The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

EURO 2024: පෝලන්තය සහ ඔස්ට්‍රියාව (ඩී කොටස)

T

The Leader Desk

April 11, 2024 • 9:24 AM

EURO 2024: පෝලන්තය සහ ඔස්ට්‍රියාව (ඩී කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෝලන්තය ‘යුරෝ 2024’ තරගාවලියට අනපේක්ෂිත අයුරින් සුදුසුකම් ලබා ගත්තේ සුදුසුකම් ලැබීමේ අවසාන තරගයේදී වේල්සය ට එරෙහිව පෙනල්ටි ප්‍රහාර ජයග්‍රහණයක් මගින්.
  • ඔවුන් මෝල්ඩෝවා කණ්ඩායම ඉතාමත් අසීරු අන්දමට පරාජය කළේ ලෝකයේ අංක 155 ‌ට ශ්‍රේණිගත කර තිබෙන රටකට  වඩා එක ලකුණක් පමණක් වැඩියෙන් ලබා ගනිමින්.
  • පෝලන්තය වෙනුවෙන් තරග 147කට ක්‍රීඩා කරමින් ගෝල් 81ක් වාර්තා කර සිටින මේ 35 හැවිරිදි ක්‍රීඩකයා ඔහුගේ රටේ පුරාවෘත්තයක්.
  • එහෙත් ඔහු තරගාවලියන් 18කට ක්‍රීඩා කරමින් ලබා ගත් ගෝල් 7ක සිය වාර්තාව ජර්මනියේදී තවත් දියුණු කිරීමේ අපේක්ෂාවෙන් පසුවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



පෝලන්තය ‘යුරෝ 2024’ තරගාවලියට අනපේක්ෂිත අයුරින් සුදුසුකම් ලබා ගත්තේ සුදුසුකම් ලැබීමේ අවසාන තරගයේදී වේල්සය ට එරෙහිව පෙනල්ටි ප්‍රහාර ජයග්‍රහණයක් මගින්.

කෙසේ වෙතත්, රොබට් ලැවන්ඩෆ්ස්කී සහ සමාගම හමුවේ තිබෙන්නේ එතරම් ලොකු බලාපොරොත්තු නෙවෙයි. ප්‍රධාන පාපන්දු තරගාවලියන්හි ඔවුන්ගේ දුර්වල ක්‍රීඩාව සමග ඈඳී තිබෙන්නේ ඉතාමත් කලකිරවන සුදුසුකම් ලබා ගැනීමේ මෙහෙයුමක්.

 

 

පෝලන්තය ඔවුන්ගේ සුදුසුකම් ලැබීමේ තරග කොටස තෙවැනි ස්ථානයෙන් අවසන් කළේ චෙක් ජනරජය හා ඇල්බේනියාව ට ලකුණු හතරක් පිටුපසින් සිටිමින්. ඔවුන් මෝල්ඩෝවා කණ්ඩායම ඉතාමත් අසීරු අන්දමට පරාජය කළේ ලෝකයේ අංක 155 ‌ට ශ්‍රේණිගත කර තිබෙන රටකට  වඩා එක ලකුණක් පමණක් වැඩියෙන් ලබා ගනිමින්.


පෝලන්තය ‘යුරෝ 2024’ තරගාවලියට අනපේක්ෂිත අයුරින් සුදුසුකම් ලබා ගත්තේ



අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - රොබට් ලැවන්ඩෆ්ස්කී (Robert Lewandowski)

 

අන්තර් ක්‍රීඩා සමාජ තරග මට්ටමේදී අසීරුතාවන්ට මුහුණ දුන්න ද, මේ ගිම්හානයේ ජර්මනියේදී යම් තැනකට ඒම පිණිස පෝලන්ත පාපන්දු කණ්ඩායම සතුව තිබෙන ප්‍රධාන යතුර වනු ඇත්තේ ලැවන්ඩෆ්ස්කීගේ ගෝල්.


පෝලන්තය වෙනුවෙන් තරග 147කට ක්‍රීඩා කරමින් ගෝල් 81ක් වාර්තා කර සිටින මේ 35 හැවිරිදි ක්‍රීඩකයා ඔහුගේ රටේ පුරාවෘත්තයක්. එහෙත් ඔහු තරගාවලියන් 18කට ක්‍රීඩා කරමින් ලබා ගත් ගෝල් 7ක සිය වාර්තාව ජර්මනියේදී තවත් දියුණු කිරීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

 

මේ ගිම්හානයේ ජර්මනියේදී යම් තැනකට ඒම පිණිස පෝලන්ත පාපන්දු කණ්ඩායම සතුව තිබෙන ප්‍රධාන යතුර වනු ඇත්තේ ලැවන්ඩෆ්ස්කීගේ ගෝල්.



කළමනාකරු - මීහල් ප්‍රොබියස් (Michal Probierz)



ජාත්‍යන්තර කළමනාකාරිත්වයට පෙර සංචාරක පැවැත්මක් තිබෙන තවත් පුහුණුකරුවෙක්. අවුරුදු 21න් පහළ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන මීහල් ප්‍රොබියස් විසින් පුරවනු ලැබුවේ පෝලන්තයේ සුදුසුකම් ලැබීමේ මෙහෙයුමේ දුබල ආරම්භයෙන් පසුව ඉවත් වූ හිටපු පෘතුගාල පාපන්දු ප්‍රධානී ෆනැන්ඩෝ සන්තොස්ගෙන් පුරප්පාඩු වූ ස්ථානය.



‘යුරෝ 2024’ තරගාවලිය කරා පෝලන්තය රැගෙන යාමේ ප්‍රශංසාව ප්‍රොබියස් ට හිමි විය යුතු වූව ද, 2011 වසරේදී Aris Thessaloniki යන ග්‍රීක කණ්ඩායම සමග ගත කළ මාස දෙක හැරෙන්නට පෝලන්තයෙන් පිට වෙනත් පළපුරුද්දක් ඔහුට නැහැ.



KRAKOW 02.09.2018.MECZ 7. KOLEJKA LOTTO EKSTRAKLASA SEZON 2018/19: CRACOVIA KRAKOW - LEGIA WARSZAWA --- POLISH FOOTBALL TOP LEAGUE MATCH: CRACOVIA CRACOW - LEGIA WARSAW.MICHAL PROBIERZ.FOT. PIOTR KUCZA/FOTOPYKජාත්‍යන්තර කළමනාකාරිත්වයට පෙර සංචාරක පැවැත්මක් තිබෙන තවත් පුහුණුකරුවෙක්



ඔස්ට්‍රියාව


වසර ගණනාවක් තිස්සේ එක දිගට දක්නට ලැබුනු අවිනිශ්චිත පුහුණුකරුවන්ගෙන් පසුව 2022 වසරේදී රැල්ෆ් රාංනික් කණ්ඩායම බාර ගැනීමෙන් ඔස්ට්‍රියා පාපන්දුව සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා.

මේ හිටපු ‘මැන්චෙස්ට යුනයිටඩ්’ ප්‍රධානියා ආක්‍රමණශීලී ක්‍රීඩා ශෛලියක් ක්‍රියාවට නංවා තිබෙන අතර එමගින් පාපන්දු කණ්ඩායම සමග තිබෙන රටේ සම්බන්ධතාව තිරිහන් වී තිබෙනවා.

රාංනික්ගේ උපකාරයෙන් සකස් කෙරුනු ආක්‍රමණික, ආකර්ෂණීය හා වැඩි තීව්‍රතාවකින් යුත් Red Bull ක්‍රමවේදයේ කොටසක්ව සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සමග ඔස්ට්‍රියාව සුදුසුකම් ලබා ගැනීමේ තරග අටකින් ලකුණු 19ක් රැස් කළේ ඔවුන්ගේ කොටසේ පළමු ස්ථානය සඳහා බෙල්ජියම පැරදවීමේ ආසන්නයටම පැමිණෙමින්.

 

ea7985dbbf22e01f0b1ad4e80e8bfbeeaa7f7a6bf43384489534f69f40b6f3d6 860 4602022 වසරේදී රැල්ෆ් රාංනික් කණ්ඩායම බාර ගැනීමෙන් ඔස්ට්‍රියා පාපන්දුව සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා.




අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - ක්‍රිස්ටොෆ් බඋම්ගාට්න (Christoph Baumgartner)


ඔස්ට්‍රියා ජාතික පාපන්දු කණ්ඩායම වෙත පිවිසෙමින් සිටින සහජ කුසලතා ඇති ක්‍රීඩකයන් අතර සිටින ප්‍රධාන කෙනෙකි RB Leipzig ජර්මන් වෘත්තීය පාපන්දු කණ්ඩායමේ මැදපෙල ක්‍රීඩක ක්‍රිස්ටොෆ් බඋම්ගාට්න.


රාංනික් යටතේ ප්‍රබෝධමත් ක්‍රීඩා තත්ත්වයක සිටින මේ 24 හැවිරිදි ක්‍රීඩකයා රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 36කින් ගෝල් 13ක් ලබා ගෙන සිටින අතර මෑතකදී ස්ලොවේකියාව ට එරෙහිව තත්පර හයක් ඇතුළත ලබා ගත් ජාත්‍යන්තර පාපන්දුවේ එදා මෙදා තුර වේගවත්ම ගෝලය ද මීට ඇතුළත්ව තිබෙනවා.

 

ostrඔස්ට්‍රියා ජාතික පාපන්දු කණ්ඩායම වෙත පිවිසෙමින් සිටින සහජ කුසලතා ඇති ක්‍රීඩකයන් අතර සිටින ප්‍රධාන කෙනෙකි



කළමනාකරු - රැල්ෆ් රාංනික් (Ralf Rangnick)


‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායම සමග අසීරු සේවා කාලයකින් පසුව එංගලන්තයේ තිබෙන තම කීර්තිය කෙලසා ගත් රැල්ෆ් රාංනික් ඔහුගේ විශ්වාසයන්ට ආපසු එළඹෙමින් ඔස්ට්‍රියාවේ ‘සිරස් පාපන්දුව’ ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔහු යටතේ සහජ දක්ෂතා ඇති ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් පැමිණෙමින් සිටීම යන සාධකය සමග රට නැවත වරක් එහි ජාතික පාපන්දු කණ්ඩායම සමග සම්බන්ධ වීමෙන් ඔස්ට්‍රියානු තරග නැරඹීමට පැමිණෙන සංඛ්‍යාව වැඩි වීම යන සාධකය බද්ධ වී තිබෙනවා. පළපුරුදු ජර්මන් පාපන්දු ප්‍රධානියා කරන කාර්යයේ සාර්ථකත්වයට මෙය ම හොඳ සාක්ෂියක්.

 

 

ralfඑංගලන්තයේ තිබෙන තම කීර්තිය කෙලසා ගත් රැල්ෆ් රාංනික් ඔහුගේ විශ්වාසයන්ට ආපසු එළඹෙමින් ඔස්ට්‍රියාවේ ‘සිරස් පාපන්දුව’ ක්‍රියාත්මක කර තිබෙනවා

 


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



සබැඳි ලිපි :

EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස)

EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)

EURO 2024: ස්ලොවේනියාව සහ ඩෙන්මාර්කය (සී කොටස)

EURO 2024: ඉතාලිය සහ ඇල්බේනියාව (බී කොටස)

EURO 2024: ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව (බී කොටස)

EURO 2024: හංගේරියාව සහ ස්විට්සලන්තය (ඒ කොටස)

EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)    
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...