The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

EURO 2024: පෘතුගාලය සහ චෙක් සමූහාණ්ඩුව (එෆ් කොටස)

T

The Leader Desk

April 18, 2024 • 5:05 PM

EURO 2024: පෘතුගාලය සහ චෙක් සමූහාණ්ඩුව (එෆ් කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •   මෙවර ‘යුරෝ’ ශූරතාවලියේ තවත් ජනප්‍රිය කණ්ඩායමක් වන පෘතුගාලය මෑතකදී ස්ලොවේනියාව හමුවේ ලත් විස්මිත 2-0ක පරාජයට පෙර රබර්ටෝ මාටීනස් යටතේ ක්‍රීඩා කළ සෑම තරගයක්ම ජය ගෙන තිබෙනවා.
  • හිටපු බෙල්ජියම් හා එංගලන්තයේ Everton කණ්ඩායමේ පුහුණුකරුවා පෘතුගාලය ආක්‍රමණික දක්ෂතාවෙන් සම්පූර්ණයෙන් සන්නද්ධ කිරීමට සමත්ව සිටින්නේ ඔහුගේ කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග 10න් විශිෂ්ට ගෝල් 36ක් වාර්තා කරමින්.
  • ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ අතිශය පලදායී වාර්තාව එලෙස තිබියදී, බනාඩෝ සිල්වාගේ කුසලතාව සහ තැන්පත්කමෙන් හැඟී යන්නේ ඔහු මනා ශරීර සෞඛ්‍ය මට්ටමින් හා සූදානමින් සිටීම මාටීනස් ට අත්‍යවශ්‍ය බව.
  • 29 හැවිරිදි මේ ‘මැන්චෙස්ට සිටි’ ක්‍රීඩකයා රට වෙනුවෙන් තරග 88කට ක්‍රීඩා කර කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින අතර පෘතුගාල කණ්ඩායමේ තිබෙන ආක්‍රමණික තත්ත්වය එකට තබා ගත හැකි එකම ක්‍රීඩකයා වන්නේ බනාඩෝ සිල්වා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙවර ‘යුරෝ’ ශූරතාවලියේ තවත් ජනප්‍රිය කණ්ඩායමක් වන පෘතුගාලය මෑතකදී ස්ලොවේනියාව හමුවේ ලත් විස්මිත 2-0ක පරාජයට පෙර රබර්ටෝ මාටීනස් යටතේ ක්‍රීඩා කළ සෑම තරගයක්ම ජය ගෙන තිබෙනවා.


හිටපු බෙල්ජියම් හා එංගලන්තයේ Everton කණ්ඩායමේ පුහුණුකරුවා පෘතුගාලය ආක්‍රමණික දක්ෂතාවෙන් සම්පූර්ණයෙන් සන්නද්ධ කිරීමට සමත්ව සිටින්නේ ඔහුගේ කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග 10න් විශිෂ්ට ගෝල් 36ක් වාර්තා කරමින්.


ප්‍රංශය සහ එංගලන්ත කණ්ඩායම් මෙන්, ජර්මන් තරගාවලියේදී පෘතුගාලයේ ද යෝධ බලැති ගමන නතර කිරීමට නම් විශේෂ යමක් කළ යුතුව තිබෙනවා.


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - බනාඩෝ සිල්වා (Bernardo Silva)

Bernardo Silva cristiano
 
පෘතුගාල පාපන්දු සංචිතයේ බලන බලන අත දිස්වන්නේ උසස් තත්ත්වයක්. ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ අතිශය පලදායී වාර්තාව එලෙස තිබියදී, බනාඩෝ සිල්වාගේ කුසලතාව සහ තැන්පත්කමෙන් හැඟී යන්නේ ඔහු මනා ශරීර සෞඛ්‍ය මට්ටමින් හා සූදානමින් සිටීම මාටීනස් ට අත්‍යවශ්‍ය බව.

29 හැවිරිදි මේ ‘මැන්චෙස්ට සිටි’ ක්‍රීඩකයා රට වෙනුවෙන් තරග 88කට ක්‍රීඩා කර කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින අතර පෘතුගාල කණ්ඩායමේ තිබෙන ආක්‍රමණික තත්ත්වය එකට තබා ගත හැකි එකම ක්‍රීඩකයා වන්නේ බනාඩෝ සිල්වා.
 

කළමනාකරු - රබර්ටෝ මාටීනස් (Roberto Martinez)  
 
Roberto Martinez 
එංගලන්තයේදී කළ නිර්භය ක්‍රියාවන් නිසා ජනප්‍රියව සිටින මාටීනස්, මොරොක්කෝව හමුවේ දුර්වල ලෝක කුසලාන ක්‍රීඩාවකින් පෘතුගාලය තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසුව එම කණ්ඩායමට නව ජීවයක් ගෙන දීමට සමත්ව තිබෙනවා.

මීට පෙර වසර හයක් බෙල්ජියමේ පුහුණුකරු ලෙස සිටි මොහු කළින් ප්‍රධාන තරගාවලියන් තුනක තමන්ගේ අත්දැකීම් පෘතුගාලයේ යහපතට යොදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවනවා.


චෙක් සමූහාණ්ඩුව
 
 
සුදුසුකම් ලැබීමේ ශක්තිමත් මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් චෙක් සමූහාණ්ඩුව පිට පිට ඔවුන්ගේ අට වැනි ‘යුරෝ’ තරගාවලියට පිවිස සිටින්නේ ඔවුන්ට සමහරවිට හිමිවිය යුතු අවධානය සැමවිටම නොලැබෙමින් තිබියදී.


ඔවුන් පසුගිය තරග 10දී එක් පරාජයක් පමණක් ලැබීමෙන් පෙන්නුම් කරන්නේ අයිවන් හෑසෙට්ගේ කණ්ඩායම නොසලකා හැරිය යුතු එකක් නොවන බව.


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - පත්‍රික් ෂික් (Patrick Schick)
Patrick Schick
 
‘යුරෝ 2020’ තරගාවලියේ ස්කොට්ලන්තය ට එරෙහිව පිටියේ මැද රේඛාවේ සිට ගෝලයක් ලබා ගැනීමෙන් ජනප්‍රියව සිටින පත්‍රික් ෂික් නැවත වතාවක් කණ්ඩායම ප්‍රාණවත් කිරීමේ සූදානමින් සිටිනවා.

ආබාධ ප්‍රශ්න යටපත් කිරීමට මෑත මාසවලදී සමත්ව සිටින ෂික් එම තරගාවලියේ වැඩිම ගෝල්ලාභියා බවට පත්වුනා. ජර්මනියේ Bayer Leverkusen වෘත්තීය පාපන්දු සමාජය වෙනුවෙන් තරග 110කදී ගෝල් 51ක් සහ රට වෙනුවෙන් තරග 37කදී ගෝල් 18ක් ලබා ගෙන සිටින මේ ආක්‍රමණික ක්‍රීඩකයා එළඹෙන ගිම්හානයේ ජර්මනියේදී චෙක් සමූහාණ්ඩුව ඔවුන්ගේ බලය තහවුරු කිරීමේ තීරණාත්මක ක්‍රීඩකයා බවට පත්වීමට ඉඩ තිබෙනවා.


කළමනාකරු - අයිවන් හෑසෙට් (Ivan Hasek)
 
Ivan Hasek 
පළපුරුදු 60 හැවිරිදි පුද්ගලයකු වන හෑසෙට් ලෝකය පුරාම කළමනාකරුවකු ලෙස කටයුතු කර තිබෙන අතර මොහුගේ වසර 25ක කළමනාකාරිත්ව දිවිය ඔහුව යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගෙන ගොස් තිබෙනවා. 
 
පුහුණුකරුවකු ලෙස ඔහුගේ මීට පෙර පළපුරුද්ද වූ Gabon මධ්‍යම අප්‍රිකානු රට, ලෙබනනය හා 2009 වසරේදී චෙක් සමූහාණ්ඩුව බාරව තරග පහ ඔහුගේ හොඳ කියන වකවානුවක් විය යුතුයි. චෙක් සමූහාණ්ඩු ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ජනවාරියේදී අයිවන් හෑසෙට් ගෙන්වා ගත්තේ තරගාවලිය සඳහා  කණ්ඩායමට සුදුසුකම් ලබා දී Jaroslav Silhavy ඉල්ලා අස්වූ අවස්ථාවේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


EURO 2024: බෙල්ජියම සහ රොමේනියාව (ඊ කොටස)


EURO 2024: යුක්රේනය සහ ස්ලොවේකියාව (ඊ කොටස)

EURO 2024: පෝලන්තය සහ ඔස්ට්‍රියාව (ඩී කොටස)

EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස)

EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)

EURO 2024: ස්ලොවේනියාව සහ ඩෙන්මාර්කය (සී කොටස)

EURO 2024: ඉතාලිය සහ ඇල්බේනියාව (බී කොටස)

EURO 2024: ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව (බී කොටස)

EURO 2024: හංගේරියාව සහ ස්විට්සලන්තය (ඒ කොටස)

EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)    

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...