The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

EURO 2024: යුක්රේනය සහ ස්ලොවේකියාව (ඊ කොටස)

T

The Leader Desk

April 15, 2024 • 4:54 PM

EURO 2024: යුක්රේනය සහ ස්ලොවේකියාව (ඊ කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ සිදුවන අයහපත් සිදුවීම් මධ්‍යයේත් යුක්රේනය ප්‍රදර්ශනය කරන විශිෂ්ට ක්‍රීඩාවෙන් පෙනී යන්නේ සේහී රීබ්‍රෝ (Serhiy Rebrov)ගේ කණ්ඩායම මෙවර ‘යුරෝ’ ශූරතාවලියේදී බොහෝ පුද්ගලයන්ගේ දෙවැනි ජනප්‍රිය කණ්ඩායම බවට පත්වනු ඇති බව.
  • මේ ක්‍රීඩා වාරය තුළ දැන් ගෝල් හයක් ලබා ගෙන සිටින මේ ඉදිරි පෙළ ක්‍රීඩකයා ඔහුගේ රට වෙනුවෙන් ‘වශීකරණය’ බවට දිගටම පත්ව සිටින අතර  Euro 2024 තරගාවලියේ ස්ථානයක් තහවුරු කර ගැනීම පිණිස මෑතකදී ඔහු අයිස්ලන්තය ට එරෙහිව ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට සමත් වුනා.
  • කළමනාකරු - සේහී රීබ්‍රෝ (Serhiy Rebrov) හිටපු ප්‍රිමිය ලීග් ආක්‍රමණික ක්‍රීඩක රීබ්‍රෝ පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී යුක්රේන් කණ්ඩායම බාර ගැනීමෙන් පසුව නිර්මාණාත්මක බලපෑමක් ඇති කරව ගෙන සිටිනවා.
  • මෙවර ‘යුරෝ’ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව තිබෙන ඔහුගේ තරග 10කින් ජයග්‍රහණ 6ක් හා පරාජ 1ක වාර්තාවෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ සේහී රීබ්‍රෝ සිත් බඳනාසුලු කණ්ඩායමක් ගොඩනගමින් සිටින බව.
අකුරු ප්‍රමාණය (Font Size):

UKRAINE FB Team 2024

රටේ සිදුවන අයහපත් සිදුවීම් මධ්‍යයේත් යුක්රේනය ප්‍රදර්ශනය කරන විශිෂ්ට ක්‍රීඩාවෙන් පෙනී යන්නේ සේහී රීබ්‍රෝ (Serhiy Rebrov)ගේ කණ්ඩායම මෙවර ‘යුරෝ’ ශූරතාවලියේදී බොහෝ පුද්ගලයන්ගේ දෙවැනි ජනප්‍රිය කණ්ඩායම බවට පත්වනු ඇති බව.

ඉතාලිය ට ‘තරගයෙන් තරගයට’ තිබුනු සුපිරි වාර්තාව නිසා මෙවර තරගාවලියට ඉබේටම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව කුරිරු අන්දමින් අහිමි වූ යුක්රේන් පාපන්දු කණ්ඩායම ජර්මනියේ පැවැත්වෙන තරගාවලියේ තම ස්ථානය තහවුරු කර ගත්තේ බොස්නියා සහ හර්සගොවිනාව හා අයිස්ලන්තය යන කණ්ඩායම් දෙක ම අවසන් මොහොතේ ලබා ගත් ගෝල්වලින් පරාජය කරමින්.

කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් තම මව්රටෙන් පිට ක්‍රීඩා කරමින් සිටියදීත්, රීබ්‍රෝගේ කණ්ඩායම උසස් තත්ත්වයකින් සම්පූර්ණ වී තිබෙන්නේ ස්පාඤ්ඤයේ වෙලෙන්සියා සමාජයට ක්‍රීඩා කරන Roman Yaremchuk, ෂුරෝනා ක්‍රීඩා සමාජයේ Artem Dovbyk සහ බ්‍රිතාන්‍යයේ ක්‍රීඩා කරන Vitaliy Mykolenko, IIIya Zabarnyi, Oleksandr Zinchenko සහ Mykhailo Mudryk යන ක්‍රීඩකයන් නිසා.


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - මිහයිලො මුඩ්රික් (Mykhailo Mudryk)

Mykhailo Mudryk
එංගලන්තයේ ‘චෙල්සී’ වෘත්තීය ක්‍රීඩා සමාජයේ තරුවක් වන මේ ක්‍රීඩකයා ‘ෂක්ටා ඩෝනෙට්ස්ක්’ නමැති යුක්රේන් වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජයේ සිට පවුම් මිලියන 62ක මූලික මුදලකට ‘චෙල්සි’ වෙත පැමිණීමෙන් පසුව ඔහු තුළ නිසැකයෙන් තිබෙන ක්‍රීඩා තත්ත්වය ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන තිබෙනවා.

මේ ක්‍රීඩා වාරය තුළ දැන් ගෝල් හයක් ලබා ගෙන සිටින මේ ඉදිරි පෙළ ක්‍රීඩකයා ඔහුගේ රට වෙනුවෙන් ‘වශීකරණය’ බවට දිගටම පත්ව සිටින අතර  Euro 2024 තරගාවලියේ ස්ථානයක් තහවුරු කර ගැනීම පිණිස මෑතකදී ඔහු අයිස්ලන්තය ට එරෙහිව ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට සමත් වුනා.


කළමනාකරු - සේහී රීබ්‍රෝ (Serhiy Rebrov)

Serhiy Rebrov

හිටපු ප්‍රිමිය ලීග් ආක්‍රමණික ක්‍රීඩක රීබ්‍රෝ පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී යුක්රේන් කණ්ඩායම බාර ගැනීමෙන් පසුව නිර්මාණාත්මක බලපෑමක් ඇති කරව ගෙන සිටිනවා.

මෙවර ‘යුරෝ’ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව තිබෙන ඔහුගේ තරග 10කින් ජයග්‍රහණ 6ක් හා පරාජ 1ක වාර්තාවෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ සේහී රීබ්‍රෝ සිත් බඳනාසුලු කණ්ඩායමක් ගොඩනගමින් සිටින බව.

 

 *ස්ලොවේකියාව

Slovakia FB team 2024

මෑත කාලයේ ප්‍රධාන තරගාවලියන්හි තවත් නිත්‍ය කණ්ඩායමක් බවට පත්ව සිටින ස්ලොවේකියාව මාන බලනු ඇත්තේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සිය තරග දහයෙන් හතක් දිනා ගෙන පෘතුගාලය ට පමණක් දෙවතාවක් පරාජය වූ ඔවුන්ගේ චමත්කාරජනක මෙහෙයුම මත ගොඩනැගීමට.

පාපන්දුව අතින් ස්ලොවේකියාව ප්‍රසිද්ධ වී සිටින්නේ ‘නපලී’ නමැති ඉතාලි වෘත්තීය පාපන්දු සමාජයේ ප්‍රතිමූර්තියක් වන Marek Hamsik නිසා. මීට අමතරව ෆ්‍රන්චෙස්කෝ කල්සෝනාගේ කණ්ඩායම ප්‍රංශයේ PSG කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩක Milan Skriniar, නපලී ක්‍රීඩක Stanislav Lobotka සහ එංගලන්තයේ නිව්කාසල් සමාජ කණ්ඩායමේ ගෝල්රකින්නා වන Martin Dubravka වැනි පළපුරුදු හා උසස් මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් සන්නද්ධව සිටිනවා.

අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - මිලාන් ස්ක්‍රීනිආර් (Milan Skriniar)

Milan Skriniar

යුරෝපීය පාපන්දුවේ ස්ලොවේකියානු තරු අතරේ මේ ක්‍රීඩකයා ලොකුම නාමයක් බවට සැකයක් නැහැ. ඉතාලියේ ‘ඉන්ට මිලාන්’ කණ්ඩායම සමග ඉතාමත් සාර්ථක මෙහෙයුම් හයකින් පසුව මොහු පැරිසියේදී ශක්තිමත් මංගල ක්‍රීඩා වාරයකින් විනෝදයක් ලැබ තිබෙනවා.

නායකයා වශයෙන් 29 හැවිරිදි ස්ක්‍රීනිආර් පෙරමුණේ සිට ස්ලොවේකියාව මෙහෙයවනු ඇත්තේ රට වෙනුවෙන් ක්‍රීඩා කළ තමාගේ තරග 66 ට තවත් තරග වැලක් එක් කර ගැනීමේ අදහසින් යුතුව.


කළමනාකරු - ෆ්‍රන්චෙස්කෝ කල්සෝනා (Francesco Calzona)

Francesco Calzona

අගේ ඇති පසුබිම් කතාවක් තිබෙන කළමනාකරුවකු වශයෙන්, කල්සෝනා මුලින් ම රැකියාව කළේ කෝපි ගනුදෙනු කරන්නෙකු ලෙස. ඒ, Maurizio Sarriගේ සහාය පුහුණුකරු ලෙස සේවය කිරීමට පෙර. මේ ඉතාලි ජාතිකයා පාපන්දු ක්‍රීඩාවේ නමක් හදා ගත්තේ එලෙස සේවය කළ කාලයේ.

කල්සෝනා 2022 වසරේදී ස්ලොවේකියාව සමග එක්වීම පිණිස පිටව යාමට පෙර ඔහු නපලී ක්‍රීඩා සමාජයේ Spallettiගේ කාර්ය මණ්ඩලයේ ද සාමාජිකයෙකුව සිටියා.

එහෙත් නපලී කණ්ඩායමේ විනාශකාරී මෙහෙයුම හා කළින් එම කණ්ඩායමට ඔහුගෙන් ලැබී තිබුනු ප්‍රබල බලපෑම හේතුවෙන් එම ක්‍රීඩා සමාජය පසුගිය පෙබරවාරියේදී කල්සෝනා ඔවුන්ගේ අන්තර් පුහුණුකරු ලෙස නැවත කැඳවූයේ ඒ අතරතුර ඔහු ස්ලොවේකියාව සමග වැඩ කටයුතු ද දිගටම කරගෙන යමින් සිටියදී.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


 


සබැඳි ලිපි :

EURO 2024: පෝලන්තය සහ ඔස්ට්‍රියාව (ඩී කොටස)

EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස)

EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)

EURO 2024: ස්ලොවේනියාව සහ ඩෙන්මාර්කය (සී කොටස)

EURO 2024: ඉතාලිය සහ ඇල්බේනියාව (බී කොටස)

EURO 2024: ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව (බී කොටස)

EURO 2024: හංගේරියාව සහ ස්විට්සලන්තය (ඒ කොටස)

EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)    
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...