. මේ ක්‍රීඩකයන් සියළු දෙනා ම ඔවුන් තරග බිමේ ක්‍රීඩා කරන ස්ථානයේ ලොව හොඳම ක්‍රීඩකයින් බවට පත්වීමේ තරගයක යෙදී සිටිනවා.

බ්‍රසීලයට පරාජය වීම හා බෙල්ජියම සමග තරගය ජය පැරදුමින් තොර වීම යන කාරණා විසින් එංගලන්ත කණ්ඩායමට මතක් කර දී තිබෙන්නේ ඔවුන් විසින් කළ යුතු තවත් බොහෝ දේවල් තිබෙන බව. නමුත් සවුත්ගේට්ගේ දිගු ආබාධ ලැයිස්තුව අඩුවන විට කණ්ඩායමේ මුහුණුවර මීට වඩා බොහෝ දුරට යහපත් වනු ඇත.



ගැරත් සවුත්ගේට්ගේ කණ්ඩායමට ‘යුරෝ’ කුසලානය දිනා ගැනීම සඳහා නියම කාලය දැන් එළඹ තිබෙන බවක් දිස්වනවා.

 
අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - ජූඩ් බෙලිංඅම් (Jude Bellingham)


නායක හැරී කේන්ව නොසලකා හැරීම නොකළ යුතු දෙයක් වූව ද, බෙලිංඅම් Real Madrid කණ්ඩායමට බැඳීමෙන් පසුව ඔහුගේ ප්‍රතිඵලය විස්මයජනක වී තිබෙන්නේ තරග 31කින් පමණක් ඔහු ගෝල් 20ක් ලබා ගෙන ඇති බැවින්.
 
බෙලිංඅම්ගේ තත්ත්වය, ආකල්පය හා නායකත්වය නිසා ඔහු දැනටමත් එංගලන්තයේ ‘ආරක්ෂක යන්ත්‍රය’ බවට පත්ව සිටිනවා. මෑතකදී, බෙල්ජියම ට එරෙහිව අන්තිම මොහොතේ ඔහු ලබා ගත් ගෝලය සහ මැදපෙළ ක්‍රීඩාවේ ඔහුගේ දස්කම් ජර්මනියේ පැවැත්වෙන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමේ සාර්ථකත්වයේ ‘යතුර’ වී තිබෙනවා.
 
බෙලිංඅම්ගේ තත්ත්වය, ආකල්පය හා නායකත්වය නිසා ඔහු දැනටමත් එංගලන්තයේ ‘ආරක්ෂක යන්ත්‍රය’ බවට පත්ව සිටිනවා

කළමනාකරු - ගැරත් සවුත්ගේට් (Gareth Southgate)

සිය සේවා කාලය අට වැනි වසරකටත් එළඹෙමින් සිටිය ද, සවුත්ගේට් එංගලන්ත ක්‍රීඩා ලෝලීන් අතර තවදුරටත් යම් අප්‍රසාදයකට පත්ව සිටින්නේ ඔහු ප්‍රත්‍යක්ෂ කරගෙන සිටින සෘණාත්මක උපක්‍රම නිසා.
 
නමුත් තරග 93කින් ජයග්‍රහණ 57කට පසුව, කෙනෙකුට සවුත්ගේට් ගේ වාර්තාව ගැන වාද කරන්න බැහැ. මේ වසර අග භාගයේ ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වීමට නියමිතව තිබියදී, Euro 2024 තරගාවලියේදී එංගලන්තයෙන් ප්‍රදර්ශනය වන ක්‍රීඩාව විසින් මේ 53 හැවිරිදි පුද්ගලයා භාරයේ කණ්ඩායම සිටි යුගය නිර්වචනය කෙරෙනු ඇත. 
 
TELEMMGLPICT000319353454 trans NvBQzQNjv4BqqVzuuqpFlyLIwiB6NTmJwWw4gmp RGF37EEvTz1YG50තරග 93කින් ජයග්‍රහණ 57කට පසුව, කෙනෙකුට සවුත්ගේට් ගේ වාර්තාව ගැන වාද කරන්න බැහැ.


warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...